Local News
February 24, 2023
291 views 0 secs 0

මැතිවරණය කවදාද..? තීරණය 3 වැනිදාට..

මාර්තු 9 වැනි දා පළාත් පාලන මැතිවරණය නොපවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.එමෙන්ම මාර්තු 3 වැනි දා ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව එම කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වේ. මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති කරුණු හේතුවෙන්, මාර්තු 9 වැනි දා පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිකුත් […]

Local News
February 24, 2023
292 views 0 secs 0

නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කෙරේ…

සත්කාරක නවසීලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කර තිබේ.දිමුත් කරුණාරත්න මෙහෙයවන කණ්ඩායමට කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල සහ චාමික කරුණාරත්න ඇතුලත් බවන අතර නවක ක්‍රීඩකයින් ලෙස දකුණත් පිතිකරු නිෂාන් මධුෂ්ක සහ වේග පන්දුයවන ක්‍රීඩක මිලාන් රත්නායක කැඳවා තිබේ. එමෙන්ම […]

Local News
February 24, 2023
302 views 0 secs 0

නව කෝප් කමිටු සභාපතිවරයා පත්කෙරේ…

09 වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරයට අදාළව කෝප් කමිටුවේ සාමාජිකයින් අතර පැවති ඡන්ද විමසීමකින් අනතුරුව එහි නව සභාපතිවරයා ලෙස මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අද(23) පත් කෙරිණ. එහිදී රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ නම කෝප් කමිටු සභාපති ධුරයට යෝජනා කල අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා එය ස්ථීර කළේ ය. එමෙන්ම විපක්ෂය නියෝජනය කරමින් […]

Local News
February 24, 2023
289 views 0 secs 0

මාර්ග දෙපස දැල්වෙන විදුලි ලාම්පු සඳහා බිල්පත් ගෙවීම නගර සභාවලට හා ප්‍රදේශීය සභාවලට පැවරේ.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාර්ග දෙපස දැල්වෙන විදුලි ලාම්පු සඳහා ගෙවන බිල්පත් ගෙවීම එම මාර්ගයේ අදාළ නගර සභාවලට හා ප්‍රදේශීය සභාවලට ඉදිරියේදී ගෙවීමට සිදුවන බව පවසයි. මේ වනවිට අදාළ විදුලි බිල්පත් මාර්ග සංවර්ධන අධිකාරියෙන් ගෙවන බව එහි අධ්‍යක්ෂ ජනරාල් එල්.වි.එස් විරකෝන් මහතා සඳහන් කළේය. මේ දිනවල ඉතා අපහසු තත්ත්වයෙන් මාර්ග නඩත්තු කටයුතු සිදු කරන බව […]

Local News
February 24, 2023
304 views 0 secs 0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වාර්තාගත ශුද්ධ ලාභයක්…

2022 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාර්ෂික ශුද්ධ ලාභය ලෙස රු. බිලියන 6.3ක ආදායමක් උපයා ඇති බව නිවේදනය කරයි.එය තම ආයතන ඉතිහාසයේ වසරකදී ඉපැයූ ඉහලම ශුද්ධ ලාබය ලෙස ද එම නිවේදනයේ සඳහන් ය.

Local News
February 22, 2023
295 views 0 secs 0

වැඩි මිලට බිත්තර අලෙවි කල වෙළදුන්ට නඩු පවරයි.

බිත්තර මිල ඉහළයාම පාලනය කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය නීතිපති උපදෙස් මත පසුගියදා නව ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබුණි. එසේ තිබියදී තලවකැලේ නගරයේ පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් සිව්දෙනෙකුට එරෙහිව නෛතික පියවර ගැනීමට නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පියවර ගෙන තිබේ. මෙම වැටලීම් වැඩි මිලට ඇතැම් වෙළෙඳුන් බිත්තර අලෙවි […]

Local News
February 22, 2023
299 views 0 secs 0

ජය ශ්‍රී මහා බෝධියට හානි කරන කුළුණු පිළිබඳ විමර්ශනය සදහා විශේෂ කමිටුවක් පත් කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර තිබේ.ඒ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට විදුලි සංදේශ කුළුණුවලින් හානි සිදුවන බවට පළවන වාර්තා විමර්ශනය කිරීම සඳහායි.අටමස්ථානාධිපති හිමිගේ විශේෂ ඉල්ලීමකට අනුවයි මෙම කමිටුව පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශයේ පැවසූහ.

Local News
February 22, 2023
296 views 1 sec 0

ඉන්දීය වීසා මධ්‍යස්ථානයේ සිදුවූ සොරකම පිළිබඳ නව හෙළිදරව්වක්

පසුගියදා කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානයෙන් විද්‍යුත් උපකරණ කිහිපයක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් විසින් ඉන්දීය වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථානය වන IVS පුද්ගලික සමාගමෙන් ලැප්ටොප් පරිගණකයක්, කැමරාවක්, iPad සහ DVR යන්ත්‍රයක් සොරකම් කර ඇත. සීමාසහිත කොළඹ පෙබරවාරි 14 වැනි දින පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පැවසීය.සොරාගත් භාණ්ඩවල වටිනාකම රුපියල් […]

Local News
February 22, 2023
309 views 1 sec 0

ඉන්ධන සදහා අවශ්‍ය QR කේත පද්ධතිය මාස කිහිපයකින් ඉවත් කරනවා- විදුලිබල ඇමති

ඉන්ධන පොම්ප කිරීමේ QR කේත පද්ධතිය මාස තුනකින් ඉවත් කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පෙන්වා දෙයි. QR කේත පද්ධතිය අකර්මණ්‍ය කිරීමෙන් පසු කිසිදු සීමාවකින් තොරව සාමාන්‍ය පරිදි මුදල් ගෙවා රියදුරන්ට ඉන්ධන ලබා ගත හැකි බව ඔහු පවසා තිබේ.

Local News
February 21, 2023
330 views 0 secs 0

ජපන් සමාගම් දෙකක මෙරට කාර්යාල වසා දැමීමට තීරණයක්…

ජපාන සමාගම් දෙකක් වන තයිසේ සහ මිට්සුබිසි සමාගම්වල මෙරට කාර්යාල වසා දැමීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථීක තත්ත්වය සැලකිල්ලට ගෙන එම සමාගම් මෙම තීරණයට එළැඹ ඇත.මිට්සුබිසි සමාගමේ මෙරට කාර්යාලය මාර්තු මාසයේ වසා දැමීමට නියමිත අතර තයිසේ සමාගම මගින් දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති අසල්වැසි රටවල නියෝජිතයින් මගින් ක්‍රියාත්මක බව ද, විදෙස් වාර්තා වල සඳහන් […]