Local News
October 06, 2022
334 views 1 sec 0

සංචාරක ඉන්ධන අවසරපත්‍රය එළිදක්වයි.

සංචාරක ඉන්ධන අවසරපත්‍ර, පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමය ඊයේ (5) එළිදැක්විණි.රට පුරා ඉන්ධන පිරවුම්හල් 300+ කදී ඉන්ධන මිලදී ගැනීමට සංචාරකයාට USD පෙරගෙවුම් කාඩ්පතක් භාවිතා කිරීමට මෙමගින් හැකියාව ලැබේ. කාඩ්පත ගුවන්තොටුපළ ඩයලොග් සහ සම්පත් බැංකු කවුන්ටරවලින් ලබාගත හැකි අතර සම්පත් බැංකු ශාඛාවලින් ටොප්අප් කළ හැක. තවද, සංචාරක ඉන්ධන අවසරපත්‍ර පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සහාය වීම සම්බන්ධයෙන් සංවර්ධන […]

Local News
October 05, 2022
304 views 0 secs 0

දින තුනක් කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටසක් වසා දමයි.

කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටසක් අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වසා තැබීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කොස්ගම සිට අවිස්සාවේල්ල කොටස ඔක්තෝබර් 07 වනදා රාත්‍රී 8.30 සිට 10 වනදා පෙරවරු 06.00 දක්වා  වසා තැබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේමෙම කාලය තුළදී කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය කෙරෙන්නේ කොස්ගම දක්වා පමණක් බවයි.

Local News
October 05, 2022
300 views 1 sec 0

ඇමරිකාවෙන් තවත් වෛද්‍ය සැපයුම් තොගයක්

ඩොලර් මිලියන 2.74 ක් වටිනා වෛද්‍ය සැපයුම් තොගයක් එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මානුෂීය සංවිධානයක් වන HOPE Worldwide විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා. කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කරන්නේ ශ්‍රී ලාංකිකයින්ට කඩිනම් සහන සැලසීම සඳහා අදාළ ආධාර ශ්‍රී ලංකාවට ලබාදුන් බවයි .තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඩොලර් මිලියන 12 ඉක්මවන වෛද්‍ය ආධාරයන් පසුගිය […]

Local News
October 05, 2022
305 views 0 secs 0

දුරකථන ගාස්තු යලි ඉහලට…

අද (05) සිට දුරකථන ගාස්තු නැවත වරක් ඉහල දැමීමට දුරකථන සමාගම් තීරණය කර තිබෙනවා.මෙම මස සිට 2.5% ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද කිරීම මෙම ගාස්තු සංශෝධනට හේතුව ලෙස එම සමාගම් පෙන්වා දෙන අතර නව ගාස්තු සම්බන්ධ තොරතුරු අදාල දුරකථන සමාගම් වල වෙබ් අඩවි වලින් ලබා ගත හැකි බවද දන්වා සිටියා.

Local News
October 05, 2022
341 views 3 secs 0

ගෑස් මිල අඩු වෙයි..

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ සමාගම ගෑස් සිලින්ඩර් මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා.නව මිල පහතින්.12.5kg – රු. 42805kg – රු. 17202.3kg – රු. 800

Local News
October 05, 2022
305 views 0 secs 0

ජාතික සභාවට ගිය පාඨලී..

පාඨලී චම්පික රණවක ජාතික සභා සාමජිකයෙකු ලෙස පාර්ලිමේන්තුවේදී නම් කර තිබෙන අතර ඒ සම්බන්ධ නිවේදනය ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

Local News
October 05, 2022
314 views 0 secs 0

ජාතික සභා සාමාජිකත්වයෙන් තොණඩමන් ඉල්ලා අස්වෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණඩමන් ජාතික සභා සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබෙන අතර කථානායකවරයාඑම පුරප්පාඩුව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.රාමේශ්වරන් පත් කර තිබෙන බව අද (5) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

Local News
October 04, 2022
438 views 0 secs 0

දුම්රියක් පීලි පනී…

වැල්ලවදී දුම්රියක් පීලි පැනම නිසා උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.

Local News
October 04, 2022
304 views 1 sec 0

සිමෙන්ති මිලත් පහලට..

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල පහළ දමා තිබෙන අතර INSEE සංස්ථා සහ INSEE මහවැලි මැරීන් ප්ලස් සිමෙන්ති කොට්ටයක් රු.100කින් අඩු කෙරෙනු ඇති.