Home > Articles posted by Admin (Page 249)
FEATURE
on Dec 13, 2021
309 views 0 secs

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා අද (13) උදෑසන සිංගප්පූරුව බලා පිටත් වූ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.

FEATURE
on Dec 13, 2021
314 views 0 secs

තැපැල් වෘත්තීය සමිති 23ක් ගැටලු කිහිපයක් මුල්කරගනිමින් අද සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. එය අද පස්වරු 04.00 සිට හෙට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

FEATURE
on Dec 12, 2021
301 views 0 secs

නත්තල බාල්දු නොකරන්නැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සංචාරක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළහ. ඒ ගනේමුල්ල,‍ බොල්ලත ප්‍රදේශයේ දේවස්ථානයක අද (12) උදෑසන පැවති දේව මෙහෙයකට එක් වූ අවස්ථාවෙයි. ඒ පිළිබඳ තවදුරටත් අදහස් දැක් වූ කදිනල් හිමි..“නත්තල් දවසට මත්පැන් විකුණන්න සංචාරක අමාත්‍යාංශයේ අනුමත හෝටල්වලට අවසර දෙන්න කියලා ඉල්ලලා. හොඳයි නේද?. නත්තලට බීලා බීලා මැරෙන්න. මේකද ආසියාවේ ආශ්චර්ය. මේකද […]

FEATURE
on Dec 12, 2021
276 views 0 secs

වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ලබාදීමට මේ වනවිට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ඒ අනුව පළවන සහ දෙවන මාත්‍රා ලබාගෙන මාස 3 ඉක්මවූ වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත තමන්ට ළඟම සහ පහසු ඕනෑම ස්ථානයකින් ලබාගත හැකියි..

FEATURE
on Dec 12, 2021
312 views 2 secs

ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික මෙරට තවමත් මැණික් ගවේෂණ සිදුකරගෙන යන ස්ථානයකින් හමු වී ඇති බව වාර්තා වේ. එහි බර බර කිලෝග්‍රෑම් 310කට ආසන්න වන අතර මෙය ආසියාවේ රැජින (QUEEN OF ASIA) ලෙස නම් කර ඇත. මේ වන විට ලොව විශාලතම තනි කොරොන්දම (Blue Sapphire) මෙය වෙයි. රත්නපුරය බටුගෙදර ප්‍රදේශයෙන් හමුවී ඇති මෙම මැණික […]

FEATURE
on Dec 12, 2021
310 views 0 secs

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පුද්ගලික ට්විටර් ගිණුමට කිසියම් පුද්ගලයෙකු අනවසරයෙන් ඇතුළු වී ඇති බව වාර්තා වේඅ.. අද (12) අලුයම එම ගිණුම හරහා ක්‍රිප්ටො කරන්සි නැමැති මුදල් ඒකකය පිළිබඳ පණිවිඩයක් මුදා හැර ඇත. මේ වන විට ගිණුම යථා තත්ත්වයට පත්කර ආරක්ෂාව තහවුරු කර ඇත. නරේන්ද්‍ර මෝදි මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ගිණුම […]

FEATURE
on Dec 12, 2021
389 views 0 secs

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්වාභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ ඉදිරි මාස හතර අවසන් වන විට මෙරට තුළ විශාල ආහාර අර්බුධයක් හටගන්නා බව ප්‍රකාශ කර සිටියා. කාබනික දියර පොහොර සියලුම බෝග සඳහා එකවර යෙදීමේ තීරණය තුළින් සෑම බෝගයකම වර්ධනය අඩාලවී ලැබෙන අස්වැන්න අඩු විය හැකි බවයි ඇය ප්‍රකාශ කලේ. මෙය බෝග කිහිපයකට භාවිතා කර එහි ප්‍රතිඵල […]

FEATURE
on Dec 12, 2021
294 views 0 secs

අද (12) දිනයෙත් ඇතැම් ප්‍රදේශවල සවස 6.00ත් රාත්‍රී 9.30ත් අතර කාලය තුළ විදුලි සැපයුම මිනිත්තු 30ක කාලයක් කපා හැරීමට සිදුවිය හැකිය බව විදුලිබල අමාත්‍යංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ නොරොච්චෝලේ, විදුලි බලාගාරයේ දෙවනි විදුලි ජනන යන්ත්‍රයේ කාර්මික දෝෂයක් හේතුවෙන් නැවත පද්ධතියෙන් ඉවත් කර ගැනීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි.

FEATURE
on Dec 11, 2021
289 views 0 secs

අඹතලේ සිට කොළඹට ජලය සැපයෙන ජල නලයක අලුත්වැඩියාවක් හේතුවෙන් අද(11) මධ්‍යම රාත්‍රි 12 සිට හෙට (12) පස්වරු 6.00 දක්වා පැය 18 ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.ඒ අනුව කොළඹ 12, 13, 14 , සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

FEATURE
on Dec 11, 2021
328 views 0 secs

නාවික හමුදා විසින්, මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් විදේශිය ධීවර යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මත්ද්‍රව්‍ය තොගය උර 9ක් තුළ පැකට් 225ක් ලෙස අසුරා තිබී ඇති අතර එහි බර කිලෝග්‍රෑම් 250ක් පමණ වෙතැයි නාවික හමුදාව සඳහන් කර සිටියා.