Home > Articles posted by Admin (Page 84)
FEATURE
on Feb 19, 2024
262 views 2 secs

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ UN FAO අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කූ දොන්ග්‍යු (Dr. Qu Dongyu) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. එහිදී මෑත කාලීන ආර්ථික අර්බුදය හමුවේ ප්‍රතිසංස්කරණ සිදු කරමින් ශ්‍රී ලංකාව මෙහෙයවීමේදී ජනාධිපතිවරයාගේ නායකත්වය පිළිබඳ සිය ප්‍රශංසාව පළ කළ ආචාර්ය ආචාර්ය කූ දොන්ග්‍යු මහතා, ශ්‍රී ලංකා රජයට […]

FEATURE
on Feb 17, 2024
260 views 1 sec

අද (17) රාත්‍රියේ පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බවට පොලීසිය දැනුම් දෙනවා. ඒ හොරණ රජමහා විහාරස්ථානයේ රයිගම්පුර නවම් මහ පෙරහැර හේතුවෙනි. ඒ අනුව හොරණ රජමහා විහාරස්ථානයේ අසල සිට පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයේ කොටසක් වන විද්‍යාරතන හන්දිය සිට හොරණ පොලීසියට හැරෙන හංදිය දක්වා කොටසේ වාහන ගමනාගමනය සීමා කෙරෙන බවයි සඳහන් […]

FEATURE
on Feb 17, 2024
294 views 0 secs

සෞඛ්‍ය සේවක ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා, එළඹෙන සඳුදා විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කර සිටියා. එඑම සාකච්ඡාවේදී එළැඹෙන තීරණ අනුව ඉදිරි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම පැවසුවේ ය. සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳවද ඔහු මෙහේදී පැහැදිලි කළේ ය.

FEATURE
on Feb 17, 2024
291 views 0 secs

එළැඹෙන 20 වැනි දා මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා ගුරු සේවා සංගමය පවසයි. ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලු විසඳීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිසෙන බවයි ගුරු සේවා සංගමය ප්‍රකාශ කර සිටියේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, පළාත් ආණ්ඩුකාරවරුන් […]

FEATURE
on Feb 17, 2024
377 views 0 secs

සාමවිනිසුරු පත්වීම් ලබාගැනීම සඳහා වන අධ්‍යාපන සුදුසුකම් යළිත් වරක් සංශෝධනය කර තිබේ. අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පසුගිය නොවැම්බර් මස 27 වනදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් සාමවිනිසුරු පත්වීමක් ලබාගැනීමේදී ඉහළම අධ්‍යාපන සුදුසුකම් ලෙස උසස් පෙළ විෂයන් 03ක් සමත්වී තිබිය යුතු බව නියම කර තිබිණි. කෙසේවෙතත් එය සංශෝධනය කරමින් පසුගිය 13 වනදා අතිවිශේෂ ගැසට් […]

FEATURE
on Feb 17, 2024
273 views 0 secs

දකුණු වෙරළ තීරයේ යළි පිබිදෙන සංචාරක කර්මාන්තය පිළිබඳ සොයා බැලීමට ජනපති තංගල්ල සහ ගාල්ල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක මෙරට සංචාරක කර්මාන්තයේ සිදුව ඇති නව පිබිදීමත් සමඟ සංචාරක කලාප ආශ්‍රිත පහසුකම් පුළුල් කිරීමට රජය විශේෂ අවධානයකින් කටයුතු කරන අතර, එම කටයුතු සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) තංගල්ල සහ ගාල්ල ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට එක් විය. […]

FEATURE
on Feb 15, 2024
257 views 2 secs

ග්‍රාමීය ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම අරමුණු කර ගනිමින් ජයිකා (JඓCඈ ආයතනයේ මූල්‍ය සහාය ඇතිව ක්‍රියාත්මක කරන ලද අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර, අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ ආරාධනය පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජයිකා (JඓCඈ ආයතනයේ සභාපති ආචාර්ය ටනකා අකිහිතෝ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර විවෘත කෙරුණු බව පනාධිපති මාධ්‍ය අxෂය […]

FEATURE
on Feb 13, 2024
285 views 3 secs

අද(13) සිට 2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා අයැදුම්පත් Online ක්‍රමයට යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.එම අමාත්‍යංශය නිවේදනය කළේ, පසුගිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා අභියාචනා අද සිට පෙබරවාරි 29 වැනිදා දක්වා Oන්ලිනෙ ක්‍රමයට යොමු කළ හැකි බවයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස උපරිම […]

FEATURE
on Feb 13, 2024
338 views 0 secs

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් සිදුකර තිබේ. ඒ තමා වෙත නඩු පැවරීමෙන් වැළකී සිටීමට ජනාධිපති මුක්තිය නොමැති බවට පහළ අධිකරණ ලබාදුන් තීන්දු අත්හිටුවන ලෙසයි. ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට එරෙහිව 2020 මැතිවරණයට අදාළ සිද්ධිය ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මේ වන විට නඩු විභාග පැවැත්වෙන අතර, තමාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය කඩාකප්පල් කිරීම එහි අරමුණ වී ඇති […]

FEATURE
on Feb 13, 2024
296 views 1 sec

අද (13) අලුයම 1.00ට පමණ පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා ගමන් කරමින් තිබූ මෝටර් රථය අනතුරට පත්වීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව සාලියවැව පොලීසිය සඳහන් කර සිටියා. අනතුරින් තුවාල ලබා ඇත්තේ ඉහළ පුලියන්කුලම – අලුත්ගම පදිංචිකරුවෙකු වන එච්.එම්.හර්ෂණ ප්‍රදීප් නම් අයෙක් වා අතර තුවාලකරු ප්‍රතිකාර සඳහා පුත්තලම […]