Local News
March 28, 2023
300 views 0 secs 0

දිවි සැරිය නිමා කල ගායන ශිල්පියා….

මෙරට ප්‍රවීණ සංගීතඥයෙකු වන සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 81 වන වියේ පසුවූවා. ගුවන්විදුලිය, සිනමාව, වේදිකා නාට්‍ය හා ටෙලිනාට්‍ය රැසකට ගීත ගායනයෙන් දායකවී ඇති ඔහු ගීත නාටක, මුද්‍රා නාටක, වේදිකා නාට්‍ය හා චිත්‍රපට, ටෙලිනාට්‍ය රාශියකට ම සිය ප්‍රශස්ත සංගීත නිර්මාණ දායකත්වයද ලබාදී තිබෙනවා. සනත් නන්දසිරි මහතාගේ අවසන් කටයුතු […]

Local News
March 28, 2023
295 views 0 secs 0

හිටපු කථානායකවරයෙකු අභාවප්‍රාප්ත වෙයි….

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයෙකු ලෙස කටයුතු කළ ජෝශප් මයිකල් පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 81 වන වියේ පසුවූ ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ අතර අමාත්‍ය ධූර කිහිපයකද කටයුතු කර තිබෙනවා.

Local News
March 28, 2023
319 views 0 secs 0

වැඩ බලන ජනමාධ්‍ය ඇමති…

ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විදේශගතවීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පත්කර තිබෙනවා.

Local News
March 28, 2023
305 views 0 secs 0

හම්බන්තොට නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට රටවල් රැසකින් අයදුම්පත්…

හම්බන්තොට නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා අභිලාෂය පළකිරීමේ යෝජනා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය වූ ඊයේ (27) දිනය වන විට සමාගම් 07ක් ඒ සඳහා අයදුම්කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර සිටියා. මෙලෙස යෝජනා ඉදිරිපත් කළ සමාගම් අතර චීනය, මැලේසියාව, සිංගප්පුරුව, ඉරානය යන රටවලටල් අයත් සමාගම් 05ක්ද, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි […]

Local News
March 28, 2023
283 views 0 secs 0

ශ්‍රී ලංකාවට හරිත ආර්ථික ප්‍රතිපත්තියක්…

ශ්‍රී ලංකාවට හරිත ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරි මාස දෙක තුළ හඳුන්වාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ හරිත ආර්ථිකයකට ඇතුළු වන කලාපයේ පළමු රට ලෙසයි. ශ්‍රී ලංකා හරිත බලශක්ති සමුළුව සඳහා සහභාගීවීමට මෙරටට පැමිණි ආයෝජකයන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ, තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පැමිණි අයුරින්, හරිත ආර්ථික ප්‍රතිපත්තියෙන් […]

Local News
March 27, 2023
553 views 0 secs 0

රුපියලට සිදු වන දේ…

අද (27) දින ඩොලරයේ ගැණුම් මිල රුපියල් 314.82ක් ලෙසත් ඩොලරයේ විකිණුම් මිල රුපියල් 332.58ක් ලෙසත් සඳහන් විය.

Local News
March 27, 2023
336 views 0 secs 0

රන් මිල පහලට….

අද (27) දිනයේ මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ පවසනවා. පසුගිය සිකුරාදා රුපියල් 161,000 ක් වූ කැරට් 22 රන් පවුමක මිල අද දිනයේ රුපියල් 158,300 ක් දක්වා පහළ ගොස් ඇති අතර රුපියල් 175,000 ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද දිනයේ රුපියල් 172,000 ක් දක්වා පහත වැටී […]

Local News
March 26, 2023
285 views 0 secs 0

පාසල් වල පළමු වාරයේ පළමු අදියර හෙටින් ඇරඹෙයි..

2023 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ පළමු අදියර හෙට (27) ආරම්භවීමට නියමිතව තිබෙනවා. 2023 වසරේ පළමු වාරයේ පළමු අදියර හෙට සිට අප්‍රේල් මස 04 වනදා දක්වා පැවැත්වෙන අතර අප්‍රේල් මස 05 වනදා සිට 16 වනදා දක්වා අලුත් අවුරුදු නිවාඩුව ලබාදීමට නියමිතව තිබෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

Local News
March 26, 2023
325 views 0 secs 0

බස් ගාස්තු පහල යන ලකුණු…

මිල සූත්‍රයකට අනුව බස් ගාස්තුව අඩුකල හැකි ආකාරයේ ඉන්ධන මිල සංශෝධනයක් සිදුවන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේර අමාත්‍යවරයා සඳහන් කළ බව ප්‍රවාහන අමාත්‍යය බන්දුල ගුණවර්ධන සඳහන් කර සිටියා. උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කර සිටියේ, අමතර කොටස් සහ ආනයනය කරන දේවල පිරිවැය අඩුවීමේ වාසිය ජනතාවට ලබාදිය […]

Local News
March 26, 2023
354 views 0 secs 0

නීතිඥ සංගමයේ නව සභාපති වැඩ භාරගනී…

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 27 වන සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා. එම තනතුර සඳහා ඔහු පමණක් නාමයෝජනා භාරදී තිබූ අතර, 2023 – 2024 වසර සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ඔහු ඡන්ද විමසීමකින් තොරව පසුගියදා තේරී පත්වුණා. පක්ෂ දේශපාලනයෙන් බැහැරව ස්වාධීනව නීතිඥ සංගමයේ ඉදිරි කටයුතු කරගෙන […]