Local News
November 29, 2022
324 views 0 secs 0

සිසුවෙකුට ගිනි තැබූ මත් ලෝලියා..

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බවට සැක කෙරෙන පුද්ගලයෙකු විසින් මහනුවරදී පාසල් සිසුවෙකුට ගිනි තබා තිබේ. උත්සවයකට සහභාගී වී නිවස බලා යමින් සිටියදී මෙම දරුවාට ගිනි තබා ඇති බව පොලීසිය සඳහන් කළේය. මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵල ලැබූ අදාළ සිසුවා මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකු බවට වාරාතා වූ අතර මේ වන විට පාසල් සිසුවා රෝහලේ ප්‍රතිකාර […]

Local News
November 29, 2022
618 views 0 secs 0

අද දින විදුලි කප්පාදු කාලසටහන…

අද (29) දින සියලුම කලාප සදහා පැය 2යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දී සිටියා. එක් එක් කලාප සදහා විදුලි කප්පාදු කාල සටහන පහතින්.

Local News
November 28, 2022
316 views 0 secs 0

මට්ටක්කුලියේ ඝාතනයක්…

මට්ටක්කුලිය ප්‍රදේශයේදී 38 හැවිරිදි පුද්ගලයෙකුව වාහනයකින් පැමිණි දෙදෙනෙකු විසින් කපා කොටා ඝාතනය කර පලා ගොස් ඇති බව පොලිසිය සදහන් කර සිටියා. මියගිය පුද්ගලයා ඇප මත නිදහස්ව සිටි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවෙක් බව පොලිසිය ප්‍රකාශ කර සිටි අතර සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කෙරෙන බවයි වාර්තා වන්නේ.

Local News
November 28, 2022
302 views 0 secs 0

මාස පහකට වසා දැමෙන
දුම්රිය ධාවනය…

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය මාස 5ක කාලයකට අත්හිටුවීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියා. 2023 ජනවාරි 15 වැනිදා සිට මෙය ක්‍රියාත්මක බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Local News
November 28, 2022
310 views 0 secs 0

ධීවර ප්‍රජාවට විශ්‍රාම වැටුපක්…

ධීවර ප්‍රජාව සඳහා විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව ධීවර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා.කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා එම විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කර සිටියේ.

Entertainment, Local News
November 28, 2022
554 views 0 secs 0

යුග දිවියට එළඹුණු ක්‍රීඩකයින්..

අද(28) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් තිදෙනෙකු විවාහ දිවියට පිවිසිනි. ඒ පැතුම් නිස්සංක, කසුන් රාජිත සහ චරිත් අසලංකයි. නමුත් ඊයේ(27) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති දෙවන එක්දින තරගය ද මොවුන් තිදෙනාම ක්‍රීඩා කිරීම විශේෂත්වයකි. ඊයේ තරගයේදී කසුන් රාජිත සිය එක්දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ද වාර්තා කරමින් ලකුණු 31කට කඩුලු 3ක් ද […]

Local News
November 27, 2022
382 views 0 secs 0

ලිට්‍රො සමාගමෙන් ගෑස් බෙදා හැරීම සම්බන්ධව නිවේදනයක්…

දෙසැම්බර් 01 වැනිදා සිට දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළෙඳපොළට මුදාහරින බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. හෙට(28) සහ අනිද්දා(29) දිනවල ගෘහස්ථ ගෑස් සිලින්ඩර 40,000 බැගින් නිකුත් කරන බව නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කර සිටියා. අද දිනයේ ගෑස් නිකුත් කරන්නේ කර්මාන්ත ශාලා, ප්‍රධාන හෝටල් සහ අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. […]

Local News
November 27, 2022
302 views 0 secs 0

රුහුණු සරසවියේ ගැටුමක් හේතුවෙන් සිසුන් 11 දෙනෙකු රෝහලේ..

රුහුණු විද්‍යා පීඨයේ 2 වසරේ සහ අවසන් වසරේ සිසුන් අතර ගැටුමකින් සිසුන් 11 දෙනෙකු රෝහල් ගත කර ඇති බව පොලිසිය සදහන් කර සිටියා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කෙරෙන බවද පොලිසිය වැඩි දුරටත් සදහන් කර සිටියා..

Local News
November 27, 2022
331 views 0 secs 0

කිරිපිටි ආනයනය 50% කින් පහලට..

ඩොලර් ගැටලුව ඇතුලු තවත් කරුණු රැසක් හේතුවෙන් කිරිපිටි ආනයනය 50%කින් පහල ගොස් ඇති බව ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියා. කෙසේ නමුත් කිරිපිටි ආනයනයට යම් ඩොලර් ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කරමින් සිටින බවද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරි සිටියා.

Local News
November 26, 2022
304 views 0 secs 0

අපොස සා පෙල ඉහලින් සමත් ක්‍රීඩිකාව..

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකා විශ්මි ගුණරත්න මෙවර අපොස සා පෙළ විභාගයෙන් A සාමාර්ථ 9ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.ක්‍රීඩාව හා අධ්‍යාපනය සමබරව කරගෙන යන ආකාරයට මෙය කදිම ආදර්ශයක බවත්, ඉදිරි අධ්‍යාපන හා ක්‍රීඩා කටයුතු සාර්ථක වන ලෙස ප්‍රාර්ථනා කරන බවත්, ශ්‍රී ලංකා හිටපු නායිකා ශශිකලා සිරිවර්ධන ඒ සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.