Local News
August 17, 2023
210 views 0 secs 0

වැල්ලවත්තේ ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම නවතී…

විදුලි රැහැනකට හානි සිදුවීම හේතුවෙන් වැල්ලවත්තේ ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳ වැටීමක් සිදුව තිබේ. වැල්ලවත්ත ඩබ්ලිව්.ඒ. සිල්වා මාවත ප්‍රදේශයේදී මෙලෙස විදුලි රැහැනකට හානි සිදුව ඇති අතර විදුලි ජනන යන්ත්‍ර යොදාගනිමින් ප්‍රදේශ කිහිපයක් සඳහා විදුලි සැපයුම ලබාදීමට පියවර ගෙන ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියා. එසේම විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු […]

Local News
August 16, 2023
223 views 0 secs 0

IMF නියෝජිතයින් පිරිසක් දිවයිනට..

ලබන මස 14 වැනි දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් කණ්ඩායමක් මෙරටට පැමිණීමට සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර සිටියා. එම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ ණය අරමුදලේ පළමු සමාලෝචනය සඳහා පැමිණෙන අතර ඔවුන් ඔවුන් ලබන මස 27 වැනි දා දක්වා මෙරට රැඳී සිටිනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු පැවසුවේය.

Local News
July 31, 2023
219 views 0 secs 0

උද්ධමනය පහළට..

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජුලි මාසයේ මතුපිට උද්ධමනය සියයට 6.3ක් දක්වා පහත බැස ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ජුනි මාසයේ දී මෙරට උද්ධමනය සඳහන් වුයේ 12%ක් ලෙසය. එමෙන්ම පෙර මාසයේ 4.1%ක් ලෙස වාර්තා ආහාර කාණ්ඩය සඳහා වන උද්ධමනය ද -1.4% දක්වා පහත වැටී තිබේ. ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද ජුනි මාසයේ […]

Local News
July 31, 2023
211 views 0 secs 0

ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට සාකච්ඡා…

ඉදිරි මාස දෙක ඇතුළත ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට සාකච්ඡා කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ජනාධිපතිවරයාත්, මුදල් අමාත්‍යාංශයත්, කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයිජන හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ. එමෙන්ම ඊයේ දවස වනවිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් පාලනය වන ඉන්ධන පිරවුම්හල් 101 ක පෙට්‍රල් 92 […]

Local News
July 26, 2023
202 views 0 secs 0

මිනින්දෝරු නිලධාරීන් වැඩ වර්ජනයක…

රජයේ මිනින්දෝරු නිලධාරීන් අද (26) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුනා. රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද උඳුගොඩ මහතා සඳහන් කළේ, ඉඩම් අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියා කළාපයට විරෝධය පළ කරමින් එම ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි.

Local News
July 25, 2023
217 views 0 secs 0

බිත්තර පාලන මිල ඉවතට….

අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තරයක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත්කිරීමට තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Local News
July 20, 2023
216 views 0 secs 0

ලිට්‍රෝ සමාගමෙන් රු.බිලියන 1.5 ක් මහා භාණ්ඩාගාරය වෙත…

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් සිය ලාභාංශ ලෙස රුපියල් බිලියන 1.5 ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත ලබාදෙන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කර සිටියා. ජනතාව වෙනුවෙන් ගෑස් සිලින්ඩරයක මිල අඩු කරන අතරම, ආයතනයද ශක්තිමත් කර සාධාරණ සුළු ලාභයක් ඉපැයූ බව ඔහු සඳහන් කළේ. අද (20) දිනයේ සිය මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ […]

Local News
July 20, 2023
221 views 0 secs 0

ඉතිහාසයේ ප්‍රථම වතාවට වැඩබලන ජනාධිපති ලේකම් ලෙස කාන්තාවක් පත් කෙරේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ජනාධිපතිවරයා සමඟ ඉන්දීය නිල සංචාරයට එක්ව සිටින බැවින් අද (20) සිට බල පැවැත්වෙන පරිදි වැඩබලන ජනාධිපති ලේකම් ලෙස චාන්දනී විජේවර්ධන මහත්මිය පත් කර තිබේ. ජනාධිපති ලේකම් ධුරයෙහි වැඩ බැලීමට කාන්තාවක් පත් කෙරුණු ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය බව වාර්තා වන අතර ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිනියක් වන චාන්දනී විජේවර්ධන මහත්මිය මේ වන විට […]

Local News
July 20, 2023
207 views 0 secs 0

දෙදින නිල සංචාරයක් සඳහා ජනපති ඉන්දියාව බලා පිටත්ව යයි….

දෙදින නිල සංචාරයක් සඳහා අද (20) ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සිදුකරන පළමු නිල සංචාරය මෙය වන අතර මෙම සංචාරය අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී […]

Local News
July 20, 2023
224 views 0 secs 0

ඩිල්මා නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලාංකීය තේ කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කල ඩිල්මා තේ නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා අද (20) උදෑසන අභාවප්‍රාප්ත විය. මිය යන විට 93 වන වියේ පසු වූ ඔහු ඩිල්මා තේ ව්‍යාපාරය ආරම්භ කලේ 1970දීයි.