Local News
March 08, 2023
281 views 0 secs 0

තැපැල් ඡන්ද විමසීමේ දින ප්‍රකාශයට පත් කෙරේ..

2023 වසරේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම මාර්තු මස 28 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා සඳහන් කර සිටියා. එමෙන්ම ඡන්ද විමසීම අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිතයි.

Local News
March 08, 2023
243 views 0 secs 0

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 18 වැනිදා…

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය මාර්තු 18 වන සෙනසුරාදා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින පුරා මධ්‍යස්ථාන 3,269 දී විභාගය පැවැත්වෙන අතරම එම විභාගය සඳහා පෙනී සිටින සියලුම අපේක්ෂකයින් සඳහා වන ප්‍රවේශ පත්‍ර පෞද්ගලිකව බාගත කළ නොහැකි වන අතර තම පාසැල් මඟින් එම කාර්ය සිදුකළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කර සිටියා.

Local News
March 05, 2023
243 views 0 secs 0

එළවළු මිල සාපේක්ෂ ලෙස ඉහලට…

පසුගිය සතියේ කොටුව තොග වෙළෙඳපොළේ එළවලු වර්ග රැසක සාමාන්‍ය තොග මිල ඊට පෙර සතියට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. රුපියල් 147 ක්ව පැවතී තක්කාලි කිලෝ ග්‍රෑම් 1ක සාමාන්‍ය තොග මිල පසුගිය සතියේ රුපියල් 150 ක් ලෙස වාර්තා වූ අතර, පසුගිය සතියේ රුපියල් 320ක් වූ අමුමිරිස් කිලෝ ග්‍රෑම් 1ක තොග මිල ද රුපියල් 36කින් […]

Local News
March 05, 2023
229 views 0 secs 0

ලොව විශාලතම මගී ගුවන් යානය මෙරටට…

අද (05) අලුයම ලොව විශාලතම මගී ගුවන් යානය වන එයාර් බස් ඒ 380 – 800 වර්ගයේ යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ තිබේ. EK 449 දරණ එම ගුවන් යානය, නවසීලන්තයේ ඔක්ලන්ඩ් සිට ඩුබායි බලා පියාසර කරමින් තිබියදී ඉන්ධන ලබා ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇත. කටුනායක ගුවන් තොටුපළෙන් යානය ලබාගෙන ඇති ඉන්ධන ප්‍රමාණය, ලීටර් […]

Local News
March 05, 2023
279 views 0 secs 0

ගෑස් මිලෙහි වෙනසක් නැහැ – ලිට්‍රෝ සමාගම

ගෑස් මිල සංශෝධනය නොකරන බව, ලිට්‍රෝ සමාගම පප්‍රකාශ කර සිටියා. මිල සූත්‍රයට අනුව ගෑස් මිල ඉහළ දැමිය යුතු වුවද, ඩොලරය හමුවේ රුපියල ශක්තිමත් වීම සැලකිල්ලට ගෙන මිල සංශෝධනයක් නොකරන බව, ලිට්‍රෝ සමාගම නිවේදනය කළේ ය.ඒ අනුව පැවති මිල ගණන්වලටම මෙම මාසයේදී ගෑස් අලෙවි කෙරෙනු ලබයි.

Local News
March 04, 2023
254 views 0 secs 0

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක්…

හෙට (05) දිනයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුවීමට නියමිත බව වාර්තා වේ. කෙසේවෙතත් එම මිල සංශෝධනය සම්බන්ධයෙන් මේ දක්වාත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර මිල සංශෝධනයක් සිදුවුවද එය විශාල සංඛ්‍යාවකින් සිදුනොවන බව එම සමාගම සඳහන් කරයි. මේ අතර ඩොලරයේ අගය පහළයෑමේ වාසිය ජනාතාවට ලබාදීමට බලාපොරොත්තු වන බවද ලිට්‍රෝ සමාගම පැවසීය.

Local News
March 03, 2023
248 views 0 secs 0

හෙට දින මාර්ගයක් වැසෙයි….

හෙට (04) පෙරවරු 09 සිට අනිද්දා (05) පස්වරු 12 දක්වා වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොලොන්නාව මංසන්ධිය දක්වා මාර්ගය වසා තැබෙන බව දැනුවත් කරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පෞද්ගලික ආයතනයක් මගින් භූගත ජලනල පද්ධතියක් එලීම මෙලෙස මාර්ගය වසා තැබීමට හේතුවයි. මේ හේතුවෙන් හෙට දින හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන […]

Local News
March 03, 2023
270 views 0 secs 0

රුපියල තවත් ශක්තිමත් වෙයි…

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමක් වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 334.50ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 348.03ක් ලෙසත් දැක්වෙයි.

Local News, Tech
March 03, 2023
467 views 0 secs 0

“වේගා”ට අනුමැතිය….

වේගා මෝටර් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙන අතර මෙරට ලියාපදිංචි කරන ලද ප්‍රථම වේගා මෝටර් රථය සඳහා ලියාපදිංචි අංක තහඩුව ලබාදීම අද සිදුකෙරිණි. ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට අමාත්‍ය රමේෂ් පතිරණ මහතාද එක් වූ අතර එහිදී අදාළ අංක තහඩුව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා විසින් වේගා […]

Local News
March 03, 2023
271 views 0 secs 0

හෙට දින කොළඹ ප්‍රදෙශ කිහිපයක ජල කප්පාදුවක්….

හෙට (04) වනදා පස්වරු 2 සිට ඉරිදා (05) වනදා පස්වරු 2 දක්වා කොළඹ ප්‍රදෙශ කිහිපයකට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ මාලිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ ජල නල පද්ධතියට අදාළව ව්‍යාපෘති මගින් සිදුකරනු ලබන අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙනි. මෙලෙස ජල සැපයුම අත්හිටුවීම සිදුකෙරෙන්නේ කොළඹ 01,02,03,04 […]