සන්නද්ධ හමුදා සාමාජිකයින්ට කලින් විශ්‍රාමගැනීම සම්බන්ධ යෝජනාවක්…
මෙවර අයවැය යෝජනා වලට සන්නද්ධ හමුදා සාමාජිකයින් සඳහා කලින් විශ්‍රාම ගැනීම සම්බන්ධ යෝජනාවක් ඇතුළත් කර තිබේ. ඒ අනුව විශේෂ ඛාණ්ඩ හැර අනෙකුත් සාමාජිකයින් සඳහා වසර 18ක සේවාකාලයකින් අනතුරුව විශ්‍රාම ලබාගැනීමේ අවස්ථාව ලබාදීමට මෙවර අයවැය මගින් යෝජනා කර තිබන අතර ඵලදායි ආර්ථික කටයුතුවල යෙදීමට හැකිවන සේ ඔවුන්ට සුදුසු පුහුණුවක් ලබාදීමටද යෝජිතය.
මත්පැන් වල ගුණාත්මක බව තීරණය කිරීමට අයවැයෙන් ගත් පියවර..
2023 අයවැය යෝජනා හරහා මධ්‍යසාර නිෂ්පාදනවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ නව රසායනාගාරයක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා යෝජනා කළේය. ප්‍රමිතීත් සකස් කිරීම සඳහා ආයතනයක් නොතිබීම තුළ මිනිස් පරිභෝජනයට නුසුදුසු මධ්‍යසාර හඳුනාගැනීම දුෂ්කර වී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වාදුනි. එසේම නුසුදුසු මධ්‍යසාර සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමද දුෂ්කර වීම ඇතුළු කරුණු මුල්කරගනිමින් මෙම රසායනාගාරය පිහිටුවීමට පියවර ගන්නා […]
බදු ආදායම් වැඩි වන හැටි..
බදු ආදායම වැඩිකිරීම සඳහා 2023 අයවැය මගින් විවිධ පියවර යෝජනා කර තිබේ. සිය මංගල අයවැය ඉදිරිපත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2019 බදු කප්පාදුව මගින් සිදුවූ ආදායම් අහිමිවීම නිවැරදි කිරීම සඳහා අවශ්‍ය යෝජනා 2023 අයවැය යෝජනාවලියේ අඩංගු බව ප්‍රකාශ කර සිටියා. ඒ සඳහා Vඇඨ් වැඩිකිරීම වැදගත් බව අයවැය යෝජනාවලියේ දැක්වෙයි. රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම තුළින් මුදල් […]
බදාදා දින කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්..
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එළඹෙන (16) බදාදා දින පෙරවරු 8.30 සිට කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව අදාළ කාලය තුළ වාද්දුව, වස්කඩුව පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර (උතුර/ දකුණ), කටුකුරුන්ද /නාගොඩ,බෝම්ඹුවල,පිලමිනාවත්ත යන ප්‍රදේශවලට ජල කප්පාදුව සිදු කෙරෙනු ඇති.
බස් ගාස්තු වල වෙනසක් නැහැ – ගැමුණු විජේරත්න
ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා, ඩීසල් මිල ඉහළ දැමූවද බස් ගාස්තු වැඩි කිරීමට අපේක්ෂා නොකරන බව ප්‍රකාශ කර සිටියා. ඒ අනුව ඔහු සඳහන් කරන්නේ, පසුගිය වතාවේ ඩීසල් රුපියල් 15 කින් අඩුවූ අවස්ථාවේදී බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවූ බවත් යළිත් එම මුදලම වැඩි කිරීම නිසා බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවයි.
සේවයට වාර්තා නොකළ ත්‍රිවිධ හමුදා සමාජිකයින්ට නිවේදනයක්…
හෙට (15) සිට, නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලය ආරම්භ වනවා. දෙසැම්බර් මස 31 වන දින දක්වා මෙමම පොදු සමා කාලය ලබාදී ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර සිටියා. මේ වසරේ ඔක්තෝබර් මස 25 වනදා හෝ ඊට පෙර නිවාඩු නොලබා සේවයට වාර්තා නොකළ පුද්ගලයින් […]
ඉන්දීය මුහුදු කලාපයට ඇතුළු වූ ධීවරයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට..
ශ්‍රී ලාංකික ධීවරයින් 11 දෙනෙකු යාත්‍රා 02ක් සමග ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නීතිවිරෝධීව ඉන්දීය මුහුදු කලාපයට ඇතුළුවීමේ චෝදනා යටතේයි.ඔවුන් එම අවස්ථාවේ ශ්‍රීකාකුලම් දිස්ත්‍රික්කයේ කාලිංගපට්නම් වෙරළට නාවික සැතපුම් 175 ක් ඔබ්බෙන් ඉන්දීය මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිට තිබේ. අත්අඩංගුවට ගත් ධීවරයින් වැඩිදුර විමර්ශන සඳහා කාකිනද පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බව ඉන්දීය […]
