Local News
October 20, 2022
215 views 0 secs 0

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කාලසටහනේ වෙනසක්..

අද දින සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ දුම්රිය මාර්ගයේ උදෑසන කාර්යාල දුම්රිය ධාවන වේලාවන් සංශෝධනය කර තිබේ.දුම්රිය ධාවනයේදී පැන නැගී ඇති ගැටලු කිහිපයක් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති අතර මීට පෙර දුම්රිය ධාවනය වෙලාවට මිනිත්තු 10ට හෝ 15කට පෙර නව සංශෝධිත දුම්රිය කාලසටහනට අනුව දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ. නව […]

Local News
October 20, 2022
235 views 0 secs 0

සති අන්තයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි..

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් හේතුවෙන් සෙනසුරාදා (22) රාත්‍රී 10.00 සිට ඉරිදා (23) දහවල් 12.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ප්‍රකාශ කර සිටියා. කොළඹ 2, 3, 4, 5, 7, 8, 9 සහ 10 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන අතර එමගින් මහජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳ කණගාටුව පළ කරන […]

Local News
October 20, 2022
217 views 0 secs 0

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ධීවරයින්ට අනතුරු ඇඟවීම්..

උතුරු අන්දමන් මුහුද, දකුණු අන්දමන් මුහුද සහ ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව මුහුදු ප්‍රදේශවල අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බවත්, මේ හේතුවෙන් බෙංගාල බොක්ක දකුණු ගැඹුරු මුහුදු ප්‍රදේශවල සහ උතුරු අන්දමන් මුහුදේ ක්‍රියා කරන ධීවරයින්ට විමසිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මෙම අඩු පීඩන කලාපය ලබන 22 වැනිදා වන විට බටහිර සහ වයඹ දෙසට […]

Local News
October 20, 2022
217 views 0 secs 0

ආනයනික තිරිගු පිටි මිල පහලට..

ආනයනික තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රු. 25, අඩු කල බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය (EFCඓඨෑ ප්‍රකාශ කර සිටියා. ඒ අනුව ආනයනික තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් වත්මන් මිල රුපියල් 265ක් වේ. කෙසේ වෙතත්, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කියා සිටියේ පාන් ගෙඩියක් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කරනු ලබන්නේ තිරිඟු පිටි මිල රුපියල් 270 […]

Local News
October 19, 2022
213 views 3 secs 0

සතොස භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි..

ලංකා සතොස ආයතනය අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06ක මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා. දිවයින පුරා ඕනෑම සතොස අලෙවි සැලක් මගින් මෙම භාණ්ඩ ලබා ගත හැකි බවද එම ආයතනය පෙන්වා දී සිටියා. මිල අඩු කල භාණ්ඩ ලැයිස්තුව පහතින්. සුදු ලූණු 1Kg 60කින් (නව මිල රු.490)පාන් පිටි 1Kg 55කින් (නව මිල රු.320)හාල්මැස්සන් 1Kg 50කින් (නව මිල රු.1450)කඩල […]

Local News
October 19, 2022
198 views 0 secs 0

තිළිණි ප්‍රියමාලි හා ඉසුරු බණ්ඩාර රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරයි.

මුදල් වංචාවක් හේතුවෙන් රිමාන්ඩ් භාරයේ සිටින තිළිණි ප්‍රියමාලි හා ඇයගේ ව්‍යාපාරික හවුල්කරුවා වන ඉසුරු බණ්ඩාරව නොවැම්බර් 02 දක්වා , රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ස්කයිප් ඔස්සේ අද (19) නඩු විභාගය සිදුකිරීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

Local News
October 19, 2022
210 views 0 secs 0

ගාල්ල යක්කලමුල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් එක් අයෙකු ජිවිතක්ෂයට

අද දහවල් ගාල්ල, යක්කලමුල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.පොලීසිය සඳහන් කළේ යක්කලමුල්ල කළුවලගල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි. වෙඩි ප්‍රහාරයට ලක්වූ වයස අවුරුදු 3 ක පමණ කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

Local News
October 19, 2022
212 views 0 secs 0

අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක හිමියෝ අපවත් විය.

මහා බෝධියේ භාරකාර සහ ප්‍රධාන පූජක, අනුරාධපුර අටමස්ථානාධිපති අතිපූජ්‍ය (ආචාර්ය) පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ අපවත් වූහ. අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වූ බව වාර්තා වේ. මිය යන විට ඔහු 69 වැනි වියේ පසුවිය.අතිපූජ්‍ය (ආචාර්ය) පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමේ කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද නියෝග […]

Local News
October 18, 2022
230 views 0 secs 0

නාවික හමුදාව අතුරුදන් වූ නිරීක්ෂණ යාත්‍රාව සමඟ සන්නිවේදනය යළි ස්ථාපිත කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව මීට මාසයකට පමණ පෙර සබඳතා බිඳ වැටී තිබූ යාත්‍රාවක් සමඟ සබඳතා යළි ස්ථාපිත කර තිබේ.නැවියන් 06 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සහිත මෙම යාත්‍රාව දකුණු මුහුදු තීරයේ නිරීක්ෂණ කටයුතුවල නිරතව සිටියදී සැප්තැම්බර් 16 වන දින සබඳතා බිඳ වැටුණි.ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ යාත්‍රාව සමඟ සන්නිවේදනය යළි ස්ථාපිත කිරීමට හැකි […]

Local News
October 18, 2022
212 views 0 secs 0

2022 සඳහා ශ්‍රී ලංකාවේ ණය සීමාව ඉහළ නැංවීමේ යෝජනාව අනුමත කරයි.

2022 වසර සඳහා රජයේ ණය සීමාව ඉහළ නැංවීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. අද (18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, දැනට රටට ණය ගත හැක්කේ පාර්ලිමේන්තුවේ ණය සීමාව වන රු. බිලියන 3,844 කි.රුපියල අවප්‍රමාණය වීම නිසා රජයේ වියදම විශාල ලෙස ඉහළ […]