Home > Articles posted by Admin (Page 66)
FEATURE
on Oct 31, 2024
164 views 0 secs

ඉකුත් 29 දින රාත්‍රියේ නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක 9වන මහලෙන් ඇද වැටී 29 හැවිරිදි තරුණියක් මරණයට පත් වී තිබෙනවා. ඇද වැටීමෙන් අනතුරුව තරුණියව රෝහලට ඇතුලත් කරන විටත් මෙම තරුණිය ජීවිතක්ෂයට පත්ව සිටි බවයි ආරංචි මාර්ග සඳහන් කර සිටියේ. කෙසේ වුවද මෙය සියදිවි නසා ගැනීමක්ද නැද්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරමින් පවතින […]

FEATURE
on Oct 29, 2024
142 views 0 secs

ක්ෂණික වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබේ. ඒ දුම්රිය ස්ථානාධිපති තනතුරට අදාළව මතුව ඇති ගැටලු කිහිපයක් මුල්කර ගනිමිනි. ඊයේ (28) දිනයේ සිට පැය 72ක කාලයක් තුළ සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කර සිටියා. දුම්රිය […]

FEATURE
on Oct 29, 2024
145 views 0 secs

පයාගලදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

FEATURE
on Oct 29, 2024
146 views 0 secs

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් […]

FEATURE
on Oct 28, 2024
138 views 0 secs

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කළ යෝජනාවට අදාළ ප්‍රතියෝජනාව මේ වනවිට සකස් කෙරෙමින් පවතින බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියා. සියයට 4ත් 11ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තු අඩු කළ යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති ප්‍රතිශතය සමස්තයක් ලෙස 6.6ක් වන බව […]

FEATURE
on Oct 28, 2024
155 views 0 secs

අද උදෑසන කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානයේ පිලී පැනීමට ලක්වූ දුම්රිය එම ස්ථානයේදී පීලිගත කොට දුම්රිය අංගනය වෙත රැගෙන යාමේදී මරදාන දුම්රිය ස්ථානය අසලදී නැවත පීලී පැනීමට ලක් වීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වෙයි.

FEATURE
on Oct 28, 2024
218 views 0 secs

දකුණු ඉන්දීය සිනමාවේ රංගන ශිල්පියෙක් වන විජේ, තම නායකත්වයෙන් යුතු තමිලග වෙට්රි කලගම් පක්ෂයේ මංගල රැලිය ඊයේ (27) පැවැත්විය. තමිල්නාඩුවේ වික්‍රාවන්ඩි හිදී පැවති මෙම රැලියට අති විශාල ජනකායක් රැස්ව සිටි අතර, තමිල්නාඩුවේ දශක ගණනාවක් පුරා ක්‍රියාත්මක, ද්වි පක්ෂ දේශපාලනයට තිත තබා ප්‍රාන්තයේ ප්‍රධාන බලවේගය වීම සිය අපේක්ෂාව බව එහිදී අදහස් පළකළ විජේ අවධාරණය කර සිටියා.

FEATURE
on Oct 27, 2024
161 views 0 secs

කොළඹ – කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය හෙට (28) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා. මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු එලෙස ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර, උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කරන බැවින්, දුම්රිය හරස් මාර්ග භාවිතා කරන මහජනතාව […]

FEATURE
on Oct 22, 2024
152 views 1 sec

පසුගියදා ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් රුපියල් මිලියන 30ක (USඪ් 100,000) මුදලක් මෙරටට පරිත්‍යාග කර තිබේ. අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qඉ Zහෙන්හොන්ග් මහතා එම මුදල නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත භාරදී ඇත. විපතට පත් වූවන් වෙනුවෙන් හදිසි සහන සැලසීම […]

FEATURE
on Oct 22, 2024
158 views 0 secs

අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශයේ දෙව්රුම් පිටිය වංගුව අසල අද (22) දහවල් පෞද්ගලික මගී බස් දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබේ. තුවාලකරුවන් අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඉන් තිදෙනකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙයි. කොළඹ සිට ඇඹිලිපිටිය සූරියවැව දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් රත්නපුර සිට […]