2022 වසරේ පාසල් ආරම්භය හා විභාග පැවැත්වෙන ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙසේ කරුණු පැහැදිලි කළා. 2021 දෙසැම්බර් මස 23 වනදා පාසල් වාරය අවසන් වන අතර යළිත් ජනවාර් 3 වනදා ආරම්භ වේ. අමාත්‍යවරයා සඳහන් කළේ මේ අවුරුද්දට නියමිත පාසල් වර්ෂය අප්‍රේල් මාසයෙන් අවසන් වන බවයි .ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ජනවාරි මාසයේ තුන්වෙනි […]
අද (19) දිනයේ හඳුනාගෙන ඇති දෛනික ආසාදිතයින් ගණන 551ක් වන අතර මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 579,685ක් දක්වා ඉහළගොස් තිබේ.
හෙට (20) උදෑසන 8 සිට දිස්ත්‍රික්ක කිහිපයක රෝහල්වල එක්දින වැඩවර්ජනයක් දියත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සැලසුම්කර තිබේ.පොළොන්නරුව, නුවරඑළිය, මන්නාරම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පිහිටි රෝහල් කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන අතර මෙම එක්දින වර්ජනය හේතුවෙන් කොවිඩ් ප්‍රතිකාර කටයුතුවලටද බාධා එල්ලවිය හැකි බවට එම සංගමය අනතුරු අඟවයි.
ඊයේ (18) උදෑසන අළුත්ගම දුම්රිය ස්ථානය අසලදී ගාල්ල සිට ගල්කිස්ස දක්වා ධාවනය වු දුම්රියක ගැටුණු අවුරුදු 9ක් වයසැති දරුවෙකු මියගොස් තිබේ. ඇය කෙලින් වීදිය, දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙක් බවයි වාර්තා වන්නේ.. මේ වන විට මෘත ශරීරය කළුතර, නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. අළුත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
පාකිස්තානයේ කරිච්චි නුවර බැංකු ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තිබේ ඇති බව වාර්තා වේ. මෙම පිපිරීම අපද්‍රව්‍ය කාණුවක ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවන්නට ඇති බවට සැක කෙරේ.සිද්ධියෙන් ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවූ පුද්ගලයන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර පිපිරීමෙන් මියගිය සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව පාකිස්තානු බළධාරීන් පවසයි.
අද (15) ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් විසින් වෙළෙඳපොළට මුදාහැර තිබෙන ගෑස් සිලින්ඩර ආපසු කැඳවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම යළි කැඳවීමට නියමිතයි. ඊයේ (14) මෙම කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය ලිට්‍රෝ ගෑස් සමාගමට ගෑස් සිලින්ඩරයක අඩංගු සංයුතිය සහ එය සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරීමට ඇති හැකියාව පිළිබඳව දැනුම්දීමට අද දක්වා කාලය […]
දිවයිනට පැමිණි ගෑස් නෞකාවෙන් ලබාගත් ගෑස් සාම්පල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියමිත ප්‍රමිතියට අනුකූල නොවන බව අනාවරණය වී තිබෙනවා. එම නිසා ලිට්‍රෝ ගෑස් තොගය ගොඩබෑමට අවසර නොදෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නියෝග කර තිබෙනවා .
එක්සත් රාජධානියෙන් ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වීම හේතුවෙන් සිදුවූ පළමු මරණය වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන 2022 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික කණ්ඩායම් සඳහා ‘උපදේශක පුහුණුකරු’ ලෙස පත් කර ඇත.වසරක කාලයක් සඳහා බලපැවැත්වෙන ඔහුගේ නව භූමිකාව තුළ ජාතික කණ්ඩායම්වල සමස්ත ක්‍රිකට් අංගය භාරව කටයුතු කරන ජයවර්ධන, ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ ක්‍රීඩකයින්ට සහ කළමනාකරණ කණ්ඩායම් සඳහා අගනා උපාය මාර්ගික සහයක් ලබා දෙනු […]
දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. මේ වන විට ඔහු හි ස්වයං-නිරෝධායනට යොමුවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජනාධිපතිවරයා සුවය ලබන තෙක් රටේ පාලන කටයුතු නියෝජ්‍ය ජනාධිපති ඩේවිඩ් මබුසා ට පවරා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එමෙන්ම පසුගිය සතිය තුළ ජනාධිපතිවරයා සමඟ සමීප සම්බන්ධතා […]
