Local News
May 12, 2023
197 views 0 secs 0

මැයි 27 සිට ඇරඹෙන පාසල් නිවාඩුව…

මැයි 29 වනදා සාමාන්‍ය පෙළ විභාගය ආරම්භවීම හේතුවෙන් මැයි මස 27 වනදා සිට ජුනි 11 දක්වා පාසල් නිවාඩුව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කර සිටියා.

Local News
May 12, 2023
202 views 0 secs 0

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්….

කලින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමෙන් පසු පමණක් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන්නැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.ඉදිරි සති දෙක තුළ ඉතා පහසුවෙන් විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බව එහි පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා ප්‍රකාශ කර සිටියා.

Local News
May 12, 2023
183 views 0 secs 0

ආනයනික කිරිපිටි මිල පහලට…

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 200කින් අඩු කර තිබෙන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. මැයි 15 වනදා සිට ක්‍රියාත්මක වන මෙම සහනය ජනතාවට ලැබෙනු ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියා.

Local News
May 10, 2023
248 views 0 secs 0

හෙට සිට ත්‍රීරෝද රථ වල පෙරළියක්….

හෙට (11) සිට මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමිසම ප්‍රකාශ කර සිටියා. මෙහි පළමු අදියර යටතේ පෙට්‍රල් ත්‍රීරෝද රථ 300 ක් මෙලෙස විද්‍යුත් ත්‍රීරෝද රථ ලෙස පරිවර්ථනය කරන බව එහි කොමසාරිස් නිශාන්ත වීරසිංහ මහතා සඳහන් කර සිටියා.

Local News
May 10, 2023
200 views 0 secs 0

ඩෙංගු පාලනයට පියවර ගත යුතුයි. නැතිනම් තත්වය භයානකයි – සෞඛ්‍ය අංශ

මේ වනවිට පවතින ඩෙංගු ව්‍යාප්තිය මෙලෙසම පැවතියහොත් ඉදිරි මාස දෙකක කාලය අතිශය අවදානම් තත්ත්වයට පත්විය හැකි බවත් එම තත්වය පාලනයට අවශ්‍ය පියවර ගත යුතු බවත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. වෙනත් වසර වල ඩෙංගු රෝගීන්ගේ වැඩිවීම ජුනි සහ ජුලි මාසවල දක්නට ලැබෙන අතර මෙම වසරේ එය මාර්තු සහ අප්‍රේල් මාසවල සිටම දක්නට ලැබෙන බවයි ජාතික බෝවන […]

Local News
May 09, 2023
189 views 0 secs 0

දේශීය තිරිඟු පිටිවල මිල වැඩි වීමක් නැහැ – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක….

අද (09) පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින්, මිල වැඩිවීමක් සිදුව ඇත්තේ ආනයනික තිරිඟු පිටිවල පමණැක් බවත්, දේශීය තිරිඟු පිටිවල මිල වැඩිවීමක් සිදුව නොමැති බවට මෙරට නිෂ්පාදන සමාගම් තහවුරු කළ බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියා. එසේම මාස 6 ක් සඳහා ප්‍රමාණවත් තිරිඟු පිටි තොගද රට තුළ පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් […]

Local News
May 09, 2023
192 views 0 secs 0

දුම්රිය වර්ජනයක්…

අද (09) මධ්‍යම රාත්‍රී 12සිට ක්‍රියාත්මක වන පරිදි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සැලසුම් කර තිබේ. මෙලෙස වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත්තේ විනය චෝදනා එල්ලවී සිටින පුද්ගලයෙකුට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වාණිජ තනතුර පිරිනැමීමට විරෝධය පළකරමින් බවයි, දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහන් කර සිටියේ. වහාම එම තීරණය හකුලාගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරමින් අද මධ්‍යම රාත්‍රී 12 […]

Local News
May 08, 2023
206 views 0 secs 0

සීනී හා තිරිඟු පිටි මිල ඉහලට….

සීනි සහ තිරිඟු පිටි මිල ගණන් ඉහළ දමා ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති අතර මෙතෙක් රුපියල් 225 ක් වූ සීනී සීනි කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 250 කි බව එහි සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කර සිටියා. මෙලෙස මිල ඉහල දැමීමට හේතුව ලෙස ඉන්දියාව සීනි […]

Local News
May 08, 2023
185 views 0 secs 0

ජනපති යළි දිවයිනට…

තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සඳහා එංගලන්තය බලා පිටත්ව ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) උදෑසන යළි දිවයිනට පැමිණි බව වාර්තා වේ. පසුගිය මැයි 4 වනදා ජනාධිපතිවරයා එංගලන්තය බලා පිටත්ව ගිය අතරඑහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩලයීය නායකයින්ගේ සමුළුවට එක්ව තිබුණි.

Local News
April 25, 2023
213 views 0 secs 0

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07 දෙනෙකුට ස්ථාන මාරු වීම්..

වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා අවශ්‍යතා මත ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07 දෙනෙකු ස්ථාන මාරුකර ඇති බව පොලීසිය පවසයි. ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායක මහතා පොලිස් මූලස්ථානයේ සිට මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා ඇති අතර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය […]