Home > Articles posted by Admin (Page 329)
FEATURE
on Jan 6, 2021
824 views 0 secs

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පිහිටා ඇති තැපැල් කාර්යාලය හා සම්බන්ධව සේවය කරන නිලධාරියෙකු කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගැනීමෙන් අනතුරුව එම ආයතනය තාවකාලිකව වසා දැමීමට බලධාරීන් ක්‍රියාකර තිබේ.

FEATURE
on Jan 6, 2021
809 views 0 secs

අද (06) අලුයම 5.00 සිට ක්‍රියාත්මක වනපරිදි පහත දැක්වෙන ප්‍රදේශ කිහිපය අලුතින් හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.පුජාපිටිය පොලිස් වසමේ බමුණුගම දිවනවත්ත ග්‍රාම නිලධාරී වසමඇහැළියගොඩ පොලිස් වසමේ මොරගල ග්‍රාම නිලධාරී වසම අද (06) උදෑසන 5.00 සිට හුදකලා තත්ත්වයට පත්කර තිබේ. […]

FEATURE
on Jan 5, 2021
828 views 0 secs

මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන තවත් කොවිඩ් ආසාදිතයින් 255ක් අද (05) දිනයේදී හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මේවන විට ශ්‍රී ලංකාවේ දී හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් ගණන 45,721 කි.ඒ අනුව, මේ වනවිට, මිනුවන්ගොඩ/පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 41,977කි.

FEATURE
on Jan 5, 2021
819 views 0 secs

මෙරට කොවිඩ් ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 45,466ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ වෛරසය ආසාදනය වූ තවත් 224 දෙනෙකු අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කිරීමත් සමඟයි..

FEATURE
on Jan 5, 2021
779 views 0 secs

නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙන බව රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළා

FEATURE
on Jan 5, 2021
941 views 0 secs

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා හා එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙක් ද දෙදින නිල සංචාරය සඳහා අද (05) සවස 4.20ට පමණ ඉන්දියාවට අයත් විශේෂ ගුවන්යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියේය. එම පිරිස පිළිගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් […]

FEATURE
on Jan 5, 2021
817 views 0 secs

අද (05) දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 445 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 38,262ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.

FEATURE
on Jan 5, 2021
824 views 4 secs

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ක්‍රියාත්මක කරනු ලබන කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් -19 එන්නත් ලබාගැනීම සඳහා අදාළ නිෂ්පාදකයා සමග ගිවිසුම්ගත වීමට සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.මෙම කොවැක්ස් ක්‍රියාවලියට ශ්‍රී ලංකාව දැනටමත් ඇතුළත් වී ඇති අතර ඒ මගින් කොවිඩ් -19 එන්නත් මාත්‍රා ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකාව සුදුසුකම් සපුරා ඇත. ලෝක […]

FEATURE
on Jan 5, 2021
1305 views 0 secs

2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (05) පැවැත්වෙන අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ පරිදි ලබන 08 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.අද දිනයේ සාප්පු සහ කාර්යාලීය සේවකයින් පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු සංශෝධන පනත් කෙටුම්පත් 04ක් ද, 06 වනදා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු සංශෝධන පනත් කෙටුම්පත් 06ක් ද, ලබන 07 […]

FEATURE
on Jan 5, 2021
784 views 0 secs

අද (05) උදෑසන 05.00 සිට මෝදර පොලිස් වසමේ ශාන්ත ඇන්ඩෘස් මාර්ගය සහ එම මාර්ගයේ ඉහළ සහ පහළ මාවත් හුදකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.මේ අතර අවිස්සාවේල්ල පොලිස් බලප්‍රදේශය ඊයේ (04) පස්වරුවේ සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කළ බවද ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.