Local News
September 28, 2022
196 views 0 secs 0

සින්ඩි මැකේන් දළදා මාලිගාවට…

රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ නියෝජිතවරිය වන සින්ඩි මැකේන්, මහනුවර ශ්‍රී දළදා මාලිගාව පරිෂ්‍රයට පැමිණි සිටි අතර එහිදී, ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණදී ඇති අර්බුදයෙන් මිදීමට සඳහා අමෙරිකානු රජය විසින් හැකි උපරිමයෙන් කටයුතු කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයාබලන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.

Local News
September 28, 2022
206 views 0 secs 0

රාජ්‍ය සේවකයින්ගේ ඇඳුම ගැන තීරණයක්…

රාජ්‍ය සේවකයන් කාර්යාල වෙත පැමිණීමේ දී හා රාජකාරියේ යෙදීමේ දී රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන ආකාරයේ කාර්යාලීය ඇඳුමකින් සැරසී සිටීමට ඉඩ දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. ඒ අනුව ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මේ වන විට නිකුත් කර තිබෙන අතර චක්‍රලේඛ හඳුන්වා දී තිබිය දී නිලධාරිනියන්ට […]

Local News
September 28, 2022
203 views 1 sec 0

සංචාරක කර්මාන්තය සංචාරක ආර්ථිකයක් දක්වා වර්ධනය කළ යුතුයි – අනුර කුමාර දිසානායක 

රට මුහුණදී ඇති ඩොලර් සහ රුපියල් අර්බුදයට විසඳුමක් ලංකාවේ සංචාරක කර්මාන්තය  සංචාරක ආර්ථිකයක් දක්වා වර්ධනය කිරීමෙන් සොයාගත හැකි බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මෙය සඳහන් කළේ කොළඹ පැවති සම්මන්ත්‍රණයක් අමතමින්ය. එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ ව්ඩොලර් අර්බුදයට වඩා රුපියල් අර්බුදයට ශ්‍රී ලංකාව මුහුණදී ඇති බවයි. ඒ අනුව රුපියල් අර්බුදය […]

Local News
September 28, 2022
206 views 0 secs 0

නොරොච්චෝලේ බලාගාරය යථා තත්වයට පත් කිරීමට දින කිහිපයක් ගත වෙයි – බලශක්ති ඇමති

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය දෝෂයක් හේතුවෙන් අක්‍රිය වී ඇති අතර එය යථා තත්ත්වයට පත් කිරීමට දින 3 – 5ත් කාලයක්ගත විය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මෙම පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තෙක් විදුලි උත්පාදනය සඳහා තාප විදුලි බලාගාර යොදා ගන්නා බව ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා […]

Local News
September 27, 2022
286 views 0 secs 0

තොටලග ඇති වූ ගින්න..

තොටළඟ – කජීමාවත්තේ මහල් නිවාස සංකීර්ණයක අද ගින්නක් ඇති වූ අතර මේ වන විට ගින්න මේ වන විට සම්පූර්ණයෙන් නිවා දමා තිබෙනවා. ගින්නෙන් නිවාස 50 ක් පමණක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර කිසිඳු පුද්ගලයෙකුට තුවාල සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.

Local News
September 26, 2022
210 views 0 secs 0

විරෝධතාවන් පැවැත්වීමට අනුමැතිය ලබාගත යුතුයි…

විරෝධතා පැවැත්වීමට පැය 6 කට පෙර පොලිසිය දැනුවත් කර අනුමැතිය ලබාගත යුතු බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියා එමෙන්ම සාමකාමී උද්ඝෝෂණවලට බාධාවක් නොමැති බවත් ඔහු මෙහිදී පෙන්වා දී සිටියා.

Local News
September 26, 2022
197 views 0 secs 0

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව PUCSL ප්‍රධානියාට නීත්‍යානුකූලව ප්‍රතිචාර දැක්වීමට

බොරතෙල්වල ප්‍රමිතිය පිළිබඳ චෝදනාව සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපතිවරයාට නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඩීසල් සහ ඉන්ධන තෙල් තොග ඇති බවයි.

Local News
September 26, 2022
199 views 10 secs 0

හෙට සහ අනිද්දා විදුලි කප්පාදුවේ වෙනසක්…

හෙට (27) සහ අනිද්දා(28) පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙන අතර A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ සඳහා දිවා කාලයේ පැය 1 ක් සහ රාත්‍රියේ පැය 1 විනාඩි 20ක් වශයෙන් විදුලි කප්පාදුව සිදු වනු ඇත.

Local News
September 26, 2022
203 views 0 secs 0

නිල සංචාරයක් සඳහා ජනපති දිවයිනෙන් පිටත්ව යයි….

අද (26) අලුයම තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ, ජනාධිපති ජපානය තුළ රැදී සිටින කාලය තුළ ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා සහ ඉහළ පෙළේ නායකයින් රැසක් සමඟ සාකච්ඡා කිරීමටද නියමිත බවයි. සැප්තැම්බර් 28 වනදා ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිලිපීනය […]

Local News
September 26, 2022
205 views 0 secs 0

ජනපති හා සින්ඩි මැකේන් අතර හමුවක්…

රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ අමෙරිකානු තානාපතිනිය වන සින්ඩි මැකේන් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාව සඳහා මෙරට ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග්ද සහභාගීවී තිබෙන අතර ශ්‍රී ලාංකිකයන්ට පවතින ආර්ථික දුෂ්කරතාවල බලපෑම පිළිබඳව සහ හදිසි මානුෂීය අවශ්‍යතා සපුරාලීම සඳහා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කළ යුතු ආකාරය […]