Home > Articles posted by Admin (Page 87)
FEATURE
on Jan 8, 2024
264 views 0 secs

සජිත් ප්‍රේමදාස මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. දැනට පවතින විදුලි ගාස්තු අඩු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්නි. එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම, විදුලිබල මණ්ඩලය, විදුලිබල අමාත්‍යවරයා සහ එම අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇති බව වාර්තා වේ.

FEATURE
on Jan 8, 2024
265 views 0 secs

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී, හෙට දිනයේ සිට 12 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය වී තිබේ. හෙට දිනයේ දී ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත, ජාතික ජලශාස්ත්‍රීය පනත් කෙටුම්පත සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ අංක 2355/30 දරන ගැසට් පත්‍රයේ සඳහන් නියෝග විවාදය ගැනීමට නියමිතය. එමෙන්ම […]

FEATURE
on Jan 6, 2024
255 views 0 secs

රටින් පලා යන හෝ මෙරටට පැමිණෙන අපරාධකරුවන් හඳුනාගැනීම සඳහා ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ස්ථාපිත කර ඇති අතර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ අද අද විවෘත කෙරිණි. පසුගිය කාලය තුළ අපරාධ සිදුකර අපරාධකරුවන් 42ක් පමණ රටින් පැන ගොස් ඇති බවත් එය වැළැක්වීමට යාන්ත්‍රණයක් අවශ්‍ය බවත් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා […]

FEATURE
on Jan 6, 2024
255 views 0 secs

අද (06) පෙරවරුවේදී අනුර කුමාර දිසානයක මහතා හා ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස්තුමා අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිල වශයෙන් විවෘත කිරීමත් සමඟ මයිකල් ඇපල්ටන් මහතා ශ්‍රී ලංකාවේ සිය රාජකාරී ආරම්භ කළ අතර, වසර දෙකහමාරක රාජකාරියෙන් සමුගැනීම සනිටුහන් කරමින් මෙම හමුව පැවැත් වූ බව […]

FEATURE
on Jan 6, 2024
266 views 0 secs

පුර්ණ ප්‍රතිනිර්මාණයක් සදහා හෙට (07) සිට, මහව සිට අනුරාධපුරය දක්වා උතුරු දුම්රිය මාර්ගය තාවකාලිකව වසා දමන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

FEATURE
on Jan 6, 2024
285 views 0 secs

යළිත් වරක් රුපියල් 300කට වඩා වැඩි මුදලකින් සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දමා ඇති බව ජාතික ඉදිකිරීම් සේවක සංගමය පවසයි. කඩා වැටුණු ඉදිකිරීම් කේෂ්ත්‍රයේ නැවත පිබිදීමක් ඇති වන විටම මෙලෙස මිල ඉහල දැමීම අසාධාරණ ක්‍රියාවලියක බව අද (06) පැවති මාධ්‍ය හමුවකදී ජාතික ඉදිකිරීම් සංගමයේ ලේකම් සුපුන් අබේසේකර මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා. එමෙන්ම රුපියල් 2450 […]

FEATURE
on Jan 6, 2024
284 views 0 secs

හෙට (06) රාත්‍රී 10.00 සිට අනිද්දා පස්වරු 5 දක්වා ජල නල එළීමේ කටයුත්තක් සඳහා වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්ධිය දක්වා කොටස වසා දැමීමට තීරණය කර තිබෙනවා. එම කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

FEATURE
on Jan 5, 2024
272 views 0 secs

විදුලි බිල අඩු කිරීමට අවශ්‍ය දත්ත මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (05) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියා. විදුලි බිල සංශෝධනය කිරීම පෙබරවාරි මස මුල් සතිය වන විට සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

FEATURE
on Jan 5, 2024
277 views 0 secs

පළාත් මට්ටමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය මගින් සලසා ඇති බලතල ප්‍රමාණවත් බවත්, ඒ සඳහා මධ්‍යම රජයේ මැදිහත්වීම් සිදු නොකරන බවත් යාපනය දිස්ත්‍රික් වෘත්තීයවේදීන් සමඟ පැවති හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. පළාත් මට්ටමින් ස්වාධීන ආර්ථිකයන් නිර්මාණය කර ගැනීම පිළිබඳ ජපානය, කොරියාව, එක්සත් රාජධානිය සහ ප්‍රංශය වැනි රටවලින් ඉගෙන ගන්නා […]

FEATURE
on Jan 4, 2024
322 views 0 secs

කාන්තාවන් සහ දරුවන් මුහුණදෙන හිංසන සිදුවීම් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා පොලීසිය විසින් හදිසි ඇමතුම් අංකයක් හඳුන්වාදී තිබෙනවා. එවැනි සිදුවීම් සම්බන්ධ තොරතුරු වෙතොත් 109 හදිසි ඇමතුම් අංකය වෙත දැනුම්දිය හැකි බවයි පොලීසිය සඳහන් කර සිටියා.