බොරැල්ල තැපැල් ස්ථානාධිපතිවරයාට හා තවත් සේවකයින් තිදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළා. මේ හේතුවෙන් බොරැල්ල තැපැල් ස්ථානය තාවකාලිකව වසා දමා ඇති අතර විෂබීජහරණය කිරීමෙන් අනතුරුව ලබන සඳුදා දිනයේ තැපැල් ස්ථානය විවෘත කිරීමට සැලසුම් කර තිබේ.මේ අතර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ රැසක ලිපි බෙදාහැරීම් කටයුතුවල […]
පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමෙන් පසු උපකාරක පන්ති ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කරමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍යා සුදත් සමරවිර මහතා කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ, නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ උපකාරක පන්ති ද කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බවය.
පසුගිය පැය 24ක කාලය තුළ රියඅනතුරු හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවීතක්ෂයට පත්ව ඇති බවත් එම කාලය තුළ බීමත් රියදුරන් 253 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.රිය අනතුරුවල වැඩිවීමක් දක්නට ලැබෙන බවත්, ඒ අනුව මාර්ග ආරක්ෂිතභාවය පිළිබඳ අවිනිශ්චිතභාවයක් ඇතිව තිබෙන බවත් එතුමා ප්‍රකාශ කළා.තව දුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය […]
අද (01) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 235ක් හඳුනාගත් බවත්, ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවත් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 555ක් වන අතර මේ වනවිට, මිනුවන්ගොඩ/පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 40,126කි.
චීනයේ ප්‍රමුඛතම විදුලි සංදේශ සමාගම් 3ක් වන චයිනා මොබයිල්, චයිනා ටෙලිකොම් සහ චයිනා යුනිකොම් හොං කොං සමාගම් නිව්යෝර්ක් කොටස් වෙළෙඳපොළ කටයුතුවලින් ඉවත් කිරීමට තීරණය කර තිබේ. ඒ එම සමාගම් චීන හමුදාව සමග සම්බන්ධතා ඇති බවට චෝදනා එල්ල වීමත් සමඟයි.මෙම සමාගම් වල කොටස් වෙළෙඳාම ලබන සතියේ සිට නවතා දැමීමට නිව් යෝර්ක් කොටස් වෙළෙඳපොළ තීරණය කර තිබේ.මෙම […]
අද දින තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වීමත් සමඟ මෙරට කොවිඩ් මරණ ගණන 208ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. එලෙස මියගොස් ඇත්තේ අලියාඩිවෙම්බු ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 91 හැවිරිදි කාන්තාවක්, අගලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් […]
අද (01) දිනයේ රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි ආසාදිතයින් 826 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර ඒ මේ වන තෙක් දිනක් තුළ සුවය ලැබූ වැඩිම පිරිස බවට වාර්ථා වේ.මේ වන විට මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 36,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටව ගොස් ඇති අතර […]
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශය මත ජනාධිපති ලේකම් කාර්යාලය විසින් කොවිඩ්-19 වෛරසයේ පාලන කටයුතු සම්බන්ධීකරණය සඳහා සියලුම පරිපාලන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකු දිස්ත්‍රික් සම්බන්ධිකාරක නිලධාරීන් ලෙස පත්කර තිබේ.එම පත්වීම් අද (01) දින සිට බලපැවැත්වෙන පරිදි ලබාදී තිබේ.මෙම සම්බන්ධිකාරක නිලධාරීන්ට, කොවිඩ්-19 වසංගත රෝගී තත්ත්වයන් හේතුවෙන් සාමාන්‍ය කටයුතුවලට ඇතිවන බලපෑම අවම […]
ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් ව සහ විරාත් කෝලි ව අභිබවා යමින් නවසීලන්ත නායක කේන් විලියම්සන් ලෝක ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම් අනුව ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් අතුරින් පළමු ස්ථානයට පැමිණ තිබේ.පසුගිය දා නිමාවූ පාකිස්තාන – නවසීලන්ත පළමු ටෙස්ට් තරඟයේදී ලකුණු 129ක් රැස්කර ගැනීම ට හේ සමත් විය. ඒ හේතුවෙන් ඔහුට ලකුණු 13ක් එක්වී තිබේ.ඔහුගේ මුළු ලකුණු ගණන 890ක් […]
ඊයේ (31) සවස 4ට පමණ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රදේශයේ, පදික මාරුවක් හරහා ගමන් කරමින් සිටි දැරියක් ත්‍රිරෝද රථයක ගැටී බරපතළ තුවාල ලබා තිබේ.අනතුරින් තුවාල ලබා ඇත්තේ කොටගල ස්ටොනික්ලිප් වතුයායේ පදිංචි 10 වන ශ්‍රේණියේ අධ්‍යාපන ලබමින් සිටින පාසල් සිසුවියකි.අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථය පාසල් දැරියගේ ගැටී ඇය අඩි කිහිපයක් ඉදිරියට ඇදී ගොස් […]
