ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පුද්ගලික ට්විටර් ගිණුමට කිසියම් පුද්ගලයෙකු අනවසරයෙන් ඇතුළු වී ඇති බව වාර්තා වේඅ.. අද (12) අලුයම එම ගිණුම හරහා ක්‍රිප්ටො කරන්සි නැමැති මුදල් ඒකකය පිළිබඳ පණිවිඩයක් මුදා හැර ඇත. මේ වන විට ගිණුම යථා තත්ත්වයට පත්කර ආරක්ෂාව තහවුරු කර ඇත. නරේන්ද්‍ර මෝදි මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ගිණුම […]
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්වාභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ ඉදිරි මාස හතර අවසන් වන විට මෙරට තුළ විශාල ආහාර අර්බුධයක් හටගන්නා බව ප්‍රකාශ කර සිටියා. කාබනික දියර පොහොර සියලුම බෝග සඳහා එකවර යෙදීමේ තීරණය තුළින් සෑම බෝගයකම වර්ධනය අඩාලවී ලැබෙන අස්වැන්න අඩු විය හැකි බවයි ඇය ප්‍රකාශ කලේ. මෙය බෝග කිහිපයකට භාවිතා කර එහි ප්‍රතිඵල […]
අද (12) දිනයෙත් ඇතැම් ප්‍රදේශවල සවස 6.00ත් රාත්‍රී 9.30ත් අතර කාලය තුළ විදුලි සැපයුම මිනිත්තු 30ක කාලයක් කපා හැරීමට සිදුවිය හැකිය බව විදුලිබල අමාත්‍යංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ නොරොච්චෝලේ, විදුලි බලාගාරයේ දෙවනි විදුලි ජනන යන්ත්‍රයේ කාර්මික දෝෂයක් හේතුවෙන් නැවත පද්ධතියෙන් ඉවත් කර ගැනීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි.
අඹතලේ සිට කොළඹට ජලය සැපයෙන ජල නලයක අලුත්වැඩියාවක් හේතුවෙන් අද(11) මධ්‍යම රාත්‍රි 12 සිට හෙට (12) පස්වරු 6.00 දක්වා පැය 18 ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.ඒ අනුව කොළඹ 12, 13, 14 , සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
නාවික හමුදා විසින්, මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් විදේශිය ධීවර යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මත්ද්‍රව්‍ය තොගය උර 9ක් තුළ පැකට් 225ක් ලෙස අසුරා තිබී ඇති අතර එහි බර කිලෝග්‍රෑම් 250ක් පමණ වෙතැයි නාවික හමුදාව සඳහන් කර සිටියා.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බවය. නැගෙනහිර සහ ඌව පළාත්වල සිහින් වැසි […]
සිංහල සිනමාවේ “බොක්ස් ඔෆිස් රජු” යන විරුධාවලියෙන් හඳුන්වන ශ්‍රී ලංකාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූ සුනිල් සෝම පීරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ 72 වන වියේ පසු වූ ඔහු විසින් චිත්‍රපට 54කට අධ්‍යක්ෂණයෙන් දායක වී ඇති අතර විටෙක නළුවෙකු, නිෂ්පාදකයෙකු හා තිර කතා රචකයෙක් ලෙස ද කටයුතු කර තිබේ. ජය පිට ජය, දිවුරා කියන්නම්, […]
අද පස්වරුවේ අයවැය 3 වන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනවා. ඡන්ද විමසීම සවස 5.00 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය අමාත්‍යාංශ දෙකේ වැය ශීර්ෂ අද දිනයේ විවාදයට ගැනීමට නියමිතයි.
අද (10) සිට කොළඹ නගරයේදී වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන් සඳහා ලබාදෙන බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම ඇරඹෙන බව කොළඹ මහනගර සභාව පවසනවා. බූස්ටර් එන්නත් මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.
අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඤාණරතන හිමියෝ පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙත ලිපියක් යොමුකර තිබේ.පාකිස්තානයේ දී සිදුවු ප්‍රියන්තගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ගත් කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව තමන් පැහැදෙන බවද මහනාහිමියෝ ප්‍රකාශ කළහ.මේ වන විට ගෙන ඇති කඩිනම් ක්‍රියාමාර්ග තුළින් වැරදිකරුවන් නීතිය යටතට ගෙන ඒම සඳහා යුක්තිය ඉටුවන බවට සහතිකයක් ලැබෙන බව ඔහු සඳහන් කළේය.
