Local News
September 26, 2022
236 views 10 secs 0

අද විදුලි කප්පාදු කාලසටහන…

අද (26) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා සවස් කාලයේ පැය 1ක්ද, රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20ක් ද, P, Q, R, S, T, U, V, W කලාප සඳහා සවස් කාලයේ පැය 1ක්ද, රාත්‍රී කාලයේ […]

Local News
September 24, 2022
208 views 0 secs 0

තවත් ඉන්ධන නෞකා කිහිපයක් කොළඹ වරායේ…

ඩීසල් නෞකා 02ක්,පෙට්‍රල් නෞකාවක් හා බොරතෙල් නෞකාවක් මේ වනවිට කොළඹ වරායට ළඟා වී තිබේන අතර විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ, ඒවා සඳහා කඩිනමින් මුදල් ගෙවීමට කටයුතු කරන බවයි. මේ අතර, සති කිහිපයක් තිස්සේ කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ ඉන්ධන නෞකා 3කට පසුගියදා මුදල් ගෙවීමෙන් පසු එහි තොග ගොඩබෑම් මේ වනවිට ආරම්භ කර තිබේ.

Local News
September 24, 2022
189 views 0 secs 0

ගල් අඟුරු මිලදී ගැනීමට නව ටෙන්ඩරයක්…

ලබන සතියේ ගල් අඟුරු මිලදී ගැනීම සඳහා නව ටෙන්ඩරයක් කැඳවීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය කළ ඉල්ලීමකට අනුව, ගල් අඟුරු මිලදී ගැනීම සඳහා පැවති ටෙන්ඩරය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේ ය.

Local News
September 24, 2022
204 views 0 secs 0

සෞදි ජාතික දින උත්සවයට බොදුබල සේනා සංවිධානයේ ඥානසාර හිමියෝ සහභාගී වෙති

කොළඹ සෞදි අරාබි තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද සෞදි ජාතික දින උත්සවයට බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහභාගී වී ඇත.

Local News
September 24, 2022
185 views 0 secs 0

චීනය පරිත්‍යාග කල ඖෂධ ඊයේ දිවයිනට

ඊයේ (23) රාත්‍රීයේ චීනය විසින් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කළ අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගය රැගත් විශේෂ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. චීනය විසින් මෙම පරිත්‍යාගය මෙරට තුළ ඖෂධ සහ වෛද්‍ය උපකරණය අවශ්‍යතාවයට පිළියමක් ලෙස සිදුකර තිබෙනවා.

Local News
September 23, 2022
198 views 0 secs 0

සතොසින් භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට පියවර…

සැප්තැම්බර් 30 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකිරීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා. මිල අඩුකළ භාණ්ඩ ලැයිස්තුව පහතින්,

Local News
September 23, 2022
188 views 0 secs 0

බඩඉරිඟු මෙට්‍රික් ටොන් 25,000 ක් ආනයනයට කැබිනට් අනුමැතිය..

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කල යෝජනාවකට අනුව, සත්ව ආහාර සැකසීම සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 25,000 ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Local News
September 23, 2022
223 views 0 secs 0

කැනඩා මහකොමසාරිස් සහ ජවිපෙ නායක අතර හමුවක්…

අද (23) උදෑසන ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනොන් මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සහෝදරයා අතර හමුවක් පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය. මෙම අවස්ථාව සඳහා කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන හා වෙළඳ කොන්සියුලර් ඩැනියෙල් බූඩ් මහතාද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහ මධ්‍යම කාරක සභික නලින්ද ජයතිස්ස යන සහෝදරවරුද එක්ව සිටියහ. […]

Local News
September 23, 2022
217 views 0 secs 0

කැලණියේ පාසල් වල ළමුන්ගෙන් 25% ක් ආහාර නොමැති කම නිසා පාසල් නොපැමිණේ.

කැලණිය අධ්‍යාපන කොට්ඨාසයේ ආහාර නොමැතිවීම හේතුවෙන් ළමුන්ගෙන් 25% ක් දෛනිකව පාසල් නොපැමිණෙන බව එම කොට්ඨාසයේ අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය පවසනවා.දැනට මාස කිහිපයක සිට දරුවන්ගේ පාසල් පැමිණීමට සතුටුදායක මට්ටමක නොමැති බවයි කැලණිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සජීවී ලියනගේ සඳහන් කරන්නේ. එම කොට්ඨාසයේ එක් පාසලක දෛනිකව 52% ක් 54% ක් පමණක් පාසල් පැමිණෙන බවත් දරුවන්ට උදෑසන ආහාරය නොමැති නම් ඔවුන් […]

Local News
September 23, 2022
197 views 0 secs 0

ත්‍රිපෝෂවල ගුණාත්මකභාවය පිළිබඳ බිය විය යුතු නැත – ත්‍රිපෝෂ සමාගම

මේ වන විට දිවයින පුර බෙදා හැර තිබෙන ත්‍රිපෝෂවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් කිසිඳු බියක් ඇති කරගත යුතු නැතැයි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම අවධාරණය කරනවා. ඇෆ්ලටොක්සින් ප්‍රමාණය ඉක්මවා හඳුනාගත් ත්‍රිපෝෂ මවුවරුන් අතට පත් නොවූ බවත් ඒ හඳුනාගත් පසු ඉවත් කළ බව සභාපති දීප්ති කුලරත්න සඳහන් කරයි.