Local News
May 18, 2023
192 views 0 secs 0

ඩොලරය තව පහලට…

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම දත්ත අනුව අමෙරිකානූ ඩොලරයේ ගැනුම් මිල දිගු කලකට පසු රුපියල් 300ට වඩා අඩුවී තිබුණෛ. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල සඳහන් වන්නේ රුපියල් 299.21ක් ලෙසටත්, විකිනුම් මිල රුපියල් 312.37ක් ලෙසටත් සඳහන් වුණා.

Local News
May 17, 2023
207 views 0 secs 0

ටෝනි හසන් මහතා අභාවප්‍රාප්ත වෙයි…

ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් මහතා අද (17) අභාවප්‍රාප්ත විය.ඔහු මියයන 73 වියෙහි පසු වුණා. 1962 ගායන දිවියට අත්පොත් තැබූ ටොනි හසන් මහතා, පසුබිම් ගායකයෙකු ලෙස මෙරට චිත්‍රපට රැසකට දායක වුණා. 1964 වසරේ තිරගත වූ දෝසිති චිත්‍රපටයේ ජනප්‍රිය ගීත මෙරට රසිකයින් වෙනුවෙන් ගායනයත් සමග ටෝනි හසන් මහතා හින්දි ගීත ගායනයට පිවිසි අතර එතැන් පටන් මෙරට […]

Local News
May 17, 2023
196 views 0 secs 0

මහින්ද රාජපක්ෂ ඇතුළු කිහිප දෙනාගේ විදෙස් ගමන් තහනම ඉවතට…

පසුගිය වසරේ මැයි 09 වැනිදා සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන සහ හිටපු පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්නට පනවා තිබූ විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා.

Local News
May 17, 2023
193 views 0 secs 0

ජනපති ඉදිරියේ දිවුරුම් දුන් නව ආණ්ඩුකාරවරුන්…

නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අද දිවුරුම් දුන්නා. ඒ අනුව උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පී.එස්.එම්. චාල්ස් ද, නැගෙනහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස සෙන්දිල් තොණ්ඩමාන්ද, වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධනද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Local News
May 15, 2023
184 views 0 secs 0

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරීමට කිසිදු ඉල්ලීමක් කර නැහැ – සාගර කාරියවසම් .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා , මහින්ද රාජපක්ෂ මහතා යළි අගමැති ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයාගෙන් කිසිදු ඉල්ලීමක් කර නොමැති බව අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කර සිටියා. හිටපු ජනාධිපතිවරයා නැවත තනතුරකට පත්කරන්නේ නම්, එය මෙරට ජනතාවගේ ආශිර්වාදයෙන් සිදුකරන බවත්, හොර රහසේ සිදුනොකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Local News
May 15, 2023
211 views 0 secs 0

ආණ්ඩුකාරවරු තිදෙනෙකු ධූරයෙන් ඉවතට…

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරු තිදෙනෙකු එම ධුරවලින් ඉවත්කර තිබේ. උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් මෙලෙස ජනාධිපතිවරයා විසින් ඉවත්කර ඇති අතර එළඹෙන 17 වනදා එම ධුර සඳහා ආණ්ඩුකාර නව ආණ්ඩුකාරවරු පත්කරනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටියා.

Local News
May 15, 2023
214 views 0 secs 0

දින 100කට වැසෙන නොරොච්චෝලේ 03 වන ඒකකය…

නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ඒකකය දින 100ක කාලයක් සඳහා වසා තැබෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එළඹෙන ජුනි මස 13 වනදා සිට දින මෙලෙස බලාගාරයේ 03 වන ඒකකය වසා තැබෙන අතර අදාළ කාලසීමාව තුළදී කිසිදු ආකාරයක විදුලි කප්පාදුවක් සිදුනොකරන බවද අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා. නියමිත ප්‍රධාන අලුත්වැඩියා […]

Local News
May 15, 2023
217 views 0 secs 0

අන්තර් පළාත් බස් රථ නැවැත්වීම නිශ්චිත නැවතුම්පොළවල පමණයි – ජාතික ගමනාගමන කොමිෂන් සභාව

අද (15) සිට අන්තර් පළාත් බස් රථ නිශ්චිත නැවතුම්පොළවල පමණක් නැවැත්වීමේ නියමු ව්‍යාපෘතිය ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. මෙම්ම වැඩසටහන පළමුවෙන්ම කොළඹ සිට ගාල්ල දක්වා මාර්ගයේ ක්‍රියාත්මක කරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කර සිටියා. ඒ අනුව අද සිට අන්තර් පළාත් බස් රථ නැවැත්විය හැක්කේ කහපාට […]

Local News
May 15, 2023
190 views 0 secs 0

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය පොල්ගහවෙලට සීමා වෙයි…

රේල් බස් රථයක් පීලි පැනීම හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය පොල්ගහවෙල දක්වා සීමාකර තිබේ. පොතුහැර හා තලවත්තේගෙදර අතරදී එම රේල් බස් රථය මතට ගසක් කඩා වැටී මෙලෙස එම රේල් බස් රථය පීලිපැන ඇති බව වාර්තා වේ. 2022 වසරේ නොවැම්බර් මාසයේදීද මෙම ස්ථානය ආසන්නයේ මාර්ගයට වැටී තිබූ ගසක ගැටීමෙන් රේල් බස් රථයක් පීලිපැනීමකට ලක්විය.

Local News
May 12, 2023
180 views 0 secs 0

ඩොලර් අගයේ වෙනසක්…

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (12) පහත වැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.306.38 ක් ලෙසත්, විකුණුම් මිල රු.320.03 ක් ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුවවේ නිල වෙබ් අඩවිය නිවේදනය කර තිබිණි.