Home > Articles posted by Admin (Page 251)
FEATURE
on Dec 8, 2021
313 views 0 secs

කඩිනමින් බාධාවකින් තොරව අඛණ්ඩව විදුලිය ලබාදීමට බලධාරීන් කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි. කොත්මලේ සිට බියගම ග්‍රිඩ් උපපොළ දක්වා සම්ප්‍රේෂණ කේබල් අක්‍රිය වීම නිසා දීපව්‍යාප්ත විදුලිය ඇනහිටීමක් සිදුවූයේද, එය කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණයක් පවත්වන බවද ඇමැතිවරයා කීය. පසුගිය දිනවල සිදුවූ විදුලිය බිඳවැටීම් පිළිබඳව අදහස් […]

FEATURE
on Dec 8, 2021
350 views 0 secs

සමගි ජන බලවේගයේ සමාජිකයින් පාර්ලිමේන්තු සැසිවාරය සඳහා අද (08) සිට සහභාගී වන බව මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා. ඒ අනුව කතානායකවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන තිබෙනවා.

FEATURE
on Dec 7, 2021
391 views 0 secs

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු සභාපති, වයඹ පළාත් අණ්ඩුකාර අධි නීතීඥ රාජා කොල්ලුරේ මහතා කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ. පවුලේ ඥාතීන් සඳහන් කළේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (06) රාත්‍රි ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවයි ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලනයට පිවිසි රාජා කොල්ලුරේ මහතා 2000 වසරේ […]

FEATURE
on Dec 7, 2021
322 views 0 secs

ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් තුනක් ඇතුළුව පදක්කම් 11 ක් දිනා ගෙන තිබෙනවා.මෙම ක්‍රීඩා උළෙල බහරේනයේදී පැවැත්වෙනවා. පළමු දින තුන අවසානයේ පිහිණුම් ඉසව්වලින්, පදක්කම් 4 ක් සහ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් පදක්කම් 7 දිනාගෙන තිබෙනවා.

FEATURE
on Dec 7, 2021
339 views 0 secs

පාකිස්තානයේ සියල්කොට් නගරයේ ප්‍රියන්ත කුමාර දියවඩන ඝාතනයට අදාළ ප්‍රධානතම සැකකරුවෙක් වු ඉමිටියාස් අලියා බිල්ලි අත්අඩංගුවට ගෙන තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රියන්ත කුමාර දියවඩනට පහර දී ඝාතනය කර ඔහුගේ සිරුර පිළිස්සීමේ සිද්ධියට මොහු මූලික වශයෙන් සම්බන්ධ වී ඇති බවයි අනාවරණ වී ඇති බවයි

FEATURE
on Dec 7, 2021
351 views 0 secs

සතොස හරහා උත්සව සමයේදී සහනදායී ලෙස ජනතාවට සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව සතොස වෙළෙඳසැළක් නොමැති ස්ථානවල ජනතාවට 1998 දුරකථන අංකය හරහා තමන්ගේ නිවසටම භාණ්ඩ ගෙන්වා ගැනීමට හැකියාව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

FEATURE
on Dec 6, 2021
310 views 0 secs

පාකිස්තානයේ දී සාහසික ලෙස ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ අවශේෂ මීට සුළු වේලාවකට පෙර මෙරටට රැගෙන විත් ඇති බව වාර්තා වේ.

FEATURE
on Dec 6, 2021
305 views 0 secs

ලිට්‍රො ගෑස් සමාගම පාරිභෝගික කටයුතු අධිකාරියේ මාර්ගෝපදේශයන්ට යටත්ව වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.ඒ අනුව නව සිලින්ඩර තොග සුදු පැහැති පසුබිමක රතු වර්ණයෙන් යුත් ලිට්‍රො ගෑස් සමාගමේ ලාංඡනය සහිත පොලිතීන් මුද්‍රාවකින් යුක්තය.

FEATURE
on Dec 5, 2021
338 views 0 secs

පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය හෙට (06) පෙරවරු 10ට ශ්‍රී ලංකාවට එවීමට නියමිතව පන්ජාබ් රජයේ ප්‍රකාශකයෙකු පැවසීය. එම දේහය ලාහෝර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බවයි වාර්තා වන්නේ..

FEATURE
on Dec 5, 2021
360 views 0 secs

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ පිහිටි සෙමෙරූ ගිනි කන්ද විදාරණය වී එක් අයෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ. ගිනි කන්ද පිපිරීම හේතුවෙන් පිට වූ අළු සහ දූවිලි මගින් දූපතම අඳුරු ස්වාභාවයක් ගෙන ඇති බව වාර්තා වේ.ගිනි කන්ද ආසන්නයේ පිහිටි නිවාසවල සිරවී සිටි පුද්ගලයින් 10 දෙනෙකු හෙලිකොප්ටර් යනා මගින් මුදාගෙන ඇති අතර එම දූපතට ඇද හැලෙන […]