Home > Articles posted by Admin (Page 245)
FEATURE
on Jan 6, 2022
332 views 0 secs

පොළොන්නරුව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පවසන අන්දමට පොහොර ගැටලුව හේතුවෙන් ඉදිරියේදී සහල් කිලෝවක මිල රුපියල් 300 ක් දක්වා වුවද ඉහළ යා හැකිය.ලබන මාසයේ අවසන් වන විට රට තුළ සහල් හිඟයක් ඇති විය හැකි බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා සඳහන් කළේය. රජය වී කිලෝවක් සඳහා රුපියල් 75 ක් ලබාදෙන බවට […]

FEATURE
on Jan 6, 2022
313 views 0 secs

සෙනසුරාදා (08) පෙරවරු 8.00 සිට පැය 16ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ, දෙහිවල-ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහ නගර සභා බල ප්‍රදේශවලටත් මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව යන නගර නගර සභා බල ප්‍රදේශවලටත් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයටයි.

FEATURE
on Jan 5, 2022
323 views 0 secs

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහට එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයක නිරතවන අතරතුර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

FEATURE
on Jan 5, 2022
318 views 0 secs

හිටපු සෞඛ්‍ය අමාත්‍ය හා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොවිඩ් ආසාදනය වී ඇති අතර මේ වනවිට නිවෙස් ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ. ජනවාරි මස 1 වනදා සිට මන්ත්‍රීවරයා ආශ්‍රය කළ සියලුදෙනා මේ වන විට නිරෝධායනයට ලක්කර ඇත.

FEATURE
on Jan 5, 2022
329 views 0 secs

දකුණු පළාතේ හෙද, පරිපූරක, වෛද්‍ය, අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. මෙම වර්ජනයට කරාපිටිය ශික්ෂණ රෝහල, මාතර සහ හම්බන්තොට මහ රෝහල්, රේඛීය අමාත්‍යංශ පාලනය යටතේ ඇති ආයතන, දකුණු පළාතට අයත් මූලික රෝහල් 09 ක්, සියලු ප්‍රාද්ශීය රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 47 ක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, එක්ව සිටී. අද උදෑසන 7 […]

FEATURE
on Jan 5, 2022
315 views 1 sec

ඊයේ (04) පස්වරුවේ මීපේ -ඉංගිරිය මාර්ගයේ අංගම්පිටිය – උළුකැටිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් 50 හැවිරිදි වියෙහි පසුවූ පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. යතුරු පැදියක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටී සිදු වූ මෙම අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන පාදුක්ක පොලිසිය මඟින් ක්‍රියාත්මක කර තිබේ.

FEATURE
on Jan 4, 2022
338 views 0 secs

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළඹෙන සිම්බාබ්වේ සංචාරයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක රුමේෂ් රත්නායක පත් කර තිබේ.රුමේෂ් රත්නායක දැනට ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ වේග පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස සේවය කරයි.

FEATURE
on Jan 4, 2022
329 views 1 sec

මෙරටින් සොයාගත් ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික වන ආසියාවේ රැජින (QUEEN OF ASIA) ඩුබායි සමාගමක් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 100කට මිලදී ගැනීමට කැමැත්ත පළකර තිබෙනවා.මෙම නිල් මැණිකේ බර කිලෝග්‍රෑම් 310කට ආසන්නයි.

FEATURE
on Jan 4, 2022
331 views 0 secs

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු ඇප මත මුදාහැර තිබෙනවා. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අද ඔහු කඩුවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.

FEATURE
on Jan 3, 2022
348 views 0 secs

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බව වාර්තා වේ.කෙසේවෙතත් ඉන් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.