Local News
November 28, 2022
220 views 0 secs 0

ධීවර ප්‍රජාවට විශ්‍රාම වැටුපක්…

ධීවර ප්‍රජාව සඳහා විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව ධීවර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා.කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා එම විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කර සිටියේ.

Entertainment, Local News
November 28, 2022
439 views 0 secs 0

යුග දිවියට එළඹුණු ක්‍රීඩකයින්..

අද(28) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් තිදෙනෙකු විවාහ දිවියට පිවිසිනි. ඒ පැතුම් නිස්සංක, කසුන් රාජිත සහ චරිත් අසලංකයි. නමුත් ඊයේ(27) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති දෙවන එක්දින තරගය ද මොවුන් තිදෙනාම ක්‍රීඩා කිරීම විශේෂත්වයකි. ඊයේ තරගයේදී කසුන් රාජිත සිය එක්දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ද වාර්තා කරමින් ලකුණු 31කට කඩුලු 3ක් ද […]

Local News
November 27, 2022
279 views 0 secs 0

ලිට්‍රො සමාගමෙන් ගෑස් බෙදා හැරීම සම්බන්ධව නිවේදනයක්…

දෙසැම්බර් 01 වැනිදා සිට දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළෙඳපොළට මුදාහරින බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. හෙට(28) සහ අනිද්දා(29) දිනවල ගෘහස්ථ ගෑස් සිලින්ඩර 40,000 බැගින් නිකුත් කරන බව නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කර සිටියා. අද දිනයේ ගෑස් නිකුත් කරන්නේ කර්මාන්ත ශාලා, ප්‍රධාන හෝටල් සහ අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. […]

Local News
November 27, 2022
197 views 0 secs 0

රුහුණු සරසවියේ ගැටුමක් හේතුවෙන් සිසුන් 11 දෙනෙකු රෝහලේ..

රුහුණු විද්‍යා පීඨයේ 2 වසරේ සහ අවසන් වසරේ සිසුන් අතර ගැටුමකින් සිසුන් 11 දෙනෙකු රෝහල් ගත කර ඇති බව පොලිසිය සදහන් කර සිටියා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කෙරෙන බවද පොලිසිය වැඩි දුරටත් සදහන් කර සිටියා..

Local News
November 27, 2022
220 views 0 secs 0

කිරිපිටි ආනයනය 50% කින් පහලට..

ඩොලර් ගැටලුව ඇතුලු තවත් කරුණු රැසක් හේතුවෙන් කිරිපිටි ආනයනය 50%කින් පහල ගොස් ඇති බව ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියා. කෙසේ නමුත් කිරිපිටි ආනයනයට යම් ඩොලර් ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කරමින් සිටින බවද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරි සිටියා.

Local News
November 26, 2022
200 views 0 secs 0

අපොස සා පෙල ඉහලින් සමත් ක්‍රීඩිකාව..

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකා විශ්මි ගුණරත්න මෙවර අපොස සා පෙළ විභාගයෙන් A සාමාර්ථ 9ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.ක්‍රීඩාව හා අධ්‍යාපනය සමබරව කරගෙන යන ආකාරයට මෙය කදිම ආදර්ශයක බවත්, ඉදිරි අධ්‍යාපන හා ක්‍රීඩා කටයුතු සාර්ථක වන ලෙස ප්‍රාර්ථනා කරන බවත්, ශ්‍රී ලංකා හිටපු නායිකා ශශිකලා සිරිවර්ධන ඒ සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.

Local News
November 26, 2022
254 views 0 secs 0

නීත්‍යනුකූල නොවන මත්පැන් වෙළෙඳපොළට නිකුත් වීමේ අඩුවක්..

මෙරට මත්පැන් භාවිතය 30%කින් පහළ ගොස් ඇති අතර නීත්‍යානුකූල මත්පැන් නිෂ්පාදනය 11% කින් ඉහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටියා. නීත්‍යානුකූල නොවන මත්පැන්, වෙළෙඳපොළට පැමිණීම අඩුවී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

Local News
November 26, 2022
240 views 0 secs 0

අද විදුලි කප්පාදු කාලසටහන…

අද දින සියලු කලාප සදහා පැය දෙකක කාලයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දී සිටියා. සියලු කලාප වල විදුලි කප්පදු කාල සටහන පහතින්,

Local News
November 23, 2022
206 views 0 secs 0

චාමික කරුණාරත්නට තරඟ තහනමක්….

ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ සඳහා වසරක අත්හිටවූ තරඟ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තීරණය කර තිබෙනවා. ඔස්ට්‍රේලියාවේදී පැවති ඨ්20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී තරඟ කොන්ත්‍රාත් ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වේ. චාමික කරුණාරත්න විසින් ඒ හා සමාන වරදක් යළිත් […]

Local News
November 23, 2022
206 views 0 secs 0

රටේ මූල්‍ය ප්‍රතිපත්තියට අදාළව තීරණ ගැනීමට බලය පවරා දී ඇති එකම ආයතනය මහ බැංකුවයි – ආචාර්ය නන්දලාල් වීරසිංහ

ඇඟලුම්කරුවන් කොළඹදී සංවිධාන කර තිබූ උත්සවයක් අමතමින්, රටේ ව්‍යවස්ථාවට අනුව මහජන මුදල් සම්බන්ධයෙන් අවසාන බලය පාර්ලිමේන්තුව සතු වුවද රටේ මූල්‍ය ප්‍රතිපත්තියට අදාළව තීරණ ගැනීමට බලය පවරා දී ඇති එකම ආයතනය මහ බැංකුව බව එහි අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. අයවැය විවාදයේ සිදු කරන ඇතැම් ප්‍රකාශවලින් පෙනී යන්නේ එම ප්‍රකාශ මහ බැංකුවේ භූමිකාව පිළිබඳ අඩු අවබෝධය […]