Local News
March 28, 2023
189 views 0 secs 0

ශ්‍රී ලංකාවට හරිත ආර්ථික ප්‍රතිපත්තියක්…

ශ්‍රී ලංකාවට හරිත ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරි මාස දෙක තුළ හඳුන්වාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ හරිත ආර්ථිකයකට ඇතුළු වන කලාපයේ පළමු රට ලෙසයි. ශ්‍රී ලංකා හරිත බලශක්ති සමුළුව සඳහා සහභාගීවීමට මෙරටට පැමිණි ආයෝජකයන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ, තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පැමිණි අයුරින්, හරිත ආර්ථික ප්‍රතිපත්තියෙන් […]

Local News
March 27, 2023
284 views 0 secs 0

රුපියලට සිදු වන දේ…

අද (27) දින ඩොලරයේ ගැණුම් මිල රුපියල් 314.82ක් ලෙසත් ඩොලරයේ විකිණුම් මිල රුපියල් 332.58ක් ලෙසත් සඳහන් විය.

Local News
March 27, 2023
224 views 0 secs 0

රන් මිල පහලට….

අද (27) දිනයේ මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ පවසනවා. පසුගිය සිකුරාදා රුපියල් 161,000 ක් වූ කැරට් 22 රන් පවුමක මිල අද දිනයේ රුපියල් 158,300 ක් දක්වා පහළ ගොස් ඇති අතර රුපියල් 175,000 ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද දිනයේ රුපියල් 172,000 ක් දක්වා පහත වැටී […]

Local News
March 26, 2023
185 views 0 secs 0

පාසල් වල පළමු වාරයේ පළමු අදියර හෙටින් ඇරඹෙයි..

2023 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ පළමු අදියර හෙට (27) ආරම්භවීමට නියමිතව තිබෙනවා. 2023 වසරේ පළමු වාරයේ පළමු අදියර හෙට සිට අප්‍රේල් මස 04 වනදා දක්වා පැවැත්වෙන අතර අප්‍රේල් මස 05 වනදා සිට 16 වනදා දක්වා අලුත් අවුරුදු නිවාඩුව ලබාදීමට නියමිතව තිබෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

Local News
March 26, 2023
211 views 0 secs 0

බස් ගාස්තු පහල යන ලකුණු…

මිල සූත්‍රයකට අනුව බස් ගාස්තුව අඩුකල හැකි ආකාරයේ ඉන්ධන මිල සංශෝධනයක් සිදුවන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේර අමාත්‍යවරයා සඳහන් කළ බව ප්‍රවාහන අමාත්‍යය බන්දුල ගුණවර්ධන සඳහන් කර සිටියා. උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කර සිටියේ, අමතර කොටස් සහ ආනයනය කරන දේවල පිරිවැය අඩුවීමේ වාසිය ජනතාවට ලබාදිය […]

Local News
March 26, 2023
254 views 0 secs 0

නීතිඥ සංගමයේ නව සභාපති වැඩ භාරගනී…

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 27 වන සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා. එම තනතුර සඳහා ඔහු පමණක් නාමයෝජනා භාරදී තිබූ අතර, 2023 – 2024 වසර සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ඔහු ඡන්ද විමසීමකින් තොරව පසුගියදා තේරී පත්වුණා. පක්ෂ දේශපාලනයෙන් බැහැරව ස්වාධීනව නීතිඥ සංගමයේ ඉදිරි කටයුතු කරගෙන […]

Local News
March 26, 2023
182 views 0 secs 0

පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල්…

හෙට (27) සිට පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල් බෙදාදීමේ වැඩසටහන ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. රජය විසින් මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙතින් මිල දී ගන්නා ලද වී සහල් බවට පත්කර ඒවා අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීමට නියමිතය අතර මසකට එක් පවුලක් සඳහා සහල් කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස දෙකක් […]

Local News
March 26, 2023
201 views 0 secs 0

කිරි තේ මිලෙහි වෙනසක්…..

කිරිපිටි මිල පහළ යාමේ වාසිය ජනතාව වෙත ලබාදීම සඳහා හෙට (27) සිට කිරි තේ කෝප්පයක් රුපියල් 90ක් වන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි. එමෙන්ම හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200කින් සහ ග්‍රෑම් 400ක මිල රුපියල් 80කින් අඩුකළ බව කිරිපිටි ආනයනකරුවන් පසුගිය දා පැවසීය.

Local News
March 22, 2023
333 views 0 secs 0

රාමසාන් උපවාස සමය 24 සිට…

ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උපවාස මාසය අනිද්දා සිට (24) ඇරඹෙන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර සිටියා.

Local News
March 22, 2023
193 views 0 secs 0

රුපියල් අගය තව ශක්තිමත් වෙයි…

අද (22) දිනයේදී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවත් ශක්තිමත් වී තිබේ. අද දින අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 312.61 වශයෙන්ද එහි විකිණුම් මිල රුපියල් 330.16 වශයෙන්ද සඳහන් වූ අතර ඊයේ (21) අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 316.84 ලෙසද විකිණුම් මිල රුපියල් 334.93 ලෙසද වාර්තාවිය.