Home > Articles posted by Admin (Page 83)
FEATURE
on Feb 26, 2024
318 views 0 secs

අස්වනු නෙලීම ආරම් කිරීම සමඟ, ඉදිරි සති දෙක ඇතුළත නාඩු හා කැකුළු සහල් මිල අඩුවනු ඇතැයි වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, වී මිලදී ගැනීම පාලන මිල යටතේ පැවතියහොත් සහල් මිල ගණන් අඩුවනු ඇති බවයි. පාලන මිල යටතේ කීරි සම්බා අලෙවි කළ යුතු බවට මහපරිමාණ සහල්මෝල් හිමියන් දැනුවත් කර ඇතැයි […]

FEATURE
on Feb 26, 2024
408 views 0 secs

වැඩිවී ඇති උද්ධමනය හේතුවෙන් අමෙරිකානු පොලී අනුපාත කප්පාදුව පමාවීමේ පසුබිම මත ඩොලරය ශක්තිමත් වීම හේතුකොටගෙන ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අදත් අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මේ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81යි ශත 27 දක්වා පහත බැස ඇති අතර අමෙරිකානු Wඨෛ බොර තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 76යි ශත 14ක් […]

FEATURE
on Feb 26, 2024
255 views 2 secs

උරුමය: සින්නක්කර ඉඩම් අයිතිය ලබා ගැනීම සඳහා 1908 යන ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ජනාධිපති කාර්යාලයේ, “උරුමය” ජාතික මෙහෙයුම් කාර්යාලය සමඟ සම්බන්ධ වීමෙන් ලියාපදිංචි විය හැකි අතර www.tinyurl.com/urumaya (ඩිජිටල් ඉල්ලුම් පත්‍රය) පෝරමය පිරවීම මඟින් ද අදාළ අවශ්‍යතාව ඉටු කිරීමට පහසුකම් සපයා තිබෙන බව ජනාඪ්Fහිපති මාධ්ය ඒකකය වාර්තා කර සිටියා.

FEATURE
on Feb 26, 2024
295 views 0 secs

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධාන ප්‍රකාරව දේශබන්දු තෙන්නකෝන් මහතා නව පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.

FEATURE
on Feb 23, 2024
302 views 0 secs

නිසි අවසරයකින් තොරව ජාතික සම්මාන සහ ගෞරව නාම ලබාදීමට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. සුදුසුකම් සහිත ශ්‍රී ලාංකිකයන් වෙත ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කරනු ලබන සම්මානවලට සමාන නාම යොදාගනිමින් විවිධ පුද්ගලයන් සහ සංවිධාන මගින් වැරදි ලෙස සම්මාන හා ගෞරව නාම ප්‍රදානය කරන අවස්ථා නිරීක්ෂණය වී ඇති […]

FEATURE
on Feb 23, 2024
278 views 1 sec

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වෙර්මා (Richard Verma) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (23) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

FEATURE
on Feb 23, 2024
278 views 0 secs

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර 45 වන වරටත් අද (23) රාත්‍රීයේ වීථි සංචාරය කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කර පෙරහර සමාරම්භය සනිටුහන් කළේය.

FEATURE
on Feb 20, 2024
288 views 2 secs

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (UN FAO) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කූ දොන්ග්‍යු (Dr. Qu Dongyu) මහතා විසින් මීට සුළු මොහොතකට පෙර කොළඹ හිල්ටන් හෝටලයේදී ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ 37 වැනි සැසි වාරය ආරම්භ කෙරූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කර සිටියා.

FEATURE
on Feb 19, 2024
285 views 0 secs

2024 පළමු පාසල් වාරය අද (19) ආරම්භ විය. රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය පසුගිය සිකුරාදා (16) අවසන් වූ අතර ඒ අනුව නව පාසල් වාරයේ පළමු අදියර අද ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය. පළමු පාසල් වාරයේ පළමු අදියර අප්‍රේල් මස 10 වන දා දක්වා ක්‍රියාත්මක වීමට නියමිත බවද වාර්තා වේ.

FEATURE
on Feb 19, 2024
311 views 0 secs

කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය පැවැත්වීම සඳහා අද (19) ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ශිෂ්‍යාවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට අවස්ථාවක් සැලසිණි. එහිදි එම ශිෂ්‍යාවන්ට අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන ශාලාවට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආරාධනා කළ ජනාධිපතිවරයා, එම ශිෂ්‍යාවන්ට අමාත්‍ය මණ්ඩලයේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධයක් ලබාදීමට කටයුතු කළේය.