Local News
June 27, 2023
191 views 0 secs 0

ලිට්‍රෝ ගෑස් මිල යළි පහලට…

ලබන මස මුල් සතියේ ගෑස් මිල යළි පහළ දමන බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කර සිටියා. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, මිල සූත්‍රයට අනූව එය සිදු කෙරෙන බවයි.

Local News
June 16, 2023
212 views 0 secs 0

අනුරාධපුර – ඕමන්තේ දුම්රිය ධාවනය ලබන මාසයේ සිට යළි අරඹයි..

මාර්ග අලුත්වැඩියාව සඳහා පසුගිය ජනවාරි මාසයේදී වසා දැමුණුඅනුරාධපුර – ඕමන්තේ අතර දුම්රිය ධාවනය ලබන මාසයේ යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව කොළඹ, කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා සාමාන්‍ය කාලසටහන් අනුව යළිත් දුම්රිය ගමන් ආරම්භ කිරීමට නියමිතයි. මේ යටතේ කිලෝ මීටර් 62 කින් යුත් දුරක් ඉන්දියානු ණය ආධාර යටතේ අලුත්වැඩියා කළ අතර ඒ සඳහා […]

Local News
June 16, 2023
189 views 1 sec 0

අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල පහලට…

ලංකා සතොස අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල පහත දැමීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කර සිටියා. ඒ අනුව මිල අඩු ඌ භණ්ඩ, අඩු වූ මිල සහ නව මිල පහතින්.

Local News
June 14, 2023
187 views 0 secs 0

කොටා පාර වැසෙයි…

ජූනි 17 වනදා පෙ ව 7සිට ජූනි 18 වනදා පෙ ව 5 දක්වා, කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය නඩත්තු කටයුතුත්තක් හේතුවෙන් කොටා පාර වසා දැමෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම මාර්ගය වසා දැමෙන කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

Local News
June 12, 2023
183 views 0 secs 0

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් කිහිප දෙනෙකුට පන්ති තහනමක්…

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් 11 දෙනෙකු තාවකාලික පන්ති තහනමකට ලක් කර තිබේ.අදාළ සිසුන් නේවාසිකාගාරයක් තුළදී නවක සිසුන්ට පිළුණු වූ ආහාර ලබා දී ඇතැයි අනාවරණය වීමත් සමඟ මෙලෙස ඔවුන් තාවකාලික පන්ති තහනමකටලක් කල බවයි විශ්වවිද්‍යාලයීය නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා සඳහන් කළේ.

Local News
June 12, 2023
186 views 0 secs 0

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි…

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන අතර ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකර ඇති බවයි අමාත්‍ය විදුර වික්‍රමනායක සඳහන් කර සිටියා.

Local News
June 12, 2023
183 views 0 secs 0

තෙවන පාසල් වාරය ඇරඹේ..

2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ තෙවන අදියර අද (12) ආරම්භ විය. මේ දිනවල පවතින වැසි තත්වය හේතුවෙන් ඩෙංගු අවධානම් තත්වය ද සැලකිල්ලට ගනිමින් පාසල් ආරම්භ කිරීමට පෙර විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් මෙම සති අන්තයේ පවත්වා තිබුණා.

Local News
June 12, 2023
201 views 0 secs 0

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි…

හෙට (13) අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 20ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට (13) උදෑසන 10.00 සිට අනිද්දා (14) උදෑසන 6.00 දක්වා ගොරකපිටිය, සිද්ධමුල්ල, ඇරැව්වල, රත්මල්දෙණිය, මහරගම – පිළියන්දල මාර්ගය, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර, බෝකුන්දර පාර සහ ඊට යාබද සියලු අතුරු […]

Local News
June 05, 2023
193 views 0 secs 0

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්…

පවතින අයහපත් කාලගුණයත් සමඟ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේ ගාල්ල, කළුතර, බදුල්ල යන දිස්ත්‍රික්ක සඳහා මෙම නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි . ගාල්ල දිස්ත්‍රික්කයේ නෙලුව, නාගොඩ හා ඇල්පිටිය ප්‍රදේශ සඳහාත්, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, වලල්ලාවිට, අගලවත්ත හා බුලත්සිංහල යන ප්‍රදේශ සඳහාත්, බදුල්ල […]

Local News
June 05, 2023
174 views 0 secs 0

ජනපති විසින් නව මහාධිකරණ විනිසුරුවරුන් 4 දෙනෙකු පත් කෙරේ….

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්, දිසා විනිසුරුවරුන් වන ටී. ප්‍රභාකරන්, පී.කේ. පරනගමගේ, පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් ටිකිරි කේ. ජයතිලක සහ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ කේ.ඩී.වයි.එම්. නයනි නිර්මලා කස්තුරිරත්න යන මහත්ම මහත්මීන් නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මහාධිකරණ විනිසුරුවරුන්ට අදාළ පත්වීම් ලිපිද ප්‍රදානය කළ බවයි.