Home > Articles posted by Admin (Page 83)
FEATURE
on Feb 23, 2024
184 views 1 sec

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වෙර්මා (Richard Verma) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (23) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

FEATURE
on Feb 23, 2024
186 views 0 secs

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර 45 වන වරටත් අද (23) රාත්‍රීයේ වීථි සංචාරය කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කර පෙරහර සමාරම්භය සනිටුහන් කළේය.

FEATURE
on Feb 20, 2024
191 views 2 secs

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (UN FAO) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කූ දොන්ග්‍යු (Dr. Qu Dongyu) මහතා විසින් මීට සුළු මොහොතකට පෙර කොළඹ හිල්ටන් හෝටලයේදී ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ 37 වැනි සැසි වාරය ආරම්භ කෙරූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කර සිටියා.

FEATURE
on Feb 19, 2024
188 views 0 secs

2024 පළමු පාසල් වාරය අද (19) ආරම්භ විය. රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය පසුගිය සිකුරාදා (16) අවසන් වූ අතර ඒ අනුව නව පාසල් වාරයේ පළමු අදියර අද ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය. පළමු පාසල් වාරයේ පළමු අදියර අප්‍රේල් මස 10 වන දා දක්වා ක්‍රියාත්මක වීමට නියමිත බවද වාර්තා වේ.

FEATURE
on Feb 19, 2024
199 views 0 secs

කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය පැවැත්වීම සඳහා අද (19) ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ශිෂ්‍යාවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට අවස්ථාවක් සැලසිණි. එහිදි එම ශිෂ්‍යාවන්ට අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන ශාලාවට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආරාධනා කළ ජනාධිපතිවරයා, එම ශිෂ්‍යාවන්ට අමාත්‍ය මණ්ඩලයේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධයක් ලබාදීමට කටයුතු කළේය.

FEATURE
on Feb 19, 2024
172 views 2 secs

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ UN FAO අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කූ දොන්ග්‍යු (Dr. Qu Dongyu) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. එහිදී මෑත කාලීන ආර්ථික අර්බුදය හමුවේ ප්‍රතිසංස්කරණ සිදු කරමින් ශ්‍රී ලංකාව මෙහෙයවීමේදී ජනාධිපතිවරයාගේ නායකත්වය පිළිබඳ සිය ප්‍රශංසාව පළ කළ ආචාර්ය ආචාර්ය කූ දොන්ග්‍යු මහතා, ශ්‍රී ලංකා රජයට […]

FEATURE
on Feb 17, 2024
164 views 1 sec

අද (17) රාත්‍රියේ පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බවට පොලීසිය දැනුම් දෙනවා. ඒ හොරණ රජමහා විහාරස්ථානයේ රයිගම්පුර නවම් මහ පෙරහැර හේතුවෙනි. ඒ අනුව හොරණ රජමහා විහාරස්ථානයේ අසල සිට පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයේ කොටසක් වන විද්‍යාරතන හන්දිය සිට හොරණ පොලීසියට හැරෙන හංදිය දක්වා කොටසේ වාහන ගමනාගමනය සීමා කෙරෙන බවයි සඳහන් […]

FEATURE
on Feb 17, 2024
200 views 0 secs

සෞඛ්‍ය සේවක ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා, එළඹෙන සඳුදා විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කර සිටියා. එඑම සාකච්ඡාවේදී එළැඹෙන තීරණ අනුව ඉදිරි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම පැවසුවේ ය. සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳවද ඔහු මෙහේදී පැහැදිලි කළේ ය.

FEATURE
on Feb 17, 2024
189 views 0 secs

එළැඹෙන 20 වැනි දා මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා ගුරු සේවා සංගමය පවසයි. ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලු විසඳීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිසෙන බවයි ගුරු සේවා සංගමය ප්‍රකාශ කර සිටියේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, පළාත් ආණ්ඩුකාරවරුන් […]

FEATURE
on Feb 17, 2024
262 views 0 secs

සාමවිනිසුරු පත්වීම් ලබාගැනීම සඳහා වන අධ්‍යාපන සුදුසුකම් යළිත් වරක් සංශෝධනය කර තිබේ. අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පසුගිය නොවැම්බර් මස 27 වනදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් සාමවිනිසුරු පත්වීමක් ලබාගැනීමේදී ඉහළම අධ්‍යාපන සුදුසුකම් ලෙස උසස් පෙළ විෂයන් 03ක් සමත්වී තිබිය යුතු බව නියම කර තිබිණි. කෙසේවෙතත් එය සංශෝධනය කරමින් පසුගිය 13 වනදා අතිවිශේෂ ගැසට් […]