Local News
March 31, 2023
367 views 0 secs 0

ඉන්දියාවෙන් තවත් බිත්තර තොගයක් දිවයිනට…

ඉන්දියාවෙන් තවත් බිත්තර ලක්ෂ 20ක් ලබන අඟහරුවාදා දිවයිනට ආනයනය කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කර සිටියා. මෙරටට ආනයනය කළ පළමු බිත්තර තොගය බෙදා හැරීම ඊයේ(31) ආරම්භ කළ අතර මහා පරිමාණ බේකරි හා හෝටල් සඳහා එම බිත්තර බෙදා හරිය බවද එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ, රුපියල් 35ක මිලකට එම බිත්තර බෙදා […]

Local News
March 31, 2023
314 views 0 secs 0

සමාජ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු පොලිස් භාරයට…

අරගලයේ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් අද (31) පස්වරුවේ, මිරිහාන ජුබිලි කණුව අසළ විරෝධතාවක් සංවිධානය කර තිබූ අතර එහිදී සමාජ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු පොලිස් භාරයට ගැනිණි. අනුරුද්ධ බණ්ඩාර, ධානීෂ් අලී, ඇතුළු පුද්ගලයින් මෙලෙස පොලිස් භාරයට පත්ව තිබේ.

Local News
March 31, 2023
304 views 0 secs 0

උද්ධමනය පහළට….

නවතම දත්ත වාර්තා වලට අනුව උද්ධමනය තවත් පහළ ගොස් ඇති බව වාර්තා වෙයි. කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ 2023 පෙබරවාරි මාසයේදී 50.6%ක් ලෙස පැවතුණු උද්ධමනය 2023 මාර්තු මස 50.3% සටහන්වී තිබේ. මේ අතර ආහාර උද්ධමනය 2023 පෙබරවාරි මාසයේදී 54.4% ලෙස පැවැතුණු අතර එය මාර්තු මාසයේදී 47.6%ක් දක්වා අඩුවී ඇත.

Local News
March 29, 2023
311 views 0 secs 0

ත්‍රිරෝද රථ ගාස්තුත් පහලට…

ත්‍රිරෝද රථ ගාස්තු රුපියල් 20කින් අඩු කිරීමට තීරණය කළ බව ත්‍රිරෝද රථ සංගම් පවසනවා. පළමු කිලෝමීටරයට රුපියල් 100 ක් හා දෙවන කිලෝමීටරයේ සිට අය කෙරෙන ගාස්තුව රුපියල් 80 දක්වා පහත හෙලන බවයි ත්‍රිරෝද රථ සංගම් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Local News
March 29, 2023
482 views 0 secs 0

බස් ගාස්තු පහලට….

හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා පහත දමන බව ප්‍රවාහ​න අමාත්‍යංශය පවසනවා. ඒ ඉන්ධන මිල පහත දැමීම හේතුවෙනි. අනෙකුත් බස් ගාස්තු 12.9%කින් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Local News
March 29, 2023
297 views 3 secs 0

ඉන්ධන මිල පහලට…..

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල පහත දමා තිබෙනවා. එමෙන්ම ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන් හා සමානව සිය මිල ගණන් අඩු කරන බව ලංකා ඓOC සමාගමද සඳහන් කර සිටියා. අඩු වූ මිල සහ නව මිල පහතින්. පෙට්‍රල් 92 – රු.60 කින් (නව මිල […]

Local News
March 29, 2023
298 views 0 secs 0

වර්ජනයට සහය වූවන්ට අනිවාර්ය නිවාඩු….

ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට බාධා කළ වෘත්තීය සමිති නායකයින් හා එයට සහාය දුන් සේවකයන් අනිවාර්ය නිවාඩු යැවීමට කළමණාකාරීත්වය තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එම සේවකයන්ට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය හා තෙල් තොග ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාප බවද එම සංස්ථාව සඳහන් කර සිටියා. අනෙකුත් සියලුම නිලධාරීන් සේවයට […]

Local News
March 29, 2023
285 views 0 secs 0

ආනයනික බිත්තර බෙදා හැරීමට පියවර…

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර මිලියන 2 ක අද (29) සිට බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. ආනයනය කරන ලද බිත්තර බේකරි නිෂ්පාදකයින් අතරේ පමණක් රුපියල් 35ක මුදලකට අලෙවි කිරීමට නියමිතයි.

Local News
March 28, 2023
345 views 0 secs 0

ත්‍රිකුණාමලේ හි සුර්යය විදුලි බලාගාරයට කැබිනට් අනුමැතිය….

ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාවේ හවුල් ව්‍යාපාර සමාගමක් එක්ව ත්‍රිකුණාමලයේ සාම්පූර් හි සුර්යය විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීමට කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් එම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ. මීට පෙර සාම්පූර් ගල්අඟුරු විදුලි බලාගාරය ඉදි කිරීමට […]