Home > Articles posted by Admin (Page 333)
FEATURE
on Dec 27, 2020
791 views 0 secs

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව හෙට (28) උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ වේල්ලවීදිය පොලිස් වසමකෙසෙල්වත්ත පොලිස් වසමමරදාන පොලිස් වසම කොම්පඤ්ඤ වීදියේ පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසමකොම්පඤ්ඤ වීදියේ පොලිස් වසමේ හුනුපිටිය ග්‍රාම නිලධාරී වසමවැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙසබොරැල්ල පොලිස් වසමේ හල්ගහවත්ත සහ කාලිපුල්ල වත්තවැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ නිවාස යෝජනා […]

FEATURE
on Dec 27, 2020
1091 views 0 secs

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ජනවාරි 01 වැනිදා සිට දිවයින පුරා පිහිටි සිනමා ශාලා විවෘත කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසර දී ඇති බව වාර්තා වේ. ඒ අනුව හුදකලා ප්‍රදේශ හැර අනෙකුත් සෑම ප්‍රදේශයකම සිනමා ශාලා ජනවාරි 01 වැනිදා සිට විවෘත කෙරෙනු ඇති.

FEATURE
on Dec 27, 2020
789 views 0 secs

ඇහැලියගොඩ සහ ගොඩකවෙල ප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයට අයත් මින්නන, විලේගොඩ, යකුදාගොඩ, අස්ගගුල උතුර, බෝපත්ත යන ප්‍රදේශ හා ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රක්වාන නගරය, රක්වාන උතුර, රක්වාන දකුණ, මස්ඉඹුල, කොට්ටල යන ප්‍රදේශත් මෙලෙස හුදකලා කරන […]

FEATURE
on Dec 27, 2020
826 views 0 secs

හඟුරන්කෙත ප්‍රාදේශීය රෝහල කොවිඩ් ආසාදිතයන් සඳහා රැඳවුම් මධ්‍යස්ථානයක් බවට පත්කර ඇත. රෝග ලක්ෂණ නොමැති කොවිඩ් ආසාදිතයින් එම මධ්‍යස්ථානයට ඇතුළත් කරගන්නා බව රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි නිශ්ශංක විජේවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව සමාන්‍ය රෝගීන්ට හගුරන්කෙත ප්‍රාදේශීය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා නොදෙන බවද වෛද්‍ය අධිකාරීවරයා පැවසීය.

FEATURE
on Dec 27, 2020
831 views 0 secs

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී පන්දුවට පහර දෙමින් සිටියදී ආබාධයකට ලක් වූ ධනංජය ද සිල්වාට තවත් සති 2ක් යනතෙක් ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බව වාර්තා වේ. එලෙස ආබාධයකට ලක්වීම හේතුවෙන් ලකුණු 79ක් රැස් කරගෙන සිටියදී ධනංජය ද සිල්වා පිටියෙන් ඉවත්වී ගියේය.

FEATURE
on Dec 27, 2020
741 views 0 secs

බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් ‍සම්බන්ධයෙන් සිදුකළ අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂාවන්වලදී තවත් කොවිඩ් -19 ආසාදිතයින් 08 දෙනෙකු හඳුනාගෙන තිබේ. පසුගිය 18 වනදා සිට අද (27) පෙරවරු 6.00න් අවසන් වු කාලය තුළ සිදුකළ අහඹු පරීක්ෂාවන්වලින් කොවිඩ් ආසාදිතයින් 49 දෙනෙකු හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

FEATURE
on Dec 26, 2020
452 views 0 secs

අද (26) කොවිඩ් ආසාදිත එක් මරණයක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 187 දක්වා ඉහළ ගොස් තිබේ.

FEATURE
on Dec 26, 2020
712 views 0 secs

දකුණු ඉන්දීය ජනප්‍රිය නළු රජිනිකාන්ත් හදිසියේ හයිද්‍රාබාද් හි ඇපලෝ රෝහල වෙත ඇතුළත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. පසුගියදා ආරම්භ කරන ලද නව සිනමා පටයක රූගත කිරීම් අතරතුර එහි සේවකයින් 4 දෙනෙකුට කොවිඩ් ආසාදිතවීම හේතුවෙන් එහි රූගතකිරීම් තාවකාලිකව නවතා දැමුණි.පසුව රජිනිකාන්ත් සිදුකර තිබූ ඵ්Cර්‍ පරීක්ෂණයකින් ඔහු කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු වී තිබූ බවද […]

FEATURE
on Dec 26, 2020
721 views 0 secs

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා ගැනීමටය.

FEATURE
on Dec 26, 2020
728 views 0 secs

බම්බලපිටිය රජයේ මහල් නිවාස අසළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට පියවර ගෙන තිබුණ අතර එහිදී පුද්ගලයින් 17 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.ඒ අනුව අද (26) දිනයේ කොවිඩ් ආසාදිතයින් 593ක් හඳුනාගෙන ඇත.