Local News
January 05, 2023
207 views 0 secs 0

අධිවේගී මාර්ග සංශෝධිත බස් ගාස්තු ප්‍රකාශයට පත් කෙරේ…

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අද (05) සිට ක්‍රියාත්මක වන සංශෝධිත අධිවේගී මාර්ග බස් ගාස්තු ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඊයේ (04) මධ්‍යම රාත්‍රීයේ සිට අධිවේගී මාර්ගවල මගී ප්‍රවාහනය සිදුකරන බස් රථවල ගාස්තු 10%කින් අඩු කිරීමට තීරණය කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා. එම සංශෝධිත ගාස්තු ලේඛනය පහතින්,

Local News
January 05, 2023
211 views 0 secs 0

අද දින විදුලි කප්පාදු කාලසටහන…

අද (05) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ​ඒ අනුව සියලු කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

Local News
January 05, 2023
218 views 0 secs 0

ලිට්‍රො ගෑස් මිල පහලට….

හෙට (05) සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200ත් 300ත් අතර මිලකින් පහළ දැමීමට තීරණය කර ඇති අතර නිශ්චිතව අඩුවන ප්‍රමාණය අද (05) දිනයේ ප්‍රකාශයට පත් කරන බවත් ලිට්‍රො සමාගම සඳහන් කර සිටියා.

Local News
January 02, 2023
201 views 0 secs 0

6 වනදා තෙක් විදුලි කප්පාදුවක්..

ජනවාරි 03 සිට 06 අතර දෛනිකව පැය 2 විනාඩි 20ක විදුලි කප්පාදුවකට අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව සියලුම කලාප වලට දිවා කාලයේ පැය 1 සහ රාත්‍රියේදී පැය 1 විනාඩි 20ක් ලෙස විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුම් දී සිටියා.

Local News
January 01, 2023
209 views 0 secs 0

වාහන අංක තහඩුවේ පළාත් අක්ෂර ඉවතට…

අද (01) සිට වාහන අංක තහඩු සඳහා පළාත් අක්ෂරයක් නිකුත් නොකරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. එහි කොමසාරිස් ජනරාල් නිෂාන්ත අනුරුද්ධ සඳහන් කළේ රථවාහන ලියාපදිංචියේදී සහ පැවරීමේදී අංක තහඩුවේ පළාත් අක්ෂරය ඉවත්කරන බවයි.. එක් වාහනයක් පළාත් අතර අවස්ථා කිහිපයකදී විකුණන අවස්ථා ඇති බවත් එහිදී අංක තහඩුව අලුතින් මුද්‍රණය කළද රියදුරන් එය ලබා ගැනීමට නොපැමිණෙන […]

Local News
December 21, 2022
232 views 0 secs 0

ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්..

හෙට (22) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 12ක පමණ කාලයක් ජල සැපයුම් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැනුම් දී සිටියා. උස්වැටකෙයියාව, පමුණුගම, තල්දියවත්ත ප්‍රදේශ වලට 22වනදා පස්වරු 6 සිට, 23වනදා පෙරවරු 12 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

Local News
December 21, 2022
205 views 0 secs 0

නත්තල් දා සුරාසැල් වසා දැමීමට තීරණයක්..

නත්තල් දිනය දා සියලුම සුරාසැල් වසා දැමීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.කෙසේ නමුත් හෝටල් හා අවන්හල් වල මත්පැන් භාවිතා කල හැකි බව එහි සදහන් වේ.

Local News
December 21, 2022
224 views 0 secs 0

දින කිහිපයකට විදුලි කප්පාදු නැහැ – කංචන විජේසේකර

එළඹෙන උත්සව සමයේදී විදුලි කප්පාදුව දින කිහිපයකට අත්හිටුවීමට තීරණය කල බව විදුලි බල අමාත්‍යවරයා සදහන් කර සිටියා. ඒ අනුව 24,25,26 යන තෙදින හා දෙසැම්බර් 31 ජනවාරි 1 යන දින වල විදුලි කප්පාදුව සිදු නොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දී සිටියේ.

Local News
December 21, 2022
215 views 0 secs 0

ජනවාරියේ සිට විදුලි බිල ඉහලට…

ජනවාරි මස සිට විදුලි බිල නැවත ඉහල දැමීමට පියවර ගන්නා බව ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වූ විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර සිටියා.

Local News
December 19, 2022
208 views 0 secs 0

විශ්වවිද්‍යාල සඳහා සිසුන් ලියාපදිංචිය ඇරඹේ..

අද(19) සිට 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාල සඳහා තේරීපත්වූ සිසුන් පාඨමාලා සඳහා ලියාපදිංචි කිරීම ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ ලර සිටියා. ඒ වෙනුවෙන් සිසුන්ට එස්.එම්.එස් පණිවුඩයක් හා ඊමේල් පණිවුඩයක් යොමු කෙරෙනු ඇති බව එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කලා. මෙම මස 26 වැනිදා දක්වා මෙම ලියාපදිංචී වීම් […]