Local News
April 05, 2023
234 views 0 secs 0

ඉන්දියාවෙන් ආනයනික බිත්තර තොගය දිවයිනට…

ඊයේ (04) රාත්‍රියේ ඉන්දියාවෙන් ආනයන කළ තවත් බිත්තර තොගයක් මෙරටට රැගෙන ආ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කර සිටියා. ඊයේ රාත්‍රී ආනයනය කෙරෙණු බිත්තර තොගය මේවනවිට අනුමැතිය සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති අතර එම බිත්තර නියදි අද (05) දිනයේ පරීක්ෂණාගාර වෙත යොමු කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත […]

Local News
April 05, 2023
201 views 4 secs 0

ඉන්ධන කෝටාව ඉහලට…..

සිංහල හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් දැනට පවතින ඉන්ධන කෝටාව ඉහළ දමා ඇති අතර එය ඊයේ (4) මධ්‍යම රාත්‍රියේ සිට යාවත්කාලීන කර ඇති බව වාර්තා වේ. උත්සව සමයේ වැඩිවන අවශ්‍යතාවය අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවශ්‍ය ඉන්ධන තොග ඇණවුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ ඉන්ධන කෝටාව ඉහළ දැමූ ආකාරය පහතින්, *විශේෂ ත්‍රීරෝද රථ – […]

Local News
April 04, 2023
196 views 0 secs 0

අද දිනයේදී ප්‍රදේශ රැසකට වැසි අපේක්ෂා කෙරේ

අද අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මධ්‍යම, සබරගමුව, දකුණු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීත් වැසි හෝ ගිගුරුම් […]

Local News
April 04, 2023
199 views 0 secs 0

LITRO ගෑස් මිල අද රාත්‍රීයේ සිට පහලට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ කිලෝග්‍රෑම් 12.5 LITRO ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1005කින් අඩු කෙරේ.ඒ අනුව එහි නව මිල රු.3738 කි. කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 402කින් අඩුවී නව මිල රුපියල් 1502ක් වන අතර කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 183කින් පහළ ගොස් නව මිල රුපියල් 700කි.

Local News
April 04, 2023
206 views 0 secs 0

අද සිට පාසල් නිවාඩුයි.

අද (04) සිට සියලුම රජයේ හා රජයේ අනුමත පාසල් සඳහා නිවාඩු ලබා දී තිබේ. යළි පාසල් ආරම්භ වන්නේ, ලබන 17 වන සඳුදායි. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පාසල් සිසුන්ට නිවාඩු ලබා දෙන බව ය.

Local News
April 01, 2023
213 views 0 secs 0

ආනයනික කිරිපිට මිල පහලට

අද (1) සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල අඩු කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1 පැකට්ටුවක මිල රු. 200 කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රු. 80 කින් අඩු කර තිබේ.

Local News
March 31, 2023
264 views 0 secs 0

ඉන්දියාවෙන් තවත් බිත්තර තොගයක් දිවයිනට…

ඉන්දියාවෙන් තවත් බිත්තර ලක්ෂ 20ක් ලබන අඟහරුවාදා දිවයිනට ආනයනය කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කර සිටියා. මෙරටට ආනයනය කළ පළමු බිත්තර තොගය බෙදා හැරීම ඊයේ(31) ආරම්භ කළ අතර මහා පරිමාණ බේකරි හා හෝටල් සඳහා එම බිත්තර බෙදා හරිය බවද එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ, රුපියල් 35ක මිලකට එම බිත්තර බෙදා […]

Local News
March 31, 2023
215 views 0 secs 0

සමාජ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු පොලිස් භාරයට…

අරගලයේ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් අද (31) පස්වරුවේ, මිරිහාන ජුබිලි කණුව අසළ විරෝධතාවක් සංවිධානය කර තිබූ අතර එහිදී සමාජ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු පොලිස් භාරයට ගැනිණි. අනුරුද්ධ බණ්ඩාර, ධානීෂ් අලී, ඇතුළු පුද්ගලයින් මෙලෙස පොලිස් භාරයට පත්ව තිබේ.

Local News
March 31, 2023
196 views 0 secs 0

උද්ධමනය පහළට….

නවතම දත්ත වාර්තා වලට අනුව උද්ධමනය තවත් පහළ ගොස් ඇති බව වාර්තා වෙයි. කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ 2023 පෙබරවාරි මාසයේදී 50.6%ක් ලෙස පැවතුණු උද්ධමනය 2023 මාර්තු මස 50.3% සටහන්වී තිබේ. මේ අතර ආහාර උද්ධමනය 2023 පෙබරවාරි මාසයේදී 54.4% ලෙස පැවැතුණු අතර එය මාර්තු මාසයේදී 47.6%ක් දක්වා අඩුවී ඇත.