අද (15) ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් විසින් වෙළෙඳපොළට මුදාහැර තිබෙන ගෑස් සිලින්ඩර ආපසු කැඳවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම යළි කැඳවීමට නියමිතයි. ඊයේ (14) මෙම කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය ලිට්‍රෝ ගෑස් සමාගමට ගෑස් සිලින්ඩරයක අඩංගු සංයුතිය සහ එය සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරීමට ඇති හැකියාව පිළිබඳව දැනුම්දීමට අද දක්වා කාලය […]
දිවයිනට පැමිණි ගෑස් නෞකාවෙන් ලබාගත් ගෑස් සාම්පල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියමිත ප්‍රමිතියට අනුකූල නොවන බව අනාවරණය වී තිබෙනවා. එම නිසා ලිට්‍රෝ ගෑස් තොගය ගොඩබෑමට අවසර නොදෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නියෝග කර තිබෙනවා .
එක්සත් රාජධානියෙන් ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වීම හේතුවෙන් සිදුවූ පළමු මරණය වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන 2022 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික කණ්ඩායම් සඳහා ‘උපදේශක පුහුණුකරු’ ලෙස පත් කර ඇත.වසරක කාලයක් සඳහා බලපැවැත්වෙන ඔහුගේ නව භූමිකාව තුළ ජාතික කණ්ඩායම්වල සමස්ත ක්‍රිකට් අංගය භාරව කටයුතු කරන ජයවර්ධන, ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ ක්‍රීඩකයින්ට සහ කළමනාකරණ කණ්ඩායම් සඳහා අගනා උපාය මාර්ගික සහයක් ලබා දෙනු […]
දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. මේ වන විට ඔහු හි ස්වයං-නිරෝධායනට යොමුවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජනාධිපතිවරයා සුවය ලබන තෙක් රටේ පාලන කටයුතු නියෝජ්‍ය ජනාධිපති ඩේවිඩ් මබුසා ට පවරා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එමෙන්ම පසුගිය සතිය තුළ ජනාධිපතිවරයා සමඟ සමීප සම්බන්ධතා […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා අද (13) උදෑසන සිංගප්පූරුව බලා පිටත් වූ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.
තැපැල් වෘත්තීය සමිති 23ක් ගැටලු කිහිපයක් මුල්කරගනිමින් අද සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. එය අද පස්වරු 04.00 සිට හෙට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
නත්තල බාල්දු නොකරන්නැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සංචාරක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළහ. ඒ ගනේමුල්ල, බොල්ලත ප්‍රදේශයේ දේවස්ථානයක අද (12) උදෑසන පැවති දේව මෙහෙයකට එක් වූ අවස්ථාවෙයි. ඒ පිළිබඳ තවදුරටත් අදහස් දැක් වූ කදිනල් හිමි..“නත්තල් දවසට මත්පැන් විකුණන්න සංචාරක අමාත්‍යාංශයේ අනුමත හෝටල්වලට අවසර දෙන්න කියලා ඉල්ලලා. හොඳයි නේද?. නත්තලට බීලා බීලා මැරෙන්න. මේකද ආසියාවේ ආශ්චර්ය. මේකද […]
වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ලබාදීමට මේ වනවිට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ඒ අනුව පළවන සහ දෙවන මාත්‍රා ලබාගෙන මාස 3 ඉක්මවූ වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත තමන්ට ළඟම සහ පහසු ඕනෑම ස්ථානයකින් ලබාගත හැකියි..
ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික මෙරට තවමත් මැණික් ගවේෂණ සිදුකරගෙන යන ස්ථානයකින් හමු වී ඇති බව වාර්තා වේ. එහි බර බර කිලෝග්‍රෑම් 310කට ආසන්න වන අතර මෙය ආසියාවේ රැජින (QUEEN OF ASIA) ලෙස නම් කර ඇත. මේ වන විට ලොව විශාලතම තනි කොරොන්දම (Blue Sapphire) මෙය වෙයි. රත්නපුරය බටුගෙදර ප්‍රදේශයෙන් හමුවී ඇති මෙම මැණික […]
