Local News
September 30, 2025
65 views 0 secs 0

රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ නව පද්ධතිය අද සිට..

රියදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා නව ක්‍රමයක් අද (30) සිට ක්‍රියාත්මක වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නුගේගොඩ ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනය මගින් තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීම නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ඇති අතර, බලපත්‍රයේ වෙනස්කම් අවශ්‍ය නොවන්නේ නම් එය එම ආයතනයෙන් ලබාගත හැකිය. අදාළ අයදුම්කරුවන් තාවකාලික බලපත්‍රය ලබාගැනීම සඳහා මෝටර් […]

World News
September 23, 2025
67 views 0 secs 0

ජාතන්තර සංඥා භාෂා දිනය අද…

ජාතන්තර සංඥා භාෂා දිනය අද (23) යෙදී ඇති අතර, මෙවර තේමාව “සංඥා භාෂා හිමිකම්වලින් තොර මානව හිමිකම් නොමැත” ලෙස නියම කර තිබේ. සමරු උත්සවය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ග්‍රාම සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්විමේ අමාත්‍යාංශයේදී පැවැත්වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ දත්ත අනුව, ලෝකය පුරා ශ්‍රව්‍යබාධිත පුද්ගලයින් මිලියන 70ක් පමණ ජීවත් වන අතර ඔවුන් භාවිතා කරන […]

Local News
September 15, 2025
61 views 0 secs 0

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණ කටයුතු ආරම්භයි

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණ කටයුතු ආරම්භ කිරීමේ සමාරම්භය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ විය. 1964 වසරේ ඉදිකර ඇති මෙම බස් නැවතුම්පොළ අවුරුදු 60කට පසු මෙලෙස ප්‍රතිසංස්කරණයට ලක්වීම විශේෂත්වයකි. මෙම කටයුත්ත සඳහා රුපියල් මිලියන 424ක් වැය කිරීමට නියමිත වන අතර, නවීකරණය යටතේ නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති සහ අංග රැසක් […]

Local News
September 08, 2025
66 views 0 secs 0

රත්‍රං මිල අද තෙවරක් ඉහළට – පවුමක් රු. 5,000කින් වැඩිවෙයි…

මෙරට රත්‍රං මිල අද (08) දිනය තුළ රු. 5,000ක පමණ ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි. ඒ අනුව “කැරට් 22” රන් පවුමක මිල සෙනසුරාදා (06) දින රු. 266,400ක් ලෙස පැවති අතර, අද දිනයේ තුන් වතාවක් ඉහළ ගොස් රු. 271,000ක් දක්වා වාර්තා වී තිබේ. මෙම අතර, “කැරට් 24” රන් පවුමක මිලද […]

World News
September 08, 2025
79 views 0 secs 0

ජෙරුසලමේ වෙඩි තැබීමක්.. පුද්ගලයින් සිව් දෙනෙකු මරුට ..

ඊශ්‍රායලයේ ජෙරුසලම රාමොට් හන්දියේ පිවිසුමේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මුල් වාර්තා අනුව අවම වශයෙන් තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීමට සම්බන්ධ වී ඇති බව සඳහන්ය. මෙම වෙඩි තැබීමෙන් මේ වන විට පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන්ගේ වයස් අවුරුදු 30 සිට 50 අතර බව […]

Local News
September 08, 2025
69 views 0 secs 0

විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවත් දැඩි වෙයි…

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (04) දිනටත් දිවයින පුරා ක්‍රියාත්මක වෙයි. නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත ප්‍රභාත් මහතා සඳහන් කළේ, රජයේ පාර්ශ්වයෙන් මෙතෙක් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් අද සිට පස්වරු 4.30ට පසු අතිකාල සේවාවලින් ඉවත් වන බවයි. ඉහත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට […]

Local News
September 02, 2025
70 views 0 secs 0

උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ජනපති ප්‍රධානත්වයෙන් පලෙයි නගරයේ ආරම්භයි….

උතුරු පොල් ත්‍රිකෝණය ව්‍යාපෘතිය යටතේ, උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ පලෙයි නගරයේදී ආරම්භ කෙරිණි. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය සහ හලාවත වැවිලි සමාගම අතර සහයෝගීතා වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වේ. රජය යාපනය, මුලතිව් සහ මන්නාරම ප්‍රදේශ උතුරු පොල් ත්‍රිකෝණය ලෙස ප්‍රවර්ධනය කිරීම සැලසුම් කර […]

Local News
September 02, 2025
76 views 1 sec 0

දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රතිඥා සමාලෝචනය….

“දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමේ පළමු ගෝලීය අමාත්‍ය සමුළුවේ” දී ශ්‍රී ලංකාව ගත් ප්‍රතිඥා සමාලෝචනය කිරීම සඳහා වූ ජාතික සැසිය 2025 අගෝස්තු මස අවසානයේදී කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 2024 නොවැම්බර් 07 සහ 08 යි කොළොම්බියාවේ බොගෝටා නගරයේ පැවති ගෝලීය සමුළුවට රටවල් 119 නියෝජනය කරන නියෝජිතයින් 1400කට අධික සංඛ්‍යාවක් එක්වූ අතර ශ්‍රී ලංකාවද […]

Local News
September 02, 2025
69 views 0 secs 0

තරුණ ව්‍යවසායකයින් සඳහා රු. මිලියන 500ක සහන ණය වැඩසටහන…

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය, ලංකා බැංකුව, මහජන බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟ ගිවිසුම් ගෙන, කෘෂිකාර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යවසායකයින් සඳහා රුපියල් මිලියන 500ක සහන ණය වැඩසටහනක් ඊයේ (01) ආරම්භ කළේය. අමාත්‍යාංශ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, මෙම වැඩසටහන මඟින් කෘෂි ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් සිදු කිරීමට අපේක්ෂා කරන බවයි. ණය […]

Local News
September 01, 2025
67 views 0 secs 0

පොලිස් විශේෂ කාර්ය බලකායේ 41 වැනි රණවිරු ගුණ සමරු උත්සවය අද…

පොලිස් විශේෂ කාර්ය බලකායේ 41 වන රණවිරු ගුණ සමරු උත්සවය අද (01) කටුකුරුන්ද පුහුණු පාසලේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වේ. මෙම උත්සවය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන බව පොලිස් විශේෂ කාර්ය බලකායේ නියෝජ්‍ය අණදෙණ නිළධාරි (පාලන) දීප්ත හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ය.