Local News
May 31, 2023
225 views 0 secs 0

ඉන්ධන මිලෙහි වෙනසක්..

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.නව සංශෝධනයන්ට අනුව ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 318 කි. නව සංශෝධනයන්ට අනුව ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 20 කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 385කි.

Local News
May 30, 2023
238 views 0 secs 0

වෛද්‍ය ෂාෆි කුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩ භාර ගනී…

අද (30) සිට වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් යළිත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව වාට්ටුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරිවරයා ලෙස වැඩ ආරම්භ කර තිබෙනවා. ඒ ඔහු නැවත කුරුණෑගල ශික්ෂණ රෝහල වෙතට අනුයුක්ත කරන ලෙස දන්වා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක්ද යොමු කිරීම්‍රන් අනතුරුවයි. වෛද්‍ය ෂාෆිට එරෙහි විනය ක්‍රියාමාර්ග අවසන් කර […]

Local News
May 30, 2023
234 views 0 secs 0

ආනයනික පළතුරුවල ලෝහ පරීක්ෂා කිරීම අනිවාර්යයි….

ජුනි 01 දා සිට ආනයනික පළතුරුවල බැර ලෝහ පරීක්ෂා කිරීම අනිවාර්ය කර තිබේ.මෙරටට ආනයනය කරන ඇතැම් පළතුරුවල බැර ලෝහයක් වන ඊයම් අන්තර්ගත බව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි.2021 – 2022 අතර කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය කළ ජාතික ආහාර හා සුරක්ෂිතතා සමීක්ෂණයේදී ඒ බව අනාවරණ වී ඇත මෙම තත්ත්වය මහජන සෞඛ්‍යට හානිකර […]

Local News
May 30, 2023
245 views 1 sec 0

ගිනි නිවීම් සේවා හදිසි ඇමතුම් අංකවල වෙනසක්…

හදිසි ගින්නක් සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම සඳහා 011-2686087 යන දුරකථන අංකය භාවිත කරන ලෙසට කොළඹ ගිනි නිවීමේ ඒකකය දැනුම් දී සිටියා. මීට පෙර ක්‍රියාත්මක වූ 011-2422222 හෝ 110 අංකය නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක නොවන බවද එම ඒකකය දැනුම් දී සිටියා.

Local News
May 27, 2023
242 views 4 secs 0

2021 සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ…

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙන අතර එම ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන් 80,272 දෙනෙකු ඉල්ලුම් කර තිබූ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. නැවත සමීක්ෂණ ප්‍රතිඵල පිළිබඳ […]

Health, Local News
May 27, 2023
249 views 0 secs 0

ඩෙංගු මර්දනයට ග්‍රාමීය කමිටු පිහිටුවිමට පියවර….

ඩෙංගු මර්දනය සඳහා ග්‍රාමීය කමිටු පිහිටුවිමට පියවර ගෙන ඇතැයි, ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කර සිටි අතර එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය, නලින් ආරියරත්න මහතා පැවසුවේ, ග්‍රාම නිලධාරීන් විසින් එම කටයුතු සිදුකරනු ඇති බවයි. මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් ඇති බවත්, ගතවූ මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන් 37,000 ආසන්න […]

Local News
May 27, 2023
240 views 0 secs 0

ඉන්ධන කෝටාව ඉහල දැමීමට තීරණයක්…

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් , දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බව සඳහන් කර තෙබේ. එළඹෙන මාසයේ ඉන්ධන මිල සංශෝධනයේ සිට එම ඉන්ධන කෝටාව ඉහළ දැමීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Local News
May 22, 2023
224 views 1 sec 0

නිල සංචාරයක් සඳහා ජනපතිවරයා හෙට දිවයිනෙන් පිටව යයි..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා හෙට (23) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ජනාධිපතිවරයා සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇති බවයි සඳහන් වේ. එළඹෙන 25 සිට 27 දක්වා ජනාධිපතිවරයා ජපානයේ රැඳී සිටීමට නියමිත අතර එහිදී ජනාධිපතිවරයා ජපාන අග්‍රාමත්‍ය Fumio Kishida සමඟ ද්විපාර්ශවික සාකච්ඡා සිදුකිරීමට නියමිතයි.

Local News
May 22, 2023
234 views 0 secs 0

හෙටින් පසු අපොස සා පෙළ උපකාරක පන්ති පැවැත්වීම තහනම්…

හෙට (23) මධ්‍යම රාත්‍රී 12.00 සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා.ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රී 12.00න් පසුව උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. 2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි 29 සිට ජුනි 08 […]

Local News
May 22, 2023
227 views 1 sec 0

මෙරටට ඛනිජ තෙල් සැපයීමට Sinopec සමාගම සමඟ ගිවිසුම් අත්සන් තැබේ..

Sinopec සමාගම මෙරටට ඛනිජ තෙල් සැපයීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබේ. Sinopec සමාගම එලෙස ගිවිසුම් අත්සන් කළේ, කැබිනට් මණ්ඩලය පත් කළ විශේෂ කමිටුවේ නිර්දේශ අනුව චීනයේ සහ සිංගප්පූරුවේ මව් සමාගම් සමග ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය , ගබඩා කිරීම , බෙදා හැරීම සහ විකිණීම සම්බන්ධයෙන් වන දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුව සඳහා බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ […]