Local News
October 13, 2022
226 views 0 secs 0

සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලීමට විශේෂ වැඩ පිළිවෙලක්..

සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලීම සදහා විශේෂ කණ්ඩායමක් අනුයුක්ත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර සිටියා.

Local News
October 12, 2022
190 views 1 sec 0

ඉදිරියේදී QR සහිත රියදුරු බලපත්‍රයක්

චිප් සහිත රියදුරු බලපත්‍රය වෙනුවට QR කේතයක් සහිත ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් වන  අදාළ තොරතුරු තාක්ෂණික අංශවල හා වෙනත් විද්වත් කමිටුවලට යොමුකර අදාළ ක්‍රියාත්මක කිරීමේ දී ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කර නවීන ඩිජිටල් තාක්ෂණයෙන් යුත් රියදුරු […]

Local News
October 12, 2022
252 views 0 secs 0

මහ බැංකුවේ (CBSL) නියෝජ්‍ය අධිපති ලෙස කේ.එම්.ඒ.එන් දවුලගල මහත්මිය පත් කෙරේ.

මුදල් අමාත්‍යවරයාගේ එකඟතාවය ඇතිව මුදල් මණ්ඩලය විසින්සහකාර අධිපති සහ මුදල් මණ්ඩලයේ ලේකම් කේ.එම්.ඒ.එන් දවුලගල මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) නියෝජ්‍ය අධිපති තනතුරට 2022 ඔක්තෝබර් 07 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි උසස් කර ඇත.කේ එම් ඒ එන් දවුලගල මහත්මිය බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්‍ෂණය සහ නියාමනය, සාර්ව විචක්ෂණ නිරීක්ෂණ, මූල්‍ය, ජාත්‍යන්තර මෙහෙයුම්, අවදානම් කළමනාකරණය, ප්‍රාදේශීය […]

Local News
October 11, 2022
510 views 2 secs 0

මෙරට ප්‍රථම සූර්ය පැනල විදුලි බලාගාරය මඩකලපුවේ..

මඩකලපුව, වවුනතිව් ප්‍රදේශයේ ඉදිකරන ලද සෝලා යුනිවර්ස් හෙවත් සූර්ය පැනල විදුලි බලාගාරය අද (11) විවෘත කරන ලදී. මෙම බලාගාරය Wind Force, Vidullanka හා Hi Energy සමාගම් වල ආයෝජනයෙන් සංවර්ධනය කර ඇති අතර මෙය මෙරට සූර්ය පැනල මගින් බලශක්තිය නිපදවීම හා කෘෂිකර්මාන්තයද සිදු කරන ප්‍රථම ව්‍යාපෘතිය බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සදහන් කර සිටියා. මෙම […]

Local News
October 11, 2022
202 views 0 secs 0

රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ ගාස්තු ඉහලට…

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාරියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ ගාස්තු සංශෝධනය කර ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනය පහතින්.

Local News
October 11, 2022
225 views 0 secs 0

මෙරටට සංචාරකයන් පැමිණීමේ වර්ධනයක්..

මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ගණන 526,232 ඇති අතර, පසුගිය වසරේ මෙම කාල සීමාව සමග සසඳන විට එය 1287.6% වර්ධනයක් පෙන්වන බවත් මහ බැංකු දත්ත පෙන්වා දී සිටියා. මෙම කාල සීමව තුළ ලංකාවේ සංචාරක කර්මාන්තය ඇ.ඩො මිලියන 946.4ක ආදායමක් ඉපයූ බවද මෙම දත්ත පෙන්වා දී සිටියා.

Local News
October 11, 2022
196 views 0 secs 0

ලාෆ්ස් ගෑස් මිල පහලට..

ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල අඩුකිරීමට තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 5300කි. එමෙන්ම කිලෝග්‍රෑම් 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 2120ක් වේ.

Local News
October 10, 2022
209 views 0 secs 0

දයාසිරිගෙන් CID යට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (10)පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. පැමිණිල්ල ඉදිරිපත් කොට ඇත්තේ තිලිණි ප්‍රියමාලි නම් කාන්තාවට මුදල් ලබාදුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නම් ලැයිස්තුවට තම නම ඇතුළත්වීම සම්බන්ධයෙන්ය. මන්ත්‍රීවරයා සඳහන් කළේ සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ නම් ලැයිස්තුව සඳහා තමන්ගේ නම් එකතු කළේ කවුරුන්ද යන්න පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙස අදාළ […]

Local News
October 10, 2022
208 views 0 secs 0

පාඨලී චම්පිකගේ විදෙස් ගමන් තහනම ඉවත් කරයි.

අද (10) දිනයේ කොළඹ මහාධිකරණය විසින් ලබන වසරේ මාර්තු මස 17 වනදා තෙක් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව අත්හිටුවීමට නියෝග කර තිබෙනවා.2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකු අනතුරට ලක් කොට ඊට අදාළ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.මෙම නියෝගය අද කොළඹ මහාධිකරණ […]

Local News, Sports
October 10, 2022
205 views 0 secs 0

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩිකාවෝ සිව්වැනි ජයග්‍රහණය වාර්තා කරයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිය සිව්වැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්වී තිබෙනවා.ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 3 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.