Home > Articles posted by Admin (Page 332)
FEATURE
on Jan 1, 2021
821 views 0 secs

අද (01) දිනයේ රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි ආසාදිතයින් 826 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර ඒ මේ වන තෙක් දිනක් තුළ සුවය ලැබූ වැඩිම පිරිස බවට වාර්ථා වේ.මේ වන විට මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 36,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටව ගොස් ඇති අතර […]

FEATURE
on Jan 1, 2021
847 views 14 secs

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශය මත ජනාධිපති ලේකම් කාර්යාලය විසින් කොවිඩ්-19 වෛරසයේ පාලන කටයුතු සම්බන්ධීකරණය සඳහා සියලුම පරිපාලන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකු දිස්ත්‍රික් සම්බන්ධිකාරක නිලධාරීන් ලෙස පත්කර තිබේ.එම පත්වීම් අද (01) දින සිට බලපැවැත්වෙන පරිදි ලබාදී තිබේ.මෙම සම්බන්ධිකාරක නිලධාරීන්ට, කොවිඩ්-19 වසංගත රෝගී තත්ත්වයන් හේතුවෙන් සාමාන්‍ය කටයුතුවලට ඇතිවන බලපෑම අවම […]

FEATURE
on Jan 1, 2021
1002 views 0 secs

ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් ව සහ විරාත් කෝලි ව අභිබවා යමින් නවසීලන්ත නායක කේන් විලියම්සන් ලෝක ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම් අනුව ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් අතුරින් පළමු ස්ථානයට පැමිණ තිබේ.පසුගිය දා නිමාවූ පාකිස්තාන – නවසීලන්ත පළමු ටෙස්ට් තරඟයේදී ලකුණු 129ක් රැස්කර ගැනීම ට හේ සමත් විය. ඒ හේතුවෙන් ඔහුට ලකුණු 13ක් එක්වී තිබේ.ඔහුගේ මුළු ලකුණු ගණන 890ක් […]

FEATURE
on Jan 1, 2021
863 views 0 secs

ඊයේ (31) සවස 4ට පමණ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රදේශයේ, පදික මාරුවක් හරහා ගමන් කරමින් සිටි දැරියක් ත්‍රිරෝද රථයක ගැටී බරපතළ තුවාල ලබා තිබේ.අනතුරින් තුවාල ලබා ඇත්තේ කොටගල ස්ටොනික්ලිප් වතුයායේ පදිංචි 10 වන ශ්‍රේණියේ අධ්‍යාපන ලබමින් සිටින පාසල් සිසුවියකි.අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථය පාසල් දැරියගේ ගැටී ඇය අඩි කිහිපයක් ඉදිරියට ඇදී ගොස් […]

FEATURE
on Jan 1, 2021
880 views 0 secs

ඊයේ (31) සවස අම්බන්ගොඩ පොලිස් වසමේ බෙන්වල ප්‍රදේශයේ ඇල්පිටිය කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් කරන ලද විශේෂ වැටලීමක දී හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.එම වැටලීමේ දී යතුරුපැදියක් තුළ පැකට් 8ක දමා තිබු හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 600ක ප්‍රමාණයක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් […]

FEATURE
on Dec 28, 2020
849 views 1 sec

අප්‍රිකානු මහද්වීපයේ කොවිඩ් -19 වෛරස ආසාදිතයන් මිලියනය ඉක්මවා ගිය පළමු රට බවට දකුණු අප්‍රිකාව පත්වී තිබේ. එරටින් වාර්තා වූ කොවිඩ් -19 ආසාදිත මරණ ගණන 26,000 ඉක්මවා ගොස් ඇත.කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ද දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇති බව එරට බලධාරීන් ප්‍රකාශයට පත්කර තිබෙන අතර පසුගිය සතියේ දී දකුණු අප්‍රිකාවෙන් දෛනිකව ආසාදිතයන් 11,000 ඉක්මවා වාර්තා විය. එය […]

FEATURE
on Dec 28, 2020
860 views 0 secs

තවත් කොවිඩ් ආසාදිතයින් 164ක් හඳුනාගැනීමත් සමඟ අද දිනය තුළ දී හඳුනා ගත් සමස්ත ආසාදිතයින් ගණන 530ක් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.ඒ අනුව, මේ වනවිට, මිනුවන්ගොඩ/පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 37,890කි.

FEATURE
on Dec 28, 2020
971 views 0 secs

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මයුරම්මාන දෙවොලගේ මහතා අද (28) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ මේ වනවිට ගැබිනි මව්වරුන් 600කට වඩා වැඩි පිරිසකට කොවිඩ් -19 වෛරසය වැළඳී ඇති බවයි.

FEATURE
on Dec 28, 2020
914 views 0 secs

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සහ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ජෙනරාල් නිලයට උසස් කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා තහවුරු කරමින් ප්‍රකාශ කළා.

FEATURE
on Dec 28, 2020
863 views 0 secs

බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් අහඹු ලෙස කළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂා වලදී දී ඊයේ (27) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගත් බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම පරීක්ෂණවලදී මේ දක්වා ආසාදිතයින් 54 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් 280 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇති බවය.