Local News
October 16, 2022
236 views 0 secs 0

කොත්තුවක මිල අද සිට පහලට..

ආනයනික තිරිගු පිටි කිලෝවක මිල 290 වීමත් සමග අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි කොත්තුවක මිල රු.50කින් අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කර සිටියා. කෙසේ වුවද බේකරි නිෂ්පාදන සදහා තිරිඟු පිටි සපයන ප්‍රධාන සමාගම් දෙක මෙතෙක් සිය මිල ගණන් අඩු කර නොමැති නිසා පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු […]

Local News
October 15, 2022
241 views 0 secs 0

මාපාකඩ වැවේ ගිලී වෛද්‍යවරයෙක් මරුට..

මහියංගනය හා කරවනැල්ල රෝහල්වල වෛද්‍යවරුන් දෙදෙනෙකු ඊයේ (14) සවස් කාලයේදී මාපාකඩ වැවේ දිය නාමින් සිටියදී එක් අයෙකු දියේ ගිලී ඇති බව පොලීසිය ප්‍රකාශ කර සිටියා. මෙලෙස මියගොස් ඇත්තේ, දිවුලපිටිය, වෙලගාන ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි මහියංගනය රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරයෙකි. ප්‍රදේශවාසීන් විසින් ඔහු මුදා මහියංගනය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වේ.

Local News
October 14, 2022
227 views 0 secs 0

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්..

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට 15 වන දින ජය සැපයුම අත් හිටුවන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ප්‍රකාශ කර සිටියා. ඒ අනුව කොළඹ 02,03,04,05,06,07,08 හා 09 යන ප්‍රදේශ වලට 15වන දින රාත්‍රී 10 සිට 16වන දින උදෑසන 10 දක්වා පැය 12 කාලයක් ජල සැපයුම අත් හිටුවනු ලැබේ.

Local News
October 13, 2022
232 views 0 secs 0

ගෝඨාභය රජයේ වැරදි විගණනයට අවසර..

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මත පදනම්ව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ ගත් වැරදි ආර්ථික කළමනාකරණ තීරණ නිසා ජනාතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි කියමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක විභාගයට අවසර දෙමින් කළ නියෝගය මත විශේෂ විගණනයක් ආරම්භ කළ බව ජාතික විගණන කාර්යාලය පවසයි. මේ සඳහා නියෝජ්‍ය විගණකාධිපතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් අනියුක්ත කර තිබේ. ඩොලරය රුපියල් 203 […]

Local News
October 13, 2022
256 views 0 secs 0

සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලීමට විශේෂ වැඩ පිළිවෙලක්..

සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලීම සදහා විශේෂ කණ්ඩායමක් අනුයුක්ත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර සිටියා.

Local News
October 12, 2022
214 views 1 sec 0

ඉදිරියේදී QR සහිත රියදුරු බලපත්‍රයක්

චිප් සහිත රියදුරු බලපත්‍රය වෙනුවට QR කේතයක් සහිත ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් වන  අදාළ තොරතුරු තාක්ෂණික අංශවල හා වෙනත් විද්වත් කමිටුවලට යොමුකර අදාළ ක්‍රියාත්මක කිරීමේ දී ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කර නවීන ඩිජිටල් තාක්ෂණයෙන් යුත් රියදුරු […]

Local News
October 12, 2022
284 views 0 secs 0

මහ බැංකුවේ (CBSL) නියෝජ්‍ය අධිපති ලෙස කේ.එම්.ඒ.එන් දවුලගල මහත්මිය පත් කෙරේ.

මුදල් අමාත්‍යවරයාගේ එකඟතාවය ඇතිව මුදල් මණ්ඩලය විසින්සහකාර අධිපති සහ මුදල් මණ්ඩලයේ ලේකම් කේ.එම්.ඒ.එන් දවුලගල මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) නියෝජ්‍ය අධිපති තනතුරට 2022 ඔක්තෝබර් 07 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි උසස් කර ඇත.කේ එම් ඒ එන් දවුලගල මහත්මිය බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්‍ෂණය සහ නියාමනය, සාර්ව විචක්ෂණ නිරීක්ෂණ, මූල්‍ය, ජාත්‍යන්තර මෙහෙයුම්, අවදානම් කළමනාකරණය, ප්‍රාදේශීය […]

Local News
October 11, 2022
543 views 2 secs 0

මෙරට ප්‍රථම සූර්ය පැනල විදුලි බලාගාරය මඩකලපුවේ..

මඩකලපුව, වවුනතිව් ප්‍රදේශයේ ඉදිකරන ලද සෝලා යුනිවර්ස් හෙවත් සූර්ය පැනල විදුලි බලාගාරය අද (11) විවෘත කරන ලදී. මෙම බලාගාරය Wind Force, Vidullanka හා Hi Energy සමාගම් වල ආයෝජනයෙන් සංවර්ධනය කර ඇති අතර මෙය මෙරට සූර්ය පැනල මගින් බලශක්තිය නිපදවීම හා කෘෂිකර්මාන්තයද සිදු කරන ප්‍රථම ව්‍යාපෘතිය බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සදහන් කර සිටියා. මෙම […]

Local News
October 11, 2022
230 views 0 secs 0

රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ ගාස්තු ඉහලට…

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාරියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ ගාස්තු සංශෝධනය කර ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනය පහතින්.

Local News
October 11, 2022
249 views 0 secs 0

මෙරටට සංචාරකයන් පැමිණීමේ වර්ධනයක්..

මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ගණන 526,232 ඇති අතර, පසුගිය වසරේ මෙම කාල සීමාව සමග සසඳන විට එය 1287.6% වර්ධනයක් පෙන්වන බවත් මහ බැංකු දත්ත පෙන්වා දී සිටියා. මෙම කාල සීමව තුළ ලංකාවේ සංචාරක කර්මාන්තය ඇ.ඩො මිලියන 946.4ක ආදායමක් ඉපයූ බවද මෙම දත්ත පෙන්වා දී සිටියා.