Local News
December 19, 2022
228 views 0 secs 0

නොමිලේ සත්ත්වෝද්‍යානය නැරඹීමට අවස්ථාවක්…

ලබන 23, 24 හා 25 යන දිනවල පැවැත්වෙන සත්ත්වෝද්‍යානයේ පාරිසරික අධ්‍යාපනික ප්‍රදර්ශනයට සමාගාමීව එම දිනයන්හිදී දෙහිවල සත්ත්වෝද්‍යානය නොමිලයේ නැරඹීමට අවස්ථාව ලබාදෙන බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. 23 වැනිදා ළමුන්ට ද, 24 වැනිදා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ද සත්ත්වෝද්‍යානය නොමිලයේ නැරඹීමට අවස්ථාව ලබාදී ඇති බව එහි අධ්‍යක්ෂ,ජනරාල් ජගත් ප්‍රේමකාන්ත මහතා ප්‍රකාශ කර සිටියා.

Local News
December 16, 2022
211 views 0 secs 0

අද දින පැය 02කට අධික විදුලි කප්පාදුවක්..

අද (16) දින පැය 02යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව අද සවස් කාලයේ සියලුම කලාප සදහා පැය 2යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදු සිදු කිරීමට නියමිතයි.

Local News
December 07, 2022
218 views 0 secs 0

සපුගස්කන්ද නැවත වැඩ ඇරඹීමට සූදානම්…

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය එළැඹෙන 15 වැනි දා සිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.මේ වනවිට බොරතෙල් නෞකා දෙකක තොග ගොඩ බා ඇති බවත්, තවත් බොරතෙල් නෞකාවක් ඉදිරි දින කිහිපයේදී මෙරටට ළඟා වනු ඇති බවත් අමාත්‍යාංශය සඳහන් කර සිටියා. මේ වන විට මෙරටට ලැබී ඇති බොරතෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකකි. […]

Local News
December 05, 2022
208 views 0 secs 0

ICT සාමාන්‍ය පෙළ හර විෂයක් ලෙස එක් කිරීමට පියවර…

අධ්‍යාපන අමාත්‍යංශයේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, තොරතුරු තාක්ෂණය සාමාන්‍ය පෙළ හර විෂයක් ලෙස ඉදිරියේ දී එක් කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කර සිටියා. ඒ අනුව එම විෂය සඳහා ජාතික මට්ටමේ තක්සේරුවක් සිදුවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එමෙන්ම නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, රොබෝටික්ස්, කෘත්‍රිම බුද්ධිය වැනි නැගී එන විෂය ධාරා හරහා […]

Local News
December 05, 2022
216 views 0 secs 0

අද සිට කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය නව කාලසටහනට අනුව…

කැලණිවැලි දුම්රිය මාර්ග වෙත හඳුන්වාදී ඇති නව වේග සීමා හේතුවෙන් සිදුවන ප්‍රමාදයන් අවම කිරීම සඳහා පසුගිය දා ප්‍රකාශයට පත් කර තිබූ කාලසටහනට අනුව දුම්රිය ධාවන කටයුතු අද (05) සිට ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Local News
December 05, 2022
205 views 0 secs 0

රත්‍රං මිල ඉහලට…

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල තරමක් ඉහළ ගොස් තිබේ. පසුගියදා රන් අවුන්සයක මිල ඩොලර් 1753ක් ලෙස දැක්වුණු අතර මෙ වන විට රන් අවුන්සයක මිල සටහන් වුයේ, අමෙරිකානු ඩොලර් 1,800 ක් ලෙසයි.

Local News
December 05, 2022
230 views 0 secs 0

පාසල් වල තෙවන වාරය අදින් අරඹයි..

රජයේ හා රජයේ අනුමත සියලු පාසල්වල තුන්වැනි වාරය අද(05) ආරම්භ වූ අතර නත්තල වෙනුවෙන් යළි ලබන 22 වැනිදා පාසල්වලට නිවාඩු ලබා දී ජනවාරි 2 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ. පසුව අ.පො.ස. උසස්පෙළ විභාගය සඳහා ජනවාරි 20 වැනිදා පාසල්වලට නිවාඩු ලබාදෙන අතර පෙබරවාරි 20 වැනිදා යළිත් පාසල් ආරම්භ වනු ඇති. පාසල්වල තෙවැනි […]

Local News
December 01, 2022
211 views 0 secs 0

හෙට පැය 15ක ජල කප්පාදුවක්..

අඹතලේ බලශක්ති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට අදාළව නව සම්ප්‍රේෂණ නල එළීමේ කටයුතු හේතුවෙන් හෙට (02) රාත්‍රී 10.00 සිට පසුදින (03) දහවල් 1.00 දක්වා කොළඹ ප්‍රදේශ රැසකට පැය 15 ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.එම මණ්ඩලය නිවේදනය කර සිටියා. මේ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට ජල […]

Local News
December 01, 2022
217 views 0 secs 0

මී උණ ව්‍යාප්තියේ වැඩි වීමක්..

වර්ෂාව සමග ගොවි බිම් ආශ්‍රිතව මී උණ ව්‍යාප්තියේ වැඩි වීමක් දැකගත හැකි බව සෞඛ්‍ය අංශ අනාවරණ කර තිබේ. ඒ හේතුවෙන් වගා කටයුතුවල නිරත වීමේ දී වකුගඩු රෝගීන් සහ අක්මා රෝගීන් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවත්, කුඹුරු ඉවුරු ආශ්‍රිතව එළිපෙහෙළි කිරීමේදී ප්‍රවේශම් වන ලෙසත්, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා […]

Local News
December 01, 2022
205 views 0 secs 0

අද සිට දෛනිකව වෙළෙඳපොළට ගෑස් නිකුත් කෙරේ.

අද (01) දිනයේ සිට වෙළෙඳපොළ වෙත ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂය ඉක්මවා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කර සිටියා. ඇනවුම් කර තිබූ ගෑස් නෞකා දිවයිනට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ වෙත ගෑස් නිකුත් කිරීම සීමා කර තිබු බවත් මේ වන විට ඉල්ලුම් කර තිබු ගෑස් නෞකා මේ වන විට දිවයිනට ළඟාවෙමින් පවතින බවත් […]