Home > Articles posted by Admin (Page 84)
FEATURE
on Jan 23, 2024
213 views 0 secs

අද (23) සිට 2024 අපොස සා.පෙළ විභාගයට අයදුම් පත් කැදවීම ආරම්භ ආරම්භ විය. අද සිට 15 වන දින දක්වා මාර්ගගත ක්‍රමයට පමණක් අයදුම්පත් කැදවීම සිදු කෙරෙන අතර සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් හා පෞද්ගලික අයදුම්කරුවන් අදාල උපදෙස් අනුව පෞද්ගලිකව අයදුම් කල යුතු බවද විභාග දෙපාර්තමේන්තුව සදහන් කර සිටියා.මෙවර සියලුම පෞද්ගලික අයදුම්කරුවන්ට, විභාගයට අයදුම් […]

FEATURE
on Jan 23, 2024
226 views 0 secs

අද (23) අලුයම 2ට පමණ බටහිර චීනයේ ෂින් ජියෑන් පළාතේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.මෙහි ප්‍රබලත්වය රික්ටර් මාපක 7.1 ක් ලෙස සටහන් වී ඇති අතර කම්පනයත් සමග නිවාස 2ක් කඩා වැටී ඇති බව වාර්තා වේ.එමෙන්ම විදුලි රැහැන් පද්ධති කඩා වැටීම හේතුවෙන් එම කලාපයේ විදුලි සැපයුම්ද් ඇනහිට ඇති අතර, එරට දුම් රිය ගමන් […]

FEATURE
on Jan 17, 2024
170 views 1 sec

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් රාජධානියේ උත්තර (සාමි) මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රී විලියම් හේග් (William Hague) මහතා අතර හමුවක් පැවැත්විණි. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.

FEATURE
on Jan 8, 2024
141 views 0 secs

රාජ්‍ය සේවකයන් සඳහා 2024 අයවැය මඟින් එළැඹෙන අප්‍රේල් මාසයේ සිට ගෙවීමට යෝජිතව තිබූ රුපියල් 10,000 ක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5,000ක් ජනවාරි මාසයේ සිට ලබාදීමට ජනාධිපතිවරයා විසින් කල යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

FEATURE
on Jan 8, 2024
139 views 1 sec

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය (Sheikh Hasina) පාර්ලිමේන්තු මැතිවරණයෙන් සිය පක්ෂය ජයග්‍රහණය කරවමින් නැවත වරක් අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත්වීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය.ඇයගේ දූරදර්ශී නායකත්වය පිළිබඳ සදහන් කළ ජනාධිපතිවරයා, ඇය සතු දැනුම සහ අත්දැකීම් තුළින් බංග්ලාදේශයේ ජනතාවට ප්‍රතිලාභ සැලසෙන බවට විශ්වාසය පළ කළේය.

FEATURE
on Jan 8, 2024
178 views 1 sec

බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා (Sheikh Hasina) 05 වන වරටත් එරට අග්‍රාමාත්‍ය ධුරයට පත් වී තිබෙනවා. මැතිවරණ ප්‍රතිඵල අනුව ශෙයික් හසීනාගේ පක්ෂය වන අවාමි ලීගය ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 2009 වසරේ ජනවාරි මාසයේදී බංග්ලාදේශයේ අග්‍රාමාත්‍යධූරයට පත් ෂෙයික් හසීනා වසර 15කට ආසන්න කාලයක් එරට පාලන බලය මෙහෙයවා ඇති බව වාර්තා වේ.

FEATURE
on Jan 8, 2024
151 views 0 secs

සජිත් ප්‍රේමදාස මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. දැනට පවතින විදුලි ගාස්තු අඩු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්නි. එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම, විදුලිබල මණ්ඩලය, විදුලිබල අමාත්‍යවරයා සහ එම අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇති බව වාර්තා වේ.

FEATURE
on Jan 8, 2024
145 views 0 secs

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී, හෙට දිනයේ සිට 12 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය වී තිබේ. හෙට දිනයේ දී ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත, ජාතික ජලශාස්ත්‍රීය පනත් කෙටුම්පත සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ අංක 2355/30 දරන ගැසට් පත්‍රයේ සඳහන් නියෝග විවාදය ගැනීමට නියමිතය. එමෙන්ම […]

FEATURE
on Jan 6, 2024
146 views 0 secs

රටින් පලා යන හෝ මෙරටට පැමිණෙන අපරාධකරුවන් හඳුනාගැනීම සඳහා ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ස්ථාපිත කර ඇති අතර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ අද අද විවෘත කෙරිණි. පසුගිය කාලය තුළ අපරාධ සිදුකර අපරාධකරුවන් 42ක් පමණ රටින් පැන ගොස් ඇති බවත් එය වැළැක්වීමට යාන්ත්‍රණයක් අවශ්‍ය බවත් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා […]

FEATURE
on Jan 6, 2024
144 views 0 secs

අද (06) පෙරවරුවේදී අනුර කුමාර දිසානයක මහතා හා ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස්තුමා අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිල වශයෙන් විවෘත කිරීමත් සමඟ මයිකල් ඇපල්ටන් මහතා ශ්‍රී ලංකාවේ සිය රාජකාරී ආරම්භ කළ අතර, වසර දෙකහමාරක රාජකාරියෙන් සමුගැනීම සනිටුහන් කරමින් මෙම හමුව පැවැත් වූ බව […]