Home > Articles posted by Admin (Page 87)
FEATURE
on Jan 6, 2024
193 views 0 secs

යළිත් වරක් රුපියල් 300කට වඩා වැඩි මුදලකින් සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දමා ඇති බව ජාතික ඉදිකිරීම් සේවක සංගමය පවසයි. කඩා වැටුණු ඉදිකිරීම් කේෂ්ත්‍රයේ නැවත පිබිදීමක් ඇති වන විටම මෙලෙස මිල ඉහල දැමීම අසාධාරණ ක්‍රියාවලියක බව අද (06) පැවති මාධ්‍ය හමුවකදී ජාතික ඉදිකිරීම් සංගමයේ ලේකම් සුපුන් අබේසේකර මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා. එමෙන්ම රුපියල් 2450 […]

FEATURE
on Jan 6, 2024
182 views 0 secs

හෙට (06) රාත්‍රී 10.00 සිට අනිද්දා පස්වරු 5 දක්වා ජල නල එළීමේ කටයුත්තක් සඳහා වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්ධිය දක්වා කොටස වසා දැමීමට තීරණය කර තිබෙනවා. එම කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

FEATURE
on Jan 5, 2024
178 views 0 secs

විදුලි බිල අඩු කිරීමට අවශ්‍ය දත්ත මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (05) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියා. විදුලි බිල සංශෝධනය කිරීම පෙබරවාරි මස මුල් සතිය වන විට සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

FEATURE
on Jan 5, 2024
179 views 0 secs

පළාත් මට්ටමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය මගින් සලසා ඇති බලතල ප්‍රමාණවත් බවත්, ඒ සඳහා මධ්‍යම රජයේ මැදිහත්වීම් සිදු නොකරන බවත් යාපනය දිස්ත්‍රික් වෘත්තීයවේදීන් සමඟ පැවති හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. පළාත් මට්ටමින් ස්වාධීන ආර්ථිකයන් නිර්මාණය කර ගැනීම පිළිබඳ ජපානය, කොරියාව, එක්සත් රාජධානිය සහ ප්‍රංශය වැනි රටවලින් ඉගෙන ගන්නා […]

FEATURE
on Jan 4, 2024
221 views 0 secs

කාන්තාවන් සහ දරුවන් මුහුණදෙන හිංසන සිදුවීම් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා පොලීසිය විසින් හදිසි ඇමතුම් අංකයක් හඳුන්වාදී තිබෙනවා. එවැනි සිදුවීම් සම්බන්ධ තොරතුරු වෙතොත් 109 හදිසි ඇමතුම් අංකය වෙත දැනුම්දිය හැකි බවයි පොලීසිය සඳහන් කර සිටියා.

FEATURE
on Jan 4, 2024
360 views 0 secs

ශ්‍රී ලංකා තරග සංචාරයට එක්වන සිම්බාබ්වේ කණ්ඩායම අද (04) දිවයිනට පැමිණ තිබේ. එම තරග සංචාරයේදී සිම්බාබ්වේ පිල ශ්‍රී ලංකා පිල සමග එක්දින තරග 3කට සහ 20-20 තරග 3කට සහභාගී වීමට නියමිත අතර සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය ජනවාරි 6 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

FEATURE
on Jan 4, 2024
167 views 0 secs

2023 වර්ෂයට අදාළ අ.පො.ස. උසස් පෙළ විභාගය අදින් (04) ආරම්භ වූ අතර විභාග මධ්‍යස්ථාන 2,298 කදී අපේක්ෂකයන් 346,976ක් මෙවර විභාගයට පෙනී සිටින බව නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා ප්‍රකාශ කර සිටියා. විභාගය ලබන 31 වැනි දා දක්වා පැවැත්වෙනු ඇති බව ද නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ය. අධික වර්ෂාවත් සමග ඇති වූ ආපදා හේතුවෙන් […]

FEATURE
on Jan 3, 2024
184 views 0 secs

දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුවේ 36වන නව කොමසාරිස් ජනරාල් ලෙස ඩබ්. ඒ සේපාලික චන්ද්‍රසේකර මහත්මිය පත් කර තිබේ. 1993.01.01 දින දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුවේ විධායක ශ්‍රේණියේ තක්සේරුකරු ලෙස එක් වූ එම මහත්මිය එතැන් සිට වසර 31 ක තුළ, ජ්‍යෙෂ්ඨ තක්සේරුකරු, නියෝජ්‍ය කොමසාරිස්, කොමසාරිස්, ජ්‍යෙෂ්ඨ කොමසාරිස්, නියෝජ්‍ය කොමසාරිස් ජනරල් යන තනතුරු වල සේවයකොට ඇති අතර බදුකරණය, ගිණුම්කරණය […]

FEATURE
on Jan 3, 2024
184 views 0 secs

රජයේ විදුලිබලය, ඉන්ධන සහ ගුවන්තොටුපොළ සහ වරාය ආශ්‍රිත සේවාවන් කිහිපයන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

FEATURE
on Jan 3, 2024
166 views 0 secs

සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියා කරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලංවිම කළමනාකාරිත්වයට උපදෙස් ලබාදී ඇති බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා. ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට […]