Home > Articles posted by Admin (Page 330)
FEATURE
on Jan 4, 2021
744 views 0 secs

අද (04) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 277ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 467ක් වේ.ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.එසේම මේවන විට ශ්‍රී ලංකාවේ දී හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් ගණන 45,241 කි.

FEATURE
on Jan 4, 2021
819 views 1 sec

ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වී සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලි හට කොවිඩ් -19 වැළඳී ඇති බව වාර්තා වේ.එංගලන්ත කණ්ඩායම මත්තල ගුවන්තොටුපළින් ඊයේ මෙරටට පැමිණි අතර එහිදී ඔවුන්ව ඵ්Cර්‍ පරීක්ෂණ සඳහා යොමු කිරීමත් සමඟ ඔහු ආසාදිත බව තහවුරු වී තිබේ.ඒ අනුව, මොයීන් අලි දින 10ක් නිරෝධායනය සඳහා ගාල්ලට යැවීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර […]

FEATURE
on Jan 4, 2021
769 views 0 secs

කොවිඩ් -19 වෛරසය වැළන්දුනු තවත් 565 දෙනෙකු අද (04) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 37,817ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

FEATURE
on Jan 4, 2021
756 views 0 secs

අනූෂ පැල්පිට මහතා කර්මාන්ත අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ධුරයේ වැඩ භාර ගෙන තිබේ.

FEATURE
on Jan 4, 2021
856 views 0 secs

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයකට අනුව හෙට (05) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ මෙරට දින 3ක සංචාරයක් සඳහා වේ.ඉන්දීය අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත […]

FEATURE
on Jan 4, 2021
794 views 0 secs

පසුගිය මස 20 වනදා ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද බහලුමක තිබී තිරිඟු පිටි ආනයනය කරන මුවාවෙන් මෙරටට නීතිවිරෝධි ලෙස ආනයනය කර තිබූ කහකුඩු කිලෝ 7,500 තොගයක් රේගු භාරයට ගෙන තිබේ.රේගු දෙපාර්තමේන්තුවේ “අවදානම් කළමනාකරණ අංශය” විසින් සිදුකළ විමර්ශනයක දී අනාවරණය වූ තොරතුරු මත එම බහාලුම පරික්ෂාවට ලක්කර ඇති අතර එහිදී රුපියල් කෝටි එක හමාරක පමණ වටිනාකමින් […]

FEATURE
on Jan 4, 2021
746 views 0 secs

මෙරටට පැමිණ සිටින යුක්‍රේන ජාතික සංචාරකයින් පිරිසක් අද (04) දින පොළොන්නරුව සහ සීගිරිය ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතව තිබුණ නමුත් මධ්‍යම සංස්කෘතික අරමුදල පැවසුවේ එම සංචාරය අවලංගු කළ බවය. එමනිසා දේශීය සංචාරකයින් සඳහා එම කලාප විවෘත බව ද මධ්‍යම සංස්කෘතික අරමුදල පැවසීය. මේ වනවිට යුක්‍රේන ජාතික සංචාරකයින් 563 දෙනෙක් පමණ මෙරටට පැමිණ සිටින අතර ඔවුන්ගෙන් 5 […]

FEATURE
on Jan 4, 2021
1157 views 0 secs

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පෙරදැක්ම 2021 අද (04) මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් මහතා විසින් එළිදැක්වීමට නියමිතව තිබේ.2021 වසර සහ ඉදිරිය සඳහා මුදල් හා මුල්‍ය අංශ ප්‍රතිපත්ති මෙමගින් ඉදිරිපත් කිරීමට නියමිත අතර කොවිඩ් -19 ව්‍යප්තිය හේතුවෙන් එය අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට නියමිතය.

FEATURE
on Jan 3, 2021
748 views 0 secs

අද (03) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 188ක් හඳුනාගැනීමත් සමඟ අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 403ක් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව එතුමා ප්‍රකාශ කළා.ඒ අනුව, මේ වනවිට, මිනුවන්ගොඩ/පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 41,031කි.

FEATURE
on Jan 3, 2021
752 views 0 secs

හෙට (04) සහ අනිද්දා (05) යන දෙදින තුළ පොළොන්නරුව සහ සීගිරිය සංචාරක කලාපයන්හි ස්ථාන කිහිපයක් මෙරටට පැමිණ සිටින විදේශීය සංචාරකයින් පිරිස එම ස්ථානවල සංචාරය කිරීමට නියමිත බැවින් එම කාලය තුළ දේශීය සංචාරකයින්ට අදාළ ස්ථානවලට පැමිණීමේ අවස්ථාව හිමි නොවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පෙන්වා දෙයි.ඒ අනුව පොළොන්නරුව සංචාරක ව්‍යාපෘතියට අයත් පරාක්‍රම මාළිගා සංකීර්ණය, දළඳා මළුව, ශිව […]