Local News
March 29, 2023
207 views 0 secs 0

ත්‍රිරෝද රථ ගාස්තුත් පහලට…

ත්‍රිරෝද රථ ගාස්තු රුපියල් 20කින් අඩු කිරීමට තීරණය කළ බව ත්‍රිරෝද රථ සංගම් පවසනවා. පළමු කිලෝමීටරයට රුපියල් 100 ක් හා දෙවන කිලෝමීටරයේ සිට අය කෙරෙන ගාස්තුව රුපියල් 80 දක්වා පහත හෙලන බවයි ත්‍රිරෝද රථ සංගම් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Local News
March 29, 2023
365 views 0 secs 0

බස් ගාස්තු පහලට….

හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා පහත දමන බව ප්‍රවාහ​න අමාත්‍යංශය පවසනවා. ඒ ඉන්ධන මිල පහත දැමීම හේතුවෙනි. අනෙකුත් බස් ගාස්තු 12.9%කින් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Local News
March 29, 2023
198 views 3 secs 0

ඉන්ධන මිල පහලට…..

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල පහත දමා තිබෙනවා. එමෙන්ම ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන් හා සමානව සිය මිල ගණන් අඩු කරන බව ලංකා ඓOC සමාගමද සඳහන් කර සිටියා. අඩු වූ මිල සහ නව මිල පහතින්. පෙට්‍රල් 92 – රු.60 කින් (නව මිල […]

Local News
March 29, 2023
201 views 0 secs 0

වර්ජනයට සහය වූවන්ට අනිවාර්ය නිවාඩු….

ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට බාධා කළ වෘත්තීය සමිති නායකයින් හා එයට සහාය දුන් සේවකයන් අනිවාර්ය නිවාඩු යැවීමට කළමණාකාරීත්වය තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එම සේවකයන්ට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය හා තෙල් තොග ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාප බවද එම සංස්ථාව සඳහන් කර සිටියා. අනෙකුත් සියලුම නිලධාරීන් සේවයට […]

Local News
March 29, 2023
193 views 0 secs 0

ආනයනික බිත්තර බෙදා හැරීමට පියවර…

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර මිලියන 2 ක අද (29) සිට බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. ආනයනය කරන ලද බිත්තර බේකරි නිෂ්පාදකයින් අතරේ පමණක් රුපියල් 35ක මුදලකට අලෙවි කිරීමට නියමිතයි.

Local News
March 28, 2023
245 views 0 secs 0

ත්‍රිකුණාමලේ හි සුර්යය විදුලි බලාගාරයට කැබිනට් අනුමැතිය….

ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාවේ හවුල් ව්‍යාපාර සමාගමක් එක්ව ත්‍රිකුණාමලයේ සාම්පූර් හි සුර්යය විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීමට කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් එම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ. මීට පෙර සාම්පූර් ගල්අඟුරු විදුලි බලාගාරය ඉදි කිරීමට […]

Local News
March 28, 2023
202 views 0 secs 0

දිවි සැරිය නිමා කල ගායන ශිල්පියා….

මෙරට ප්‍රවීණ සංගීතඥයෙකු වන සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 81 වන වියේ පසුවූවා. ගුවන්විදුලිය, සිනමාව, වේදිකා නාට්‍ය හා ටෙලිනාට්‍ය රැසකට ගීත ගායනයෙන් දායකවී ඇති ඔහු ගීත නාටක, මුද්‍රා නාටක, වේදිකා නාට්‍ය හා චිත්‍රපට, ටෙලිනාට්‍ය රාශියකට ම සිය ප්‍රශස්ත සංගීත නිර්මාණ දායකත්වයද ලබාදී තිබෙනවා. සනත් නන්දසිරි මහතාගේ අවසන් කටයුතු […]

Local News
March 28, 2023
195 views 0 secs 0

හිටපු කථානායකවරයෙකු අභාවප්‍රාප්ත වෙයි….

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයෙකු ලෙස කටයුතු කළ ජෝශප් මයිකල් පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 81 වන වියේ පසුවූ ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ අතර අමාත්‍ය ධූර කිහිපයකද කටයුතු කර තිබෙනවා.

Local News
March 28, 2023
221 views 0 secs 0

වැඩ බලන ජනමාධ්‍ය ඇමති…

ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විදේශගතවීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පත්කර තිබෙනවා.

Local News
March 28, 2023
194 views 0 secs 0

හම්බන්තොට නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට රටවල් රැසකින් අයදුම්පත්…

හම්බන්තොට නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා අභිලාෂය පළකිරීමේ යෝජනා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය වූ ඊයේ (27) දිනය වන විට සමාගම් 07ක් ඒ සඳහා අයදුම්කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර සිටියා. මෙලෙස යෝජනා ඉදිරිපත් කළ සමාගම් අතර චීනය, මැලේසියාව, සිංගප්පුරුව, ඉරානය යන රටවලටල් අයත් සමාගම් 05ක්ද, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි […]