Home > Articles posted by Admin (Page 88)
FEATURE
on Jan 4, 2024
453 views 0 secs

ශ්‍රී ලංකා තරග සංචාරයට එක්වන සිම්බාබ්වේ කණ්ඩායම අද (04) දිවයිනට පැමිණ තිබේ. එම තරග සංචාරයේදී සිම්බාබ්වේ පිල ශ්‍රී ලංකා පිල සමග එක්දින තරග 3කට සහ 20-20 තරග 3කට සහභාගී වීමට නියමිත අතර සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය ජනවාරි 6 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

FEATURE
on Jan 4, 2024
253 views 0 secs

2023 වර්ෂයට අදාළ අ.පො.ස. උසස් පෙළ විභාගය අදින් (04) ආරම්භ වූ අතර විභාග මධ්‍යස්ථාන 2,298 කදී අපේක්ෂකයන් 346,976ක් මෙවර විභාගයට පෙනී සිටින බව නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා ප්‍රකාශ කර සිටියා. විභාගය ලබන 31 වැනි දා දක්වා පැවැත්වෙනු ඇති බව ද නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ය. අධික වර්ෂාවත් සමග ඇති වූ ආපදා හේතුවෙන් […]

FEATURE
on Jan 3, 2024
274 views 0 secs

දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුවේ 36වන නව කොමසාරිස් ජනරාල් ලෙස ඩබ්. ඒ සේපාලික චන්ද්‍රසේකර මහත්මිය පත් කර තිබේ. 1993.01.01 දින දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුවේ විධායක ශ්‍රේණියේ තක්සේරුකරු ලෙස එක් වූ එම මහත්මිය එතැන් සිට වසර 31 ක තුළ, ජ්‍යෙෂ්ඨ තක්සේරුකරු, නියෝජ්‍ය කොමසාරිස්, කොමසාරිස්, ජ්‍යෙෂ්ඨ කොමසාරිස්, නියෝජ්‍ය කොමසාරිස් ජනරල් යන තනතුරු වල සේවයකොට ඇති අතර බදුකරණය, ගිණුම්කරණය […]

FEATURE
on Jan 3, 2024
279 views 0 secs

රජයේ විදුලිබලය, ඉන්ධන සහ ගුවන්තොටුපොළ සහ වරාය ආශ්‍රිත සේවාවන් කිහිපයන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

FEATURE
on Jan 3, 2024
264 views 0 secs

සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියා කරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලංවිම කළමනාකාරිත්වයට උපදෙස් ලබාදී ඇති බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා. ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට […]

FEATURE
on Jan 3, 2024
266 views 0 secs

දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඇප මත මුදා හැරිමට නියෝග කර තිබෙනවා. ඒ අනුව රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වේ. ආගම්වලට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

FEATURE
on Jan 2, 2024
528 views 0 secs

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව හෙට (03) සිට තෙදිනක විරෝධතා ක්‍රියාමාර්ගයක් සැලසුම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසයි. අදාළ පනත් කෙටුම්පත වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස විදුලිබල අමාත්‍යවරයාට දැනුම් දෙන බවයි එහි ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කර සිටියේ.

FEATURE
on Jan 2, 2024
268 views 0 secs

දකුණු කොරියානු විපක්ෂ නායක ලී ජේ-මියුන්ගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. දකුණු වරාය නගරයක් වන බුසාන්හි සංචාරයක යෙදී සිටින අතරතුරදී විපක්ෂ නායකවරයාට නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම පිහි ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

FEATURE
on Jan 2, 2024
339 views 0 secs

ජනවාරි 21 වැනි දාට පෙර කීරි සම්බා මෙට්ට්‍රික් ටොන් 50,000 ක් ආනයනයට පියවර ගන්නා බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර සිටියා.. එම කාලය තුළ ඉන්දියාවෙන් සහල් ආනයනය අසීරු බවත්, එම කාලය තුළ යම් ප්‍රමාණයක් හෝ කීරි සම්බා සහල් මෙරටට ගෙන ඒමට උත්සාහ කරන බවත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් […]

FEATURE
on Jan 2, 2024
291 views 0 secs

ටෝකියෝ හි හනෙඩා ගුවන් තොටුපළේ ධාවන පථයකට ගොඩබස්වන විට ජපාන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ගිනිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය 379 දෙනා ඉවත් කර ඇති බවයි ගුවන් සේවය උපුටා දක්වමින් ජපාන මාධ්‍ය වාර්තා කරන්නේ.