Local News
May 15, 2023
242 views 0 secs 0

දින 100කට වැසෙන නොරොච්චෝලේ 03 වන ඒකකය…

නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ඒකකය දින 100ක කාලයක් සඳහා වසා තැබෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එළඹෙන ජුනි මස 13 වනදා සිට දින මෙලෙස බලාගාරයේ 03 වන ඒකකය වසා තැබෙන අතර අදාළ කාලසීමාව තුළදී කිසිදු ආකාරයක විදුලි කප්පාදුවක් සිදුනොකරන බවද අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා. නියමිත ප්‍රධාන අලුත්වැඩියා […]

Local News
May 15, 2023
245 views 0 secs 0

අන්තර් පළාත් බස් රථ නැවැත්වීම නිශ්චිත නැවතුම්පොළවල පමණයි – ජාතික ගමනාගමන කොමිෂන් සභාව

අද (15) සිට අන්තර් පළාත් බස් රථ නිශ්චිත නැවතුම්පොළවල පමණක් නැවැත්වීමේ නියමු ව්‍යාපෘතිය ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. මෙම්ම වැඩසටහන පළමුවෙන්ම කොළඹ සිට ගාල්ල දක්වා මාර්ගයේ ක්‍රියාත්මක කරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කර සිටියා. ඒ අනුව අද සිට අන්තර් පළාත් බස් රථ නැවැත්විය හැක්කේ කහපාට […]

Local News
May 15, 2023
215 views 0 secs 0

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය පොල්ගහවෙලට සීමා වෙයි…

රේල් බස් රථයක් පීලි පැනීම හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය පොල්ගහවෙල දක්වා සීමාකර තිබේ. පොතුහැර හා තලවත්තේගෙදර අතරදී එම රේල් බස් රථය මතට ගසක් කඩා වැටී මෙලෙස එම රේල් බස් රථය පීලිපැන ඇති බව වාර්තා වේ. 2022 වසරේ නොවැම්බර් මාසයේදීද මෙම ස්ථානය ආසන්නයේ මාර්ගයට වැටී තිබූ ගසක ගැටීමෙන් රේල් බස් රථයක් පීලිපැනීමකට ලක්විය.

Local News
May 12, 2023
205 views 0 secs 0

ඩොලර් අගයේ වෙනසක්…

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (12) පහත වැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.306.38 ක් ලෙසත්, විකුණුම් මිල රු.320.03 ක් ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුවවේ නිල වෙබ් අඩවිය නිවේදනය කර තිබිණි.

Local News
May 12, 2023
217 views 0 secs 0

මැයි 27 සිට ඇරඹෙන පාසල් නිවාඩුව…

මැයි 29 වනදා සාමාන්‍ය පෙළ විභාගය ආරම්භවීම හේතුවෙන් මැයි මස 27 වනදා සිට ජුනි 11 දක්වා පාසල් නිවාඩුව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කර සිටියා.

Local News
May 12, 2023
226 views 0 secs 0

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්….

කලින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමෙන් පසු පමණක් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන්නැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.ඉදිරි සති දෙක තුළ ඉතා පහසුවෙන් විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බව එහි පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා ප්‍රකාශ කර සිටියා.

Local News
May 12, 2023
204 views 0 secs 0

ආනයනික කිරිපිටි මිල පහලට…

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 200කින් අඩු කර තිබෙන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. මැයි 15 වනදා සිට ක්‍රියාත්මක වන මෙම සහනය ජනතාවට ලැබෙනු ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියා.

Local News
May 10, 2023
277 views 0 secs 0

හෙට සිට ත්‍රීරෝද රථ වල පෙරළියක්….

හෙට (11) සිට මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමිසම ප්‍රකාශ කර සිටියා. මෙහි පළමු අදියර යටතේ පෙට්‍රල් ත්‍රීරෝද රථ 300 ක් මෙලෙස විද්‍යුත් ත්‍රීරෝද රථ ලෙස පරිවර්ථනය කරන බව එහි කොමසාරිස් නිශාන්ත වීරසිංහ මහතා සඳහන් කර සිටියා.

Local News
May 10, 2023
228 views 0 secs 0

ඩෙංගු පාලනයට පියවර ගත යුතුයි. නැතිනම් තත්වය භයානකයි – සෞඛ්‍ය අංශ

මේ වනවිට පවතින ඩෙංගු ව්‍යාප්තිය මෙලෙසම පැවතියහොත් ඉදිරි මාස දෙකක කාලය අතිශය අවදානම් තත්ත්වයට පත්විය හැකි බවත් එම තත්වය පාලනයට අවශ්‍ය පියවර ගත යුතු බවත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. වෙනත් වසර වල ඩෙංගු රෝගීන්ගේ වැඩිවීම ජුනි සහ ජුලි මාසවල දක්නට ලැබෙන අතර මෙම වසරේ එය මාර්තු සහ අප්‍රේල් මාසවල සිටම දක්නට ලැබෙන බවයි ජාතික බෝවන […]

Local News
May 09, 2023
216 views 0 secs 0

දේශීය තිරිඟු පිටිවල මිල වැඩි වීමක් නැහැ – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක….

අද (09) පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින්, මිල වැඩිවීමක් සිදුව ඇත්තේ ආනයනික තිරිඟු පිටිවල පමණැක් බවත්, දේශීය තිරිඟු පිටිවල මිල වැඩිවීමක් සිදුව නොමැති බවට මෙරට නිෂ්පාදන සමාගම් තහවුරු කළ බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියා. එසේම මාස 6 ක් සඳහා ප්‍රමාණවත් තිරිඟු පිටි තොගද රට තුළ පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් […]