ඉන්දීය විදේශ කටයුතු ඇමති හා අලි සබ්රි අතර හමුවක්…
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර්, ඊයේ (19) රාත්‍රියේ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි හමුවී තිබේ. එහිදී දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් හා යටිතල පහසුකම්, බලශක්ති, කර්මාන්ත සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් මෙරටට […]
අඩු ආදායම්ලාභී පවුල් 70,000කට නොමිලේ කිරිපිටි…
නවසීලන්තයේ ෆොන්ටෙරා සමාගම ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් 70,000කට නොමිලේ කිරිපිටි ලබාදීමට පියවර ගෙන තිබෙනවා.එම සමාගම විසින් මෙම කිරිපිටි තොගය ජනාධිපති කාර්යාලයේදී නිල වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදෙනු ලැබුවා. රට පුරා සිටින ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන හඳුනාගත් පවුල් 70,000ක් වෙත දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා මෙම කිරිපිටි ලබාදීමට නියමිතයි. සෑම පුරවැසියෙකුටම අවශ්‍ය පෝෂණය ලැබීම සහතික කිරීමත්, […]
උ. පෙළ පැවැත්වෙන දිනයන්හි විදුලිය කප්පාදු නොකරන ලෙස ඉල්ලීමක්…
විභාග දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයන්හිදී විදුලිය කප්පාදු නොකරන ලෙසට අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ බව ප්‍රකාශ කර සිටියා. උසස් පෙළ විභාගය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා විදුලි සැපයුමද අවශ්‍ය වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියා.
සීඝ්‍රයෙන් ඉහල යන පොල් මිල..
වෙළඳපොළේ පොල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් පවසති. මේ වනවිට පොල් ගෙඩියක මිල රුපියල් 120 කට අධික මිලකට අලෙවි වන බවත් එදිනෙදා ආහාර පිළියෙළ කිරීමට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වන පොල් මිල ඉහළ යාමෙන් තමන් ගැටලු රැසකට මුහුණ දී ඇති බවත්, පාරිභෝගිකයන් පෙන්වා දෙති. පොල් සංවර්ධන මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, මේ දිනවල පොල් අස්වැන්නේ […]
අද රාත්‍රියේ සිට 2022 උ.පෙළ පන්ති පැවැත්වීම තහනම්..
අද (17) මධ්‍යම රාත්‍රියේ සිට2022 අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම තහනම් වේ. එමෙන්ම විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ද තහනම් කර ඇති අතර විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීමත්, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න […]
2022 වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්තාගත ආදායමක්…
2022 වසරේදී සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 170ක ආදායමක් උපයා ඇති අතර එය සුරාබදු දෙපාර්තමේන්තු ඉතිහාසයේ වැඩිම ආදායම ලෙස සඳහන් වේ. එලෙස වැඩිම ආදායමක් වාර්තා කර ඇත්තේ සේවක පුරප්පාඩු 200 ක් පමණ පැවති පසුබිමක වීම විශේෂත්වයකි. මේ වසරේ ඉලක්කගත ආදායම රුපියල් බිලියන 217 ක් බවත්,දේශීයව නිෂ්පාදිත මත්පැන් සඳහා ප්‍රමිති සහතික ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති […]
