Local News
February 27, 2023
246 views 0 secs 0

QR ක්‍රමය ඉවත් කිරීමේ තීරණයක් නැහැ – කංචන විජේසේකර

ඉන්ධන සඳහා ක්‍රියාත්මක QR ක්‍රමය අප්‍රේල් 10 වනදා වන විට අවලංගු කිරීමේ තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා. එමෙන්ම දැනට වෙන් කර ඇති කෝටාව ක්‍රමයෙන් වැඩි කිරීමට අදාළ දත්ත විශ්ලේෂණය කරමින් සිටින බව එම ටුවිටර් පණිවිඩයේ සඳහන් ය. ඉදිරි මාස කිහිපය තුළ මුදල් […]

Local News
February 27, 2023
198 views 0 secs 0

රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි…

රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව මයන්ත දිසානායක මහතා අද(27) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කර තිබේ . පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස මයන්ත දිසානායක මහතා පත් කරනු ලැබුවේය.

Local News
February 25, 2023
195 views 1 sec 0

සීතාවක ඔඩිසිය හෙට සිට….

හෙට (26) සිට සීතාවක ඔඩිසි දුම්රිය ජනතාවට විවෘත වන බව දුම්රිය දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කර සිටියා.කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන දුම්රිය ‘වග’ දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන බවයි එහි නියෝජ්‍ය සමාන්‍යාධිකාරී, ඊ.එස් පොල්වත්තගේ මහතා සඳහන් කළේ. ආසන 44 බැගින් වූ වායු සමනය කළ මැදිරි 02ක් , ආසන 44 බැගින් වූ සාමාන්‍ය මැදිරි 03ක් හා ආසන 74කින් […]

Local News
February 25, 2023
201 views 0 secs 0

මහින්ද රාජපක්ෂ නැවතත් අගමැති ධූරයට ගෙන ඒමට කටයුතු කර බව චන්න ජයසුමන පවසයි.

දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමේ උත්සාහයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන ප්‍රකාශ කළා.නිදහස් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා මාධ්‍ය වෙත කියා සිටියේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම පියවරට සහය ඉල්ලා ඇති බවයි.“අගමැති ධූරයේ වෙනසක් ඇති කිරීමට කටයුතු කරන බවට ආණ්ඩු පක්ෂයේ අපේ හිතවතුන් යෝජනාවක් ගෙනාවා. […]

Local News
February 25, 2023
204 views 0 secs 0

හෙට දිවයිනට එන ඉන්දියානු බිත්තර තොගය..

ඉන්දියාවෙන් ආනයනය කළ පළමු බිත්තර ලක්ෂ 20 රැගත් නෞකාවක් හෙට (26) දිවයිනට ළඟා වීමට නියමිත බව වෙළෙද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියා. මෙලෙස ආනයනය කරන බිත්තර, බේකරි නිෂ්පාදන සඳහා පමණක් යොදා ගැනීමට මේ වන විට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ. ආනයනික බිත්තර භාවිත කිරීම සඳහා මාර්ගෝපදේශන මාලාවක් සකස් කරන්නැයි , අමාත්‍ය මහින්ද […]

Local News
February 24, 2023
191 views 0 secs 0

ජල බිල්පත් ඉහල යයිද?

ජල බිල්පත් ගෙවීම 40% දක්වා පහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කර සිටියා. රුපියල් මිලියන 8,400 ක හිඟ බිල්පත් ඇති අතර, ඉන් රුපියල් මිලියන 6200 ක්ම ගෘහස්ත ජල පාරිභෝගිකයින් විසින් ගෙවීමට ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ. බිල්පත් නොගෙවීම හේතුවෙන් මණ්ඩලයේ නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට දැඩි බාධා මතුව ඇති […]

Local News
February 24, 2023
191 views 0 secs 0

මැතිවරණය කවදාද..? තීරණය 3 වැනිදාට..

මාර්තු 9 වැනි දා පළාත් පාලන මැතිවරණය නොපවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.එමෙන්ම මාර්තු 3 වැනි දා ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව එම කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වේ. මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති කරුණු හේතුවෙන්, මාර්තු 9 වැනි දා පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිකුත් […]

Local News
February 24, 2023
186 views 0 secs 0

නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කෙරේ…

සත්කාරක නවසීලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කර තිබේ.දිමුත් කරුණාරත්න මෙහෙයවන කණ්ඩායමට කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල සහ චාමික කරුණාරත්න ඇතුලත් බවන අතර නවක ක්‍රීඩකයින් ලෙස දකුණත් පිතිකරු නිෂාන් මධුෂ්ක සහ වේග පන්දුයවන ක්‍රීඩක මිලාන් රත්නායක කැඳවා තිබේ. එමෙන්ම […]

Local News
February 24, 2023
206 views 0 secs 0

නව කෝප් කමිටු සභාපතිවරයා පත්කෙරේ…

09 වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරයට අදාළව කෝප් කමිටුවේ සාමාජිකයින් අතර පැවති ඡන්ද විමසීමකින් අනතුරුව එහි නව සභාපතිවරයා ලෙස මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අද(23) පත් කෙරිණ. එහිදී රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ නම කෝප් කමිටු සභාපති ධුරයට යෝජනා කල අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා එය ස්ථීර කළේ ය. එමෙන්ම විපක්ෂය නියෝජනය කරමින් […]

Local News
February 24, 2023
192 views 0 secs 0

මාර්ග දෙපස දැල්වෙන විදුලි ලාම්පු සඳහා බිල්පත් ගෙවීම නගර සභාවලට හා ප්‍රදේශීය සභාවලට පැවරේ.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාර්ග දෙපස දැල්වෙන විදුලි ලාම්පු සඳහා ගෙවන බිල්පත් ගෙවීම එම මාර්ගයේ අදාළ නගර සභාවලට හා ප්‍රදේශීය සභාවලට ඉදිරියේදී ගෙවීමට සිදුවන බව පවසයි. මේ වනවිට අදාළ විදුලි බිල්පත් මාර්ග සංවර්ධන අධිකාරියෙන් ගෙවන බව එහි අධ්‍යක්ෂ ජනරාල් එල්.වි.එස් විරකෝන් මහතා සඳහන් කළේය. මේ දිනවල ඉතා අපහසු තත්ත්වයෙන් මාර්ග නඩත්තු කටයුතු සිදු කරන බව […]