Home > Articles posted by Admin (Page 85)
FEATURE
on Feb 13, 2024
268 views 1 sec

ෂෙල්-ආර් එම් පාක්ස් සමාගම සහ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම, ඛනිජතෙල් තොග ගබඩා හා බෙදාහැරීමේ ගිවිසුමට එළැඹීම ඊයේ (12) කොලොන්නාව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම් ප්‍රධාන කාර්යාලයේදී සිදුකර ඇත. මේ අනුව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට, ෂෙල්-ආර් එම් පාක්ස් සමාගමට අයත් ඉන්ධන තොග මෙරට තුළ ගබඩා කිරීම හා බෙදාහැරීම ආශ්‍රිත කටයුතු සඳහා […]

FEATURE
on Feb 3, 2024
362 views 2 secs

ප්‍රවීණ හොලිවුඩ් නළුවෙකු වන කාල් වෙදර්ස් අභාවප්‍රාප්ත වී තිබේ.1970 දශකයේ මැද භාගයේ දී සියරංගන දිවිය ඇරඹි කාල් වෙදර්ස් මිය යන විට 76නව වියේ පසු විය.වෙදර්ස්, 1978 දී ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් සමග ‘ප්‍රෙඩේටර්’ චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ අතර මෑතකදී ‘ ස්ටාර් වෝර්ස්’ කථා මාලාවටද රංගනයෙන් දායක වූ බව වාර්තා වේ.චිත්‍රපට, රූපවාහිනීය, කලාව, ක්‍රීඩා යන ක්ෂේත්‍ර වලට දායකත්වය […]

FEATURE
on Feb 3, 2024
359 views 1 sec

ජනප්‍රිය ඉන්දියානු දමිළ නළු විජේ දේශපාලනයට පිවිස ඇති බව වාර්තා වේ. ඔහුගේ දේශපාලන පක්ෂය ‘තමිලග වෙට්‍රි කලගම්’ ලෙස නම් කර ඇති අතර දැනට වැඩ කටයුතු අවසන් වෙමින් පවතින සිනමා පට දෙකෙන් පසු, ඔහු සිනමා වෘත්තියෙන් සමුගෙන පූරණකාලීනව දේශපාලනයට පිවිසීමට අදහස් කරන බව වාර්තා වේ.

FEATURE
on Feb 2, 2024
271 views 0 secs

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (02) ප්‍රකාශයක් ලබාගැනිමට නියමිතව තිබේ. ඒ අධිකරණය දුන් නියෝගයට අනුව, ව්‍යාජ හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ගනුදෙනුව සම්බන්ධයෙනි. මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අද පෙරවරු 9.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නැයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඊයේ නියෝග කළා ය.

FEATURE
on Feb 1, 2024
259 views 0 secs

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. හෙට දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටද එහිදී අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබේ.

FEATURE
on Feb 1, 2024
277 views 0 secs

ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු වැඩිවීමක් සිදුනොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියා.ඊට අදාල නිවේදනය පහතින්.

FEATURE
on Jan 31, 2024
262 views 0 secs

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට සිපෙට්කෝ සමාගම තීරණයකර තිබේ.ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 371කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8 කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 456ක් වේ. මෙතෙක් රුපියල් 358 පැවති , ලංකා […]

FEATURE
on Jan 31, 2024
355 views 0 secs

හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර ගාස්තු ඉහළ දමා තිබේ.මීට පෙර රුපියල් 5,000 ක් ලෙස පැවති මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 10,000ක් දක්වා ඉහළ යනු ඇත ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ, එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ ගාස්තුවල කිසිදු වෙනසක් සිදු නොවන බවයි.

FEATURE
on Jan 31, 2024
266 views 0 secs

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව 2023 දෙසැම්බර් මස 4% ලෙස සටහන් වූ මෙරට උද්ධමනය, 2024 ජනවාරි මාසයේදී 6.4ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. මේ අතර, 2023 දෙසැම්බර් මාසයේදී 0.3%ක් ලෙස සඳහන් වූ ආහාර උද්ධමනය 2024 ජනවාරි මාසයේදී 3.3%ක් දක්වා ඉහළ ගොස් ඇත.

FEATURE
on Jan 31, 2024
251 views 0 secs

හෙට සංවිධානය කර ඇති සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ වර්ජනය සඳහා තම සංගමය එක් නොවන බව සමස්ත ලංකා හෙද සංගමය ප්‍රකාශ කර සිටියා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමි දැනුවත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සාමාජිකයින් මේ බව පැවසීය.ප්‍රකාශ කර සිටි අතර මෙම වැඩ වර්ජනය රජයේ කුමන්ත්‍රණයක් බැවින් ඉන් […]