Local News
November 14, 2022
260 views 0 secs 0

බදාදා දින කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්..

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එළඹෙන (16) බදාදා දින පෙරවරු 8.30 සිට කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව අදාළ කාලය තුළ වාද්දුව, වස්කඩුව පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර (උතුර/ දකුණ), කටුකුරුන්ද /නාගොඩ,බෝම්ඹුවල,පිලමිනාවත්ත යන ප්‍රදේශවලට ජල කප්පාදුව සිදු කෙරෙනු ඇති.

Local News
November 14, 2022
261 views 0 secs 0

බස් ගාස්තු වල වෙනසක් නැහැ – ගැමුණු විජේරත්න

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා, ඩීසල් මිල ඉහළ දැමූවද බස් ගාස්තු වැඩි කිරීමට අපේක්ෂා නොකරන බව ප්‍රකාශ කර සිටියා. ඒ අනුව ඔහු සඳහන් කරන්නේ, පසුගිය වතාවේ ඩීසල් රුපියල් 15 කින් අඩුවූ අවස්ථාවේදී බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවූ බවත් යළිත් එම මුදලම වැඩි කිරීම නිසා බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවයි.

Local News
November 14, 2022
270 views 0 secs 0

සේවයට වාර්තා නොකළ ත්‍රිවිධ හමුදා සමාජිකයින්ට නිවේදනයක්…

හෙට (15) සිට, නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලය ආරම්භ වනවා. දෙසැම්බර් මස 31 වන දින දක්වා මෙමම පොදු සමා කාලය ලබාදී ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර සිටියා. මේ වසරේ ඔක්තෝබර් මස 25 වනදා හෝ ඊට පෙර නිවාඩු නොලබා සේවයට වාර්තා නොකළ පුද්ගලයින් […]

Local News
November 13, 2022
286 views 0 secs 0

ඉන්දීය මුහුදු කලාපයට ඇතුළු වූ ධීවරයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට..

ශ්‍රී ලාංකික ධීවරයින් 11 දෙනෙකු යාත්‍රා 02ක් සමග ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නීතිවිරෝධීව ඉන්දීය මුහුදු කලාපයට ඇතුළුවීමේ චෝදනා යටතේයි.ඔවුන් එම අවස්ථාවේ ශ්‍රීකාකුලම් දිස්ත්‍රික්කයේ කාලිංගපට්නම් වෙරළට නාවික සැතපුම් 175 ක් ඔබ්බෙන් ඉන්දීය මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිට තිබේ. අත්අඩංගුවට ගත් ධීවරයින් වැඩිදුර විමර්ශන සඳහා කාකිනද පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බව ඉන්දීය […]

Local News
November 13, 2022
272 views 0 secs 0

ඉන්ධන තොග ගොඩබෑම අරඹයි…

දිවයිනට සේන්දු වූ බොරතෙල් නෞකාවේ තෙල් මෙට්‍රික් ටොන් 99,978ක තොග ගොඩබෑම ආරම්භ කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර සිටියා. එමෙන්ම අමතරව දිවයිනට සේන්දු වූ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් රැගත් නෞකාවේ තොග ගොඩබෑම ද ආරම්භ කළ බව අමාත්‍යවරයා පවසයි. එලෙස ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග පැමිණියේ අප්‍රේල් මාසයෙන් පසුව වන අතර […]

Local News
November 05, 2022
294 views 0 secs 0

යාල් දේවි දුම්රිය පිලි පනි.

අද (05) පස්වරු 1.30ට වවුනියාව මැදවච්චිය අතර ප්‍රදේශයේ දී කන්කසන්තුරය සිට කොළඹ කොටුව බලා ධාවන වන යාල්දේවී සීඝ්‍රගාමී දුම්රිය පීලී පැනීමකට ලක්ව ඇත.දුම්රියේ එන්ජිම හා මැදිරි දෙකක් මෙලෙස පීලී පැනීමකට ලක්ව ඇති අතර මේ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.මෙම පීලී පැනීම හේතුවෙන් සිල්පර කොට විශාල ප්‍රමාණයක් හානි සිදු […]

Local News
November 05, 2022
288 views 0 secs 0

මහින්ද දේශප්‍රියට අලුත් භූමිකාවක්

මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ සීමා නිර්ණය කිරීම සඳහා 5 දෙනෙකුගෙන් යුත් ජාතික සීමා නිර්ණය කමිටුවක් පත් කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Local News
November 04, 2022
277 views 0 secs 0

සති අන්තයේ පැයක විදුලි කප්පාදුවක්

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) එළඹෙන දිගු සති අන්තයේ නොවැම්බර් 05 සිට 7 දක්වා පැය 1 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත.නොවැම්බර් 08 වැනි අඟහරුවාදා පැය දෙකක විදුලි කප්පාදුවක් කිරීමට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව විදුලි කප්පාදුව පහත පරිදි ක්‍රියාත්මක කෙරේ.

Local News
November 04, 2022
299 views 0 secs 0

Monkeypox පිළිබඳ සෞඛ්‍ය අංශ වෙතින් පණිවිඩයක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධනශ්‍රී ලංකාවෙන් වඳුරු රෝගියෙකු හඳුනා ගැනීම හේතුවෙන් ජනතාව බිය විය යුතු නැතැයි ඔහු පැවසීය.අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දැනට රට තුළ ක්‍රියාත්මක වන සෞඛ්‍ය ප්‍රොටෝකෝල හොඳින් ක්‍රියාත්මක වීම හේතුවෙන් රෝගියා ඉක්මනින් හඳුනා ගත් බවයි.19 හැවිරිදි තරුණයා විදේශගතව සිට නොවැම්බර් 01 වැනිදා පැමිණ ඇති බවත්, සැකපිට වෛද්‍යවරුන් ඔහුගෙන් […]

Local News
November 04, 2022
279 views 0 secs 0

ඉදිරියේදී ගෑස් හිගයක් ඇති නොවන බව ලිට්‍රෝ සමාගමේ සභාපති කියයි.

නැවත ගෑස් හිගයක් ඇති නොවන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ ය. මෙට්‍රික් ටොන් 28,000 ආසන්න  ගෑස් ඇනවුම් කර ඇති බවත් ඒ හේතුවෙන් නොවැම්බර් මාසයේ ගෑස් හිඟයක් ඇති නොවන බවයි.ඔහු වැඩිදුරටත් සදහන් කළේ ඇතැම් අලෙවි නියෝජිතයින් මිල සංශෝධනයක් සිදුවේ යැයි අපේක්ෂාවෙන් ඇණවුම් ලබා නොදීම හේතුවෙන් හිඟයක් වාර්තා වූ බවත් සඳුදා දිනය වන විට […]