Home > Articles posted by Admin (Page 81)
FEATURE
on Mar 12, 2024
176 views 7 secs

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි තායිලන්ත රාජධානියේ තානාපති H. E. Paitoon Mahapannaporn මැතිතුමා සහ පාකිස්ථානු ඉස්ලාමීය ජනරජයේ මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරල් ෆාහිම් උල් අසීස් (H.E. Major General (R) Faheem Ul Aziz, HI (M)) මැතිතුමා අද(12) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දෙන ලදී.

FEATURE
on Mar 10, 2024
165 views 0 secs

පවතින වියළි කාලගුණය හමුවේ දෛනික ජල ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන්, අඛණ්ඩ ජල සැපයුමට බාධා මතුව ඇතැයි, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඇතැම් ප්‍රදේශෙවලට අඩු පීඩනයක් යටතේ ජලය ලබා දීම හෝ සීමා කිරීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සංවර්ධන, අනෝජා කලුආරච්චි මහත්මිය සඳහන් කර සිටි අතර ඒ […]

FEATURE
on Mar 10, 2024
150 views 0 secs

“අනාගත පරපුර සඳහා තිරසර ඉන්දියානු සාගරයක් සහතික කිරීම” යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේ සභාපතීත්වයෙන් අද (10) කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත් වූ “ඓOර්‍ඇ” දිනය 2024 සැමරුම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්විය. එහිදී විවිධ ක්‍රියාකාරකම්වල නිරතවෙමින් සිටින පාසල් සිසුන් සමඟ සුහද කතා බහකට එක්වූ ජනාධිපතිවරයා සංගමයේ සාමාජික රටවල තානාපති කාර්යාල මෙන්ම මෙරට රාජ්‍ය ආයතන විසින් ස්ථාපිත […]

FEATURE
on Mar 10, 2024
149 views 0 secs

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී හා ගුවන් විදුලි නිවේදිකා රම්‍යා වනිගසේකර මහත්මියගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වීය. එම මහත්මියගේ දේහය තැන්පත් කර ඇති බොරැල්ල පෞද්ගලික මල්ශාලාව වෙත අද (10) දහවල් පැමිණි ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් සහ සහෘද කලාකරුවන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

FEATURE
on Mar 4, 2024
156 views 0 secs

අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිළ ගනන් සංශෝධනය කර ඇත.සුපරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 458 කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලරුපියල් 9කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 447 ක් වේ. භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 05 කින් පහළ […]

FEATURE
on Mar 4, 2024
181 views 0 secs

ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් සඳහා අයකරන ගාස්තුව 33.3% කින් එනම්, දැනට අය කරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8ක් දක්වා අඩුකරන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කර සිටියා. මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින්, අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම විදුලි බිල සංශෝධනය ක්‍රියාත්මක බව ප්‍රකාශ කර සිටියා. […]

FEATURE
on Mar 4, 2024
155 views 1 sec

රට තුළ සිදු කළ යුතු නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් පසුගිය මාස 14ක කාලය තුළ නව නීති 42ක් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන තිබෙන බවත්, තවත් නීති 62 ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කඩිනමින් සම්මත කර ගැනීමට කටයුතු කළ යුතු බවත් තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ඊයේ (03) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “What’s New” කතිකාවට […]

FEATURE
on Mar 1, 2024
156 views 0 secs

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය සඳහා ජනාධිපති වර්ණ ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමල වරාය පරිශ්‍රයේ දී සිදු කෙරිණි. ඊට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාවේ බලඇණි සමාලෝචනය (PFRs) ද සිදු කෙරුණු අතර, එය ලොව පුරා නාවික හමුදාවන් සිය රාජ්‍යයේ ස්වෛරීත්වයට හෝ රාජ්‍ය නායකයාට ගෞරව පුද කිරීමේ ඓතිහාසික හා සම්ප්‍රදායික උත්සවයකි.

FEATURE
on Mar 1, 2024
187 views 0 secs

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේ සහ තායිලන්තයේ බෞද්ධ බැතිමතුන් පිරිසක් ඊයේ (29) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අතර එහිදි ඇමරිකානු ඩොලර් 50,000ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී. මෙම මූල්‍ය පරිත්‍යාගය ඉතා අසරණ තත්ත්වයේ පසුවන ජනතාව වෙත පිහිටවීම සඳහා ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත “කඳුලක් පිස දමමු” ව්‍යාපෘතියට යොදවන ලෙස ජනාධිපතිවරයා […]

FEATURE
on Feb 28, 2024
173 views 0 secs

වැටුප් විෂමතා ගැටලුව මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල අද (28) සහ හෙට (29) සංකේත වැඩවර්ජනයක නිරත වෙයි. පවතින ආර්ථික වාතාවරණය තුළ වැටුප් වැඩි කරන්නැයි ඉල්ලා, විශ්වවිද්‍යාල අධ්‍යන අනධ්‍යන සේවකයින් පසුගිය කාලයේ විවිධ වෘත්තිය ක්‍රියාමාර්ගයන්වල නිරත විය. කෙසේ වෙතත් පසුගියදා විශ්වවිද්‍යාල අධ්‍යන කාර්ය මණ්ඩලවලට පමණක් අධ්‍යන දීමනා වැඩි කිරීමට රජය පියවර ගත්තේ ය.