Home > Articles posted by Admin (Page 88)
FEATURE
on Jan 3, 2024
172 views 0 secs

දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඇප මත මුදා හැරිමට නියෝග කර තිබෙනවා. ඒ අනුව රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වේ. ආගම්වලට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

FEATURE
on Jan 2, 2024
414 views 0 secs

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව හෙට (03) සිට තෙදිනක විරෝධතා ක්‍රියාමාර්ගයක් සැලසුම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසයි. අදාළ පනත් කෙටුම්පත වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස විදුලිබල අමාත්‍යවරයාට දැනුම් දෙන බවයි එහි ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කර සිටියේ.

FEATURE
on Jan 2, 2024
177 views 0 secs

දකුණු කොරියානු විපක්ෂ නායක ලී ජේ-මියුන්ගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. දකුණු වරාය නගරයක් වන බුසාන්හි සංචාරයක යෙදී සිටින අතරතුරදී විපක්ෂ නායකවරයාට නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම පිහි ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

FEATURE
on Jan 2, 2024
235 views 0 secs

ජනවාරි 21 වැනි දාට පෙර කීරි සම්බා මෙට්ට්‍රික් ටොන් 50,000 ක් ආනයනයට පියවර ගන්නා බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර සිටියා.. එම කාලය තුළ ඉන්දියාවෙන් සහල් ආනයනය අසීරු බවත්, එම කාලය තුළ යම් ප්‍රමාණයක් හෝ කීරි සම්බා සහල් මෙරටට ගෙන ඒමට උත්සාහ කරන බවත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් […]

FEATURE
on Jan 2, 2024
186 views 0 secs

ටෝකියෝ හි හනෙඩා ගුවන් තොටුපළේ ධාවන පථයකට ගොඩබස්වන විට ජපාන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ගිනිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය 379 දෙනා ඉවත් කර ඇති බවයි ගුවන් සේවය උපුටා දක්වමින් ජපාන මාධ්‍ය වාර්තා කරන්නේ.

FEATURE
on Jan 1, 2024
186 views 0 secs

ජපානයේ ඓශිකව ප්‍රදේශයේ රික්ටර් මාපක 7.4ක ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය.

FEATURE
on Jan 1, 2024
234 views 2 secs

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ලාෆ් ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙන අතර එම සංශෝධිත මිල ගණන් පහතින්….

FEATURE
on Jan 1, 2024
346 views 0 secs

නව අධ්‍යාපන ලේකම් ධුරයට පත්වූ වසන්තා පෙරේරා මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද (01) එම ධුරයේ වැඩ ආරම්භ කළේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන වසන්තා පෙරේරා මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික සංවර්ධන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ඇත. මීට […]

FEATURE
on Jan 1, 2024
265 views 0 secs

ලිට්‍රෝ ගෑස් මිල වැඩි කරන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කර සිටියා.. සංශොධිත මිල ගණන පහතින්. කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 685කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4,250ක් වේ. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 276කින් වැඩි කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,707ක් වේ. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් […]

FEATURE
on Jan 1, 2024
158 views 0 secs

එළඹෙන පෙබරවාරි මාසයේ සිට පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය තීරණය කර තිබේ. පාසල් ආරම්භයේ දී එම ප්‍රතිශතය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමට කටයුතු කරන බව එම සංගමයේ සභාපති ලලිත් ප්‍රනාන්දු මහතා පවසා සිටියා. නව වැට් බදු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉන්ධන ඇතුළු වාහන කොටස් […]