ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක්…
හෙට (05) දිනයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුවීමට නියමිත බව වාර්තා වේ. කෙසේවෙතත් එම මිල සංශෝධනය සම්බන්ධයෙන් මේ දක්වාත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර මිල සංශෝධනයක් සිදුවුවද එය විශාල සංඛ්‍යාවකින් සිදුනොවන බව එම සමාගම සඳහන් කරයි. මේ අතර ඩොලරයේ අගය පහළයෑමේ වාසිය ජනාතාවට ලබාදීමට බලාපොරොත්තු වන බවද ලිට්‍රෝ සමාගම පැවසීය.
හෙට දින මාර්ගයක් වැසෙයි….
හෙට (04) පෙරවරු 09 සිට අනිද්දා (05) පස්වරු 12 දක්වා වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොලොන්නාව මංසන්ධිය දක්වා මාර්ගය වසා තැබෙන බව දැනුවත් කරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පෞද්ගලික ආයතනයක් මගින් භූගත ජලනල පද්ධතියක් එලීම මෙලෙස මාර්ගය වසා තැබීමට හේතුවයි. මේ හේතුවෙන් හෙට දින හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන […]
“වේගා”ට අනුමැතිය….
වේගා මෝටර් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙන අතර මෙරට ලියාපදිංචි කරන ලද ප්‍රථම වේගා මෝටර් රථය සඳහා ලියාපදිංචි අංක තහඩුව ලබාදීම අද සිදුකෙරිණි. ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට අමාත්‍ය රමේෂ් පතිරණ මහතාද එක් වූ අතර එහිදී අදාළ අංක තහඩුව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා විසින් වේගා […]
හෙට දින කොළඹ ප්‍රදෙශ කිහිපයක ජල කප්පාදුවක්….
හෙට (04) වනදා පස්වරු 2 සිට ඉරිදා (05) වනදා පස්වරු 2 දක්වා කොළඹ ප්‍රදෙශ කිහිපයකට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ මාලිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ ජල නල පද්ධතියට අදාළව ව්‍යාපෘති මගින් සිදුකරනු ලබන අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙනි. මෙලෙස ජල සැපයුම අත්හිටුවීම සිදුකෙරෙන්නේ කොළඹ 01,02,03,04 […]
වෘත්තීය සමිති කිහිපයක් හෙට දැවන්ත විරෝධතාවයක…..
රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් හෙට (01) දැවැන්ත එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට වරාය, ඛනිජ තෙල්, විදුලිය, ජල, බැංකු, විශ්වවිද්‍යාල සහ ටෙලිකොම් වෘත්තීය සංගම් තීරණය කර තිබෙනවා. එමෙන්ම අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වර්ජනයට එක්නොවී ප්‍රාදේශීය වශයෙන් විරෝධතා වල නිරත වීමට තීරණය කර තිබෙනවා අතර රෝහල් වලට පැමිණෙන රෝගීන්ව […]
ඩෙංගු අවධානම වැඩි වෙයි….
මේ දිනවල පුත්තලම, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කර සිටියා.කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල, පිළියන්දල, රත්මලාන, ගොතටුව, මහරගම යන ප්‍රදේශවල වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වන බවයි එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ඉන්දික විරසිංහ මහතා සඳහන් කළේ. මෙම වසරේ ගත වූ කාලසීමාවේ පමණක් වාර්තා වී […]
ලෙඩ නිවාඩු ගිය විදුලි සේවකයින්….
අසාධාරණ බදු ප්‍රතිපත්තිය, විදුලි බිල වැඩි කිරීම ඇතුළු කරුණුවලට එරෙහිව විදුලි සේවකයින් අද (27) ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව වාර්තා වෙනවා. ඒ අනුව අද දිනයේ ලංකාව පුරා විදුලි සේවකයන් කොළඹට පැමිණ විරෝධතාවයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩල පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ සඳහන් කළේ.
