Local News
January 25, 2023
296 views 3 secs 0

සතොසින් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ…

හෙට (26) දින සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස, අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 06 ක මිල අඩුකර තිබේ. අඩු කල භාණ්ඩ හා එහි මිල ගණන් පහතින්. වියළි මිරිස් 1ක්ග් රුපියල් 1,700/-දේශීය සුදු කැකුළු 1ක්ග් රුපියල් 169/-රතු කැකුළු සහල් 1ක්ග් රුපියල් 179/-දේශිය සුදු නාඩු 1ක්ග් රුපියල් 184/-රතු පරිප්පු 1ක්ග් රුපියල් 365/-කීරි සම්බා 1ක්ග් රුපියල් 235/-

Local News
January 21, 2023
281 views 0 secs 0

රාජගිරියේ වෙඩි තැබීමක්..

රාජගිරිය – බුත්ගමුව පාරේ මහනියර ප්‍රදේශයේදී අද (21) වෙඩි තැබීමක් සිදුවී තිබේ.වෙඩි වැදීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා ඇති අතර පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

Local News
January 21, 2023
318 views 0 secs 0

බිත්තර ගැන තීන්දුව…

දැනට රට තුළ දෛනිකව බිත්තර මිලියන 3ක පමණ හිඟයක් පවතින බවත්, මෙම දෛනික බිත්තර හිඟය ජූනි මාසය වන විට අවසන් වනු ඇති බවත් වෙළෙඳ වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම් ප්‍රියංක අතපත්තු ප්‍රකාශ කර සිටියා. එමෙන්ම ඊයේ (20) සිට බලපැවැත්වෙන පරිදිසුදු බිත්තරයක් සඳහා රුපියල් 44ක් සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 46ක උපරිම සිල්ලර මිලක් පාරිභෝගික […]

Local News
January 20, 2023
424 views 0 secs 0

මුජිබර් රහුමාන් මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීමේ තීරණයක…..

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින්, තමා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර සිටියා.ඒ මෙවර පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවට තරගවැදීම සඳහායි.

Local News
January 20, 2023
313 views 0 secs 0

පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර අදින් අවසන්…

2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර අද (20) අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියා. එමෙන්ම මුස්ලිම් පාසල් සඳහා තෙවන වාරයේ දෙවන අදියර එළඹෙන සඳුදා (23) දින අවසන් වන අතර සියලු ම පාසල්වල තෙවන වාරයේ තෙවන අදියර පෙබරවාරි මස 20 වන සදුදා දින ආරම්භ වේ.

Local News
January 20, 2023
300 views 0 secs 0

ඉන්දීය විදේශ කටයුතු ඇමති හා අලි සබ්රි අතර හමුවක්…

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර්, ඊයේ (19) රාත්‍රියේ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි හමුවී තිබේ. එහිදී දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් හා යටිතල පහසුකම්, බලශක්ති, කර්මාන්ත සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් මෙරටට […]

Local News
January 19, 2023
318 views 0 secs 0

සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වෙයි..

88 හැවිරිදි වියේ පසු වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ඇය ආසියාවේ මහා සිනමාකරුවකු මෙන්ම හෙළයේ මහා සිනමාවේදියා ලෙස ද සැලකූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ බිරිඳයි.

Local News
January 19, 2023
310 views 0 secs 0

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්..

අද (19) උදෑසන දකුණු කළුතර දුම්රිය ස්ථානයේදී දකුණු කළුතර සිට මරදාන දක්වා ධාවනය වීමට නියමිතව තිබූදුම්රියක් පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සුළු ප්‍රමාදයක් සිදුව තිබූ බව වාර්තා වේ.

Local News
January 18, 2023
297 views 0 secs 0

අඩු ආදායම්ලාභී පවුල් 70,000කට නොමිලේ කිරිපිටි…

නවසීලන්තයේ ෆොන්ටෙරා සමාගම ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් 70,000කට නොමිලේ කිරිපිටි ලබාදීමට පියවර ගෙන තිබෙනවා.එම සමාගම විසින් මෙම කිරිපිටි තොගය ජනාධිපති කාර්යාලයේදී නිල වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදෙනු ලැබුවා. රට පුරා සිටින ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන හඳුනාගත් පවුල් 70,000ක් වෙත දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා මෙම කිරිපිටි ලබාදීමට නියමිතයි. සෑම පුරවැසියෙකුටම අවශ්‍ය පෝෂණය ලැබීම සහතික කිරීමත්, […]