Local News
September 24, 2023
154 views 0 secs 0

වරාය නගරයෙන් හමු වූ මළ සිරුර…

කොළඹ වරාය නගර වෙරළ තීරයේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමු වී ඇති බව වාර්තා වේ. ඊයේ (23) දහවල් කාලයේ කොළඹ වරාය පොලීසියට ලද තොරතුරුක් මත ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇත. මියගොස් සිටින පුද්ගලයා ගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර මෙම පුද්ගලයා අවුරුදු 40ත් 45ත් අතර වයසක පසු වන පුද්ගලයකු වන අතර, උස […]

Local News
September 16, 2023
183 views 0 secs 0

ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමති ලන්ඩනයට..

ලන්ඩනයේ මාල්බරෝ හවුස් හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ අමාත්‍යවරුන්ගේ සමුළුව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එක්ව සිටින බව වාර්තා වේ. 10 වන වරට පැවැත්වෙන මෙම සමුළුව සැප්තැම්බර් 11 වන දින සිට 15 වන දින දක්වා මෙම සමුළුව පැවැත්වේ. පකිස්ථාන රජයේ ප්‍රධානත්වයෙන් පැවැට්ග්වෙන මෙම පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ අමාත්‍යවරුන්ගේ සමුළුව තරුණ ප්‍රතිපත්ති සහ […]

Local News
September 13, 2023
161 views 0 secs 0

ස්වයංක්‍රීයව ඉන්ධන මිල සංශෝධනය වීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම්..

ලබන වසරේ සිට දිනපතා ස්වයංක්‍රීයව ඉන්ධන මිල සංශෝධනය වීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර සිටියා. මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවිකරුවන්ගේ සංගමය දැනුවත් කළ බව අමාත්‍යවරයා සඳහන් කර ඇති අතර පිරවුම්හල්වල ඉන්ධන සැපයීම සහ තොග ලබා ගැනීම, නව උපාංග භාවිතයෙන් ස්වයංක්‍රීයකරණය කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා […]

Local News
September 13, 2023
152 views 0 secs 0

දුම්රිය වැඩවර්ජනය අවසන්…

අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව සිය වැඩ වර්ජනය අවසන් කිරීමට ලොකෝමෝටිව් ඔපරේටින්ග්ස් ඉංජිනියර්ස් වෘත්තීය සමිතිය තීරණය කර තිබේ. එම සාකඡ්චාවේදී ඔවුන්ගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් තම වර්ජනය අවසන් කළ බව ඔවුන් පවසයි. හෙට දහවල් වනවිට දුම්රිය ධාවනය සාමන්‍ය පරිදි සිදුවනු ඇති බව ලොකෝමෝටිව් ඔපරේටින්ග්ස් ඉංජිනියර්ස් දුම්රිය රියදුරු වෘත්තීය සමිතිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Local News
August 31, 2023
159 views 0 secs 0

ඉදිරි දින කිහිපය තුළ වැසි තත්ත්වයේ වර්ධනයක්

සැප්තැම්බර් මස 01, 02, සහ 03 දිනවල දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට ඇති වේ.  නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, වව්නියා සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි […]

Local News
August 24, 2023
163 views 0 secs 0

රිජ්වේ ආර්යා ළමා රෝහලට ගිය ජාතික ක්‍රිකට් කණ්ඩායම…

අද (24) ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වී තිබෙනවා. රිජ්වේ ආර්යා ළමා රෝහලේ ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතිය සඳහා සහයෝගය දැක්වීමේ අරමුණින් මෙම චාරිකාව සිදු කළ බව ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටියා මෙහිදී ක්‍රීඩකයින් රෝහලේ හෘද රෝග වාට්ටු නිරීක්ෂණය සදහා එක් වූ අතර ක්‍රීඩකයින්ට අමතරව පුහුණුකරුවන් හා කණ්ඩායම්ක ලමණාකාරීත්වයද මෙම […]

Local News
August 17, 2023
158 views 0 secs 0

වැල්ලවත්තේ ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම නවතී…

විදුලි රැහැනකට හානි සිදුවීම හේතුවෙන් වැල්ලවත්තේ ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳ වැටීමක් සිදුව තිබේ. වැල්ලවත්ත ඩබ්ලිව්.ඒ. සිල්වා මාවත ප්‍රදේශයේදී මෙලෙස විදුලි රැහැනකට හානි සිදුව ඇති අතර විදුලි ජනන යන්ත්‍ර යොදාගනිමින් ප්‍රදේශ කිහිපයක් සඳහා විදුලි සැපයුම ලබාදීමට පියවර ගෙන ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියා. එසේම විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු […]

Local News
August 16, 2023
170 views 0 secs 0

IMF නියෝජිතයින් පිරිසක් දිවයිනට..

ලබන මස 14 වැනි දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් කණ්ඩායමක් මෙරටට පැමිණීමට සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර සිටියා. එම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ ණය අරමුදලේ පළමු සමාලෝචනය සඳහා පැමිණෙන අතර ඔවුන් ඔවුන් ලබන මස 27 වැනි දා දක්වා මෙරට රැඳී සිටිනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු පැවසුවේය.

Local News
July 31, 2023
168 views 0 secs 0

උද්ධමනය පහළට..

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජුලි මාසයේ මතුපිට උද්ධමනය සියයට 6.3ක් දක්වා පහත බැස ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ජුනි මාසයේ දී මෙරට උද්ධමනය සඳහන් වුයේ 12%ක් ලෙසය. එමෙන්ම පෙර මාසයේ 4.1%ක් ලෙස වාර්තා ආහාර කාණ්ඩය සඳහා වන උද්ධමනය ද -1.4% දක්වා පහත වැටී තිබේ. ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද ජුනි මාසයේ […]

Local News
July 31, 2023
167 views 0 secs 0

ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට සාකච්ඡා…

ඉදිරි මාස දෙක ඇතුළත ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට සාකච්ඡා කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ජනාධිපතිවරයාත්, මුදල් අමාත්‍යාංශයත්, කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයිජන හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ. එමෙන්ම ඊයේ දවස වනවිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් පාලනය වන ඉන්ධන පිරවුම්හල් 101 ක පෙට්‍රල් 92 […]