Local News
July 26, 2023
158 views 0 secs 0

මිනින්දෝරු නිලධාරීන් වැඩ වර්ජනයක…

රජයේ මිනින්දෝරු නිලධාරීන් අද (26) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුනා. රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද උඳුගොඩ මහතා සඳහන් කළේ, ඉඩම් අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියා කළාපයට විරෝධය පළ කරමින් එම ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි.

Local News
July 25, 2023
169 views 0 secs 0

බිත්තර පාලන මිල ඉවතට….

අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තරයක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත්කිරීමට තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Local News
July 20, 2023
169 views 0 secs 0

ලිට්‍රෝ සමාගමෙන් රු.බිලියන 1.5 ක් මහා භාණ්ඩාගාරය වෙත…

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් සිය ලාභාංශ ලෙස රුපියල් බිලියන 1.5 ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත ලබාදෙන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කර සිටියා. ජනතාව වෙනුවෙන් ගෑස් සිලින්ඩරයක මිල අඩු කරන අතරම, ආයතනයද ශක්තිමත් කර සාධාරණ සුළු ලාභයක් ඉපැයූ බව ඔහු සඳහන් කළේ. අද (20) දිනයේ සිය මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ […]

Local News
July 20, 2023
169 views 0 secs 0

ඉතිහාසයේ ප්‍රථම වතාවට වැඩබලන ජනාධිපති ලේකම් ලෙස කාන්තාවක් පත් කෙරේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ජනාධිපතිවරයා සමඟ ඉන්දීය නිල සංචාරයට එක්ව සිටින බැවින් අද (20) සිට බල පැවැත්වෙන පරිදි වැඩබලන ජනාධිපති ලේකම් ලෙස චාන්දනී විජේවර්ධන මහත්මිය පත් කර තිබේ. ජනාධිපති ලේකම් ධුරයෙහි වැඩ බැලීමට කාන්තාවක් පත් කෙරුණු ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය බව වාර්තා වන අතර ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිනියක් වන චාන්දනී විජේවර්ධන මහත්මිය මේ වන විට […]

Local News
July 20, 2023
161 views 0 secs 0

දෙදින නිල සංචාරයක් සඳහා ජනපති ඉන්දියාව බලා පිටත්ව යයි….

දෙදින නිල සංචාරයක් සඳහා අද (20) ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සිදුකරන පළමු නිල සංචාරය මෙය වන අතර මෙම සංචාරය අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී […]

Local News
July 20, 2023
176 views 0 secs 0

ඩිල්මා නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලාංකීය තේ කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කල ඩිල්මා තේ නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා අද (20) උදෑසන අභාවප්‍රාප්ත විය. මිය යන විට 93 වන වියේ පසු වූ ඔහු ඩිල්මා තේ ව්‍යාපාරය ආරම්භ කලේ 1970දීයි.

Local News
July 13, 2023
187 views 0 secs 0

ලබන වසරේ සිට විභාග සියල්ල නියමිත කාලයට පැවැත්වීමට කටයුතු කරනවා – සුසිල් ප්‍රේමජයන්ත

ලබන වසරේදී නියමිත කාලයට සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් මෙම අදහස් පළ කළේය. පසුගිය කාලය තුළ රටේ පැවති අර්බුද තත්ත්වයන් හේතුවෙන් විභාග පැවැත්වීමේ කාලවකවානු සංශෝධනය කිරීමට සිදුවු බවද අමාත්‍යවරයා එහිදී […]

Local News
July 13, 2023
207 views 1 sec 0

අනුරාධපුරය – ඕමන්තය දුම්රිය මාර්ගය ලබන 15 වන දින සිට යළි විවෘතයි..

පසුගිය ජනවාරි මස සිට අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ධාවන කටයුතු නතර කර තිබු අනුරාධපුරය – ඕමන්තය අතර දුම්රිය මාර්ගය ලබන 15 වන දින සිට යළි ධාවන කටයුතු සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඉන්දීය ණය ආධාර යටතේ එහි නඩත්තු කටයුතු සිදුකළ අතර මේ වනවිට එම අලුත්වැඩියා කටයුතු අවසන් කර තිබේ. ඒ අනුව අද […]

Local News
June 27, 2023
198 views 0 secs 0

ගාලුමුවදොර පිටියේ යාචකයින් ගැන තීරණයක්….

කොළඹ ගාලුමුවදොර පිටියේ සිටින යාචකයින් හම්බන්තොට රිදියගම සමාජ සේවා පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට තීරණය කර ඇති බව වාර්තා වේ. ගාලුමුවදොර පිටියේ යාචකයින් විසින් මහජනතාවට හිරිහැර කරන බවට ලැබුණු පැමිණිලි මත වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ. ගාලුමුවදොර පිටියේ යාචකයින් 150 දෙනෙකු පමණ දෙස් විදෙස් සංචාරකයින් ඇතුළු […]

Local News
June 27, 2023
231 views 0 secs 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය පී.එම්.බී සිරිල් මහතා අභාවප්‍රාප්ත වේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වන වෛද්‍ය පී.එම්.බී සිරිල් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඔහුගේ රියදුරා සමග නිවසේ පිටතින් සවිකර ඇති විදුලි සෝපානයෙන් තුනවන මහලේ අලුත්වැඩියා කටයුතු පරීක්ෂාකර බැලීම සඳහා ගමන් කරන අතරවාරයේ විදුලි සෝපානය කඩා වැටී බරපතළ තුවාල ලබා තිබෙනවා. ඉන් අනතුරුව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිට ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මියයන විට ඒ […]