Home > Articles posted by Admin (Page 332)
FEATURE
on Dec 28, 2020
760 views 1 sec

අප්‍රිකානු මහද්වීපයේ කොවිඩ් -19 වෛරස ආසාදිතයන් මිලියනය ඉක්මවා ගිය පළමු රට බවට දකුණු අප්‍රිකාව පත්වී තිබේ. එරටින් වාර්තා වූ කොවිඩ් -19 ආසාදිත මරණ ගණන 26,000 ඉක්මවා ගොස් ඇත.කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ද දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇති බව එරට බලධාරීන් ප්‍රකාශයට පත්කර තිබෙන අතර පසුගිය සතියේ දී දකුණු අප්‍රිකාවෙන් දෛනිකව ආසාදිතයන් 11,000 ඉක්මවා වාර්තා විය. එය […]

FEATURE
on Dec 28, 2020
758 views 0 secs

තවත් කොවිඩ් ආසාදිතයින් 164ක් හඳුනාගැනීමත් සමඟ අද දිනය තුළ දී හඳුනා ගත් සමස්ත ආසාදිතයින් ගණන 530ක් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.ඒ අනුව, මේ වනවිට, මිනුවන්ගොඩ/පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 37,890කි.

FEATURE
on Dec 28, 2020
864 views 0 secs

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මයුරම්මාන දෙවොලගේ මහතා අද (28) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ මේ වනවිට ගැබිනි මව්වරුන් 600කට වඩා වැඩි පිරිසකට කොවිඩ් -19 වෛරසය වැළඳී ඇති බවයි.

FEATURE
on Dec 28, 2020
802 views 0 secs

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සහ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ජෙනරාල් නිලයට උසස් කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා තහවුරු කරමින් ප්‍රකාශ කළා.

FEATURE
on Dec 28, 2020
768 views 0 secs

බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් අහඹු ලෙස කළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂා වලදී දී ඊයේ (27) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගත් බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම පරීක්ෂණවලදී මේ දක්වා ආසාදිතයින් 54 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් 280 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇති බවය.

FEATURE
on Dec 28, 2020
763 views 1 sec

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පුද්ගලයන් 150 දෙනෙකු, ඉන්දියාවේ සිට 18 දෙනෙකු, කටාර් රාජ්‍යයේ සිට 16 දෙනෙකු මාලදිවයිනේ සිට 05 දෙනෙකුත් පකිස්තානයේ සිට සිව්දෙනෙකු සහ සෞදි ආරාබියේ සිට දෙදෙනෙකු අද (28) උදෑසන දිවයිනට පැමිණි බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.ඔවුන්ට PCR පරීක්ෂණ කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බව කොවිඩ් -19 […]

FEATURE
on Dec 28, 2020
774 views 0 secs

90 දශකය තුළ මෙරට ජනප්‍රිය ගායන ශිල්පියෙකු වු මහ සයුරේ ගැඹුරු දියේ, මේ දෙව් මැදුරේ, අවන්හලක ඉපදී මා ආදි ජනප්‍රිය ගීත රැසක් මෙරට ගීත ක්ෂේත්‍රයට එක්කළ ප්‍රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.දීර්ඝ කාලයක් රෝගාතුරව සිට මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ ගායන ශිල්පි ෂෙල්ටන් මුතුනමගේ මහතා මියයන විට 73 වන වියෙහි පසුවිය.

FEATURE
on Dec 28, 2020
837 views 0 secs

යාපනය, කන්කසන්තුරේ වෙරළ තීරයට ගොඩගසා තිබූ කිලෝග්‍රෑම් 360ක කේරළ ගංජා තොගයක් ඊයේ (27) දහවල් සොයාගත් බව කන්කසන්තුරේ පොලීසිය පවසයි. මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 50ක පමණ බව වාර්තා වේ.

FEATURE
on Dec 28, 2020
805 views 0 secs

පොලීසිය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී වේයන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ මංකොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙකු මියගොස් ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය. ගංජා ජාවාරම පිළිබඳව පොලීසියට තොරතුරු දුන් සිවිල් පුද්ගලයෙකුගේ දෑත් දෙපා කැපූ මෙම සැකකරු පොලිස් වෙඩිපහරින් මරණයට පත්වී ඇති බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.අදාළ සැකකරුට ගම්පහ මහාධිකරණයේ නඩු 2ක්, මාරවිල මහාධිකරණයේ නඩුවක්, ගම්පහ මහෙස්ත්‍රාත් […]

FEATURE
on Dec 27, 2020
787 views 0 secs

අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරමින් තහවුරු කළ මරණ 4ත් සමඟ මෙරට සමස්ථ කොවිඩ් මරණ ගණන 191ක් දක්වා ඉහළ ගොස් ඇත.