ලිට්‍රො ගෑස් සමාගම විසින් 1311 හදිසි දුරකථන අංකය පාරිභෝගික ජනතාව වෙත හඳුන්වා දී තිබේ. ඒ ගෘහස්ථ ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් හදිසි අවස්ථාවකදී ඇමතුම් ලබාගැනීමටයි.
අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් වයස අවුරුදු 16ක පිරිමි ළමයෙකු සහ 14 හැවිරිදි සහ 17 හැවිරිදි ගැහැණු ළමුන් දෙදෙනෙක් මියගොස් තිබේ. වෙඩි තැබීමෙන් තවත් පාසල් සිසුන් ඇතුළු ගුරුවරුන් 08 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනෙකු සැත්කමක් සඳහා යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කලා. 15 හැවිරිදි සිසුවෙකු විසින් අර්ධ ස්වයංක්‍රිය […]
අද (01) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. උදෑසන කාලයේදී මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.මෙම කාලගුණය නිසා සිදුවන […]
ඊයේ (30) දිනයේ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළා.මෙය අද (01) සිට 15 වනදා දක්වා ක්‍රියාත්මක වන මාර්ගෝපදේශ මාලාවකි. ඒ අනුව සිනමාශාලා සඳහා ආසන පහසුකම් අනුව සීයයට 75ක පිරිසකට ඇතුල්වීම අවසර හිමිව ඇති අතර ක්‍රීඩා තරඟ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවසර ලබාදී නොමැත. විවාහ මංගල්‍ය සඳහා උත්සව ශාලාවල ඉඩ ප්‍රමාණයෙන් 1/3ක ප්‍රමාණයක් හෝ […]
මෑතක සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන ගෘහස්ථ ගෑස් අනතුරු පිළිබඳ සොයාබලා එයට විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත්කර තිබේ. ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් (LPG) සිලින්ඩර් ආශ්‍රිත ගිනිගැනීම්, පුපුරායාම් හා ඒ සඳහා හේතු සාධක සොයාබලා අදාළ විසඳුම් ඉදිරිපත් කරන ලෙසය. දැනට ඇති අධ්‍යනයන් හා විවිධ […]
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන්සි යලුම විදේශිකයින්ට අද(30) සිට ජපානයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කරන බව එරට අගමැති නිවේදනය කර තිබේ.
ට්විටර් සම නිර්මාතෘ ජැක් ඩොර්සි එම සමාගමේ ප්‍රධාන විධායක තනතුරෙන් අස්වීමට තීරණය කර ඇති අතර එම සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරියා ලෙස කටයුතු කරන පරාග් අග්‍රවාල් හිස් වන තනතුර සඳහා දැනට පත්වීමට නියමිතය.2006 වසරේදී බිස් ස්ටෝන්, එවාන් විලියම්ස් සහ නොආ ග්ලාස් සමග එක්ව ට්විටර් සමාගම නිර්මාණය කළ 45 හැවිරිදි ජැක් ඩොර්සි, එම වසරේදීම නිර්මාණය කළ ට්විටර් […]
අද (28)මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
අද (28) උදෑසන මහනුවර – ගුරුදෙණිය මාර්ගයේ ඉලුක්මෝදර ප්‍රදේශයෙන් මහවැලි ගගට වැටුණු මෝටර් රථය මේ වන විට සොයාගෙන ඇත. එම මෝටර් රථයේ සිටි පුද්ගලයාගේ සිරුර ද සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.මියගොස් ඇත්තේ ගුරුදෙනිය, මාළිගාතැන්න ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි. අනතුරෙන් දිවි බේරාගත් පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට මහනුවර මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදයේ අවදානම හ්හේතුවෙන් ලබන අඟහරුවාදා (30) සිට එංගලන්තය තුළ මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබේ.පොදු ප්‍රවාහනය භාවිත කිරීමේදී, වෙළෙඳසැල් ඇතුළු පොදු ස්ථානවලට පිවිසීමේදී මුඛ ආවරණ පැළඳීම අනිවාර්යය බව එරට සෞඛ්‍ය ලේකම් ප්‍රකාශ කර ඇත.එමෙන්ම විදෙස්ගතව සිට බ්‍රිතාන්‍යයට පැමිණෙන සියලු පුද්ගලයින් සඳහා පි.සී.ආර් පරීක්ෂණ අනිවාර්ය කර තිබේ. කෙසේවෙතත් ගතවු දිනයේ දී […]
