Home > Articles posted by Admin (Page 246)
FEATURE
on Dec 29, 2021
282 views 0 secs

ඊයේ (28) බලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡා සාර්ථකවීම හේතුවෙන් අද දිනයේ සිට දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.ඒ අනුව අද දිනයේ සිට සිය රාජකාරි සාමාන්‍ය පරිදි සිදුකරන බවයි දුම්රිය සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ.

FEATURE
on Dec 29, 2021
230 views 0 secs

අද (29) දිනයේ ඉන්ධන මිල ඉහළයාමත් සමඟ බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වෙත බස් ගාස්තු සංශෝධනයට අදාළ වාර්තාව ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.බස් සංගම් සඳහන් කළේ නව සංශෝධනයට අනුව සාමාන්‍ය සේවා, සුඛෝපභෝගී, අර්ධ සුඛෝපභෝගී මෙන්ම අධිවේගී මාර්ගවල බස් ගාස්තු ද ඉහළ යනු ඇති බවයි.

FEATURE
on Dec 28, 2021
278 views 1 sec

රට තුළ කොවිඩ් මර්දන ක්‍රියාවලිය සඳහා තෙවැනි මාත්‍රාව ලෙස භාවිත කිරීමට නියමිත Pfizer COVID-19 එන්නත් මාත්‍රා 1,147,770 ක තොගයක් දිවයිනට රැගෙනවිත් තිබෙනවා

FEATURE
on Dec 28, 2021
269 views 0 secs

ගෝලීය වශයෙන් එල්ල වී ඇති බරපතල ආර්ථික අභියෝග හමුවේ, ද්විපාර්ශ්වික සබඳතා ඵලදායී ලෙස පවත්වාගෙන යාම සහතික කරමින්, රටට අවශ්‍ය විදේශ සංචිත සංරක්ෂණය කිරීම හා විදේශ රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින් මහ කොමසාරිස් කාර්යාලයක් හා කොන්සල් ජනරාල් කාර්යාල කිහිපයක් වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව නයිජීරියාවේ අබුජා හි ශ්‍රී ලංකා මහ […]

FEATURE
on Dec 28, 2021
255 views 0 secs

අද (28) ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම හා දුම්රිය ස්ථානාධිපතිවරුන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ, මෙම සාකච්ඡාවෙන් තම ගැටලුවලට විසඳුම් නොලැබුනහොත් දැනට ක්‍රියාත්මක වර්ජනය අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා දැඩි කරන බවයි. ඊයේ (27) දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් අද සිට ඉන්ධන, සිමෙන්ති හා තිරිඟු පිටි ප්‍රවාහන කටයුතුවලින් ඉවත්වීමට […]

FEATURE
on Dec 28, 2021
293 views 0 secs

පෞද්ගලික ගුවන් යානාවක් හදිසි ගොඩබෑමක් කටුනායක කිඹුලාපිටිය ප්‍රදේශයට සිදුකර තිබෙනවා.ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මේ වන විට අදාළ ස්ථානයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කණ්ඩායමක් පිටත් කර යවා ඇති බවයි. ගොඩබෑමේදී නියමුවා සහ නියමුවරිය මෙන්ම කාන්තාවක්ද තුවාල ලබා මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

FEATURE
on Dec 27, 2021
265 views 0 secs

දැනට ක්‍රියාත්මක වර්ජනය අඛණ්ඩව සිදු කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. මෙම තීරණයට හේතුව වන්නේ දුම්රිය ස්ථානාධිපති සංගමය සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අතර පැවති සාකච්ඡාව අසාර්ථක වීමයි.

FEATURE
on Dec 27, 2021
259 views 0 secs

නැවතත් ගෑස් හිඟයක් වෙළඳපොළ තුළ හටගෙන තිබෙන බව පාරිභෝගිකයන් පවසනවා.වෙළඳුන් සඳහන් කළේ වෙළඳසැල්වලට ප්‍රමිතිය සටහන් කළ ගෑස් සිලින්ඩර ලැබීමේ ප්‍රමාදයක් ඇති බවයි. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළේ මේ වන විට ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් දැඩි අධීක්ෂණයක් යටතේ කටයුතු කරන බැවින් ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීමේ යම් ප්‍රමාදයක් ඇතිවී ඇති බවයි.

FEATURE
on Dec 27, 2021
261 views 0 secs

ඔස්ට්‍රේලියාවේ බටහිර සිඩ්නි හි වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් මරණයට පත් වී තිබේ. එය ඔස්ට්‍රේලියාවේ පළමු ඔමික්‍රෝන් මරණය ලෙස වාර්තා වේ. අදාළ පුද්ගලයාට කොවිඩ් වෛරසය ආසාදිත වී දින කිහිපයකට පසුව ඔහුට වැළදී ඇත්තේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය බවට හඳුනාගෙන තිබුණි. රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් අනතුරුව ඔහු අදාළ සත්කාර මධ්‍යස්ථානයෙන් […]

FEATURE
on Dec 27, 2021
289 views 0 secs

මට්ටක්කුලිය, පොකුණුවත්ත ප්‍රදේශයේදී මත්පැන් සාදයක් අවසානයේ ඇති වු සිදුවීමක් මුල්කර ගනිමින් පුද්ගලයින් දෙදෙනකු පිහියකින් ඇණ අවුරුදු 22ක තරුණයෙක් ඝාතණය කර තිබේ. ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පැවසී ය. එමෙන්ම පුනරීන් ගෞතාර්මුණි කළපු තීරයේදී තරුණයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.එහි කළපු තීරයේදී දියනාමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අතර බහින් […]