Local News, Sports
November 10, 2023
385 views 1 sec 0

ICC ය අත්හිටුවූ ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය …

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවූ බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කර තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් වගකීම් බරපතළ ලෙස උල්ලංඝණය කරමින් සිටින බව අද (10) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ රැස් වූ මණ්ඩලයේදී තීරණය කර ඇති බව සඳහන් වේ. විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ පාලනය, නියාමනය සහ පරිපාලනයට […]

Local News
November 10, 2023
268 views 0 secs 0

එළඹෙන සඳුදා දමිළ පාසල් වලට නිවාඩු….

ලබන 13 වැනි සඳුදා සියලු දමිළ පාසල්වලට නිවාඩු ලබා දී තිබේ. ඒ එළඹෙන 12 වැනිදාට යෙදෙන දීපාවලි උත්සවය නිමිත්තෙනි. මෙලෙස නිවාඩු ලබා දෙන දමිළ පාසල් 18 වැනි සෙනසුරාදා පැවැත්විය යුතු බවද, අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

Local News
November 09, 2023
260 views 0 secs 0

ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට නව වැඩ පිළිවෙලක්…

ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව පරිසර අමාත්‍යංශය පවසනවා. ක්‍රමවේද 3 ක් යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන අතර ප්ලාස්ටික් භාවිතය හැකිතාක් අවම කිරීම, ප්ලාස්ටික් හේතුවෙන් පරිසරයට සිදුවන විනාශය අවම කිරීම ප්‍රධාන ක්‍රියාවලිය බව එහි ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටියා

Local News
November 01, 2023
254 views 0 secs 0

ඉන්ධන තොග කළමණාකරණය වැදගත් – අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

ලෝක වෙළදපොළෙහි පවතින ඉන්ධන අර්බුදය සමග මෙරට ඉන්ධන තොග කළමණාකරණය කරගැනීම වඩාත් වැදගත් බව දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියා.ලෝක වෙළදපොළේ ඉන්ධන මිල ඉහල මට්ටමක පැවතියද රජය ඉතා සුළු මුදලකින් පමණක් ඉන්ධන මිල ඉහළ නැංවීමට කටයුතු කල බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ අනුරාධපුර පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

Local News
November 01, 2023
244 views 0 secs 0

ඉන්දීය මුදල් අමාත්‍යවරිය දිවයිනට

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය නිල සංචාරයක් සඳහා අද (01) දිවයිනට පැමිණීමට නියමිතයි. හෙට දින (02)කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුවේ ප්‍රධාන දේශණය අමාත්‍යවරිය විසින් සිදි කිරීමට නියමිතයි. දේශණයෙන් අනතුරුව අමාත්‍යවරිය, ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වී, ඉන් අනතුරුව යාපනය හා මහනුවර ප්‍රදේශ වලද සංචාරයන්ට එක් වීමට නියමිත බව සදහන් […]

Local News
October 31, 2023
257 views 0 secs 0

කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය හරස් මාර්ග කිහිපයක් වැසේ.

කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය හරස් මාර්ග කිහිපයක නඩත්තු කටයුතු හේතුවෙන් එම දුම්රිය මාර්ගය තාවකාලිකව වසාදැමීමට තීරණය කර තිබේ. මෙම මාර්ග වසා තැබෙන කාලය තුළ වාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස දුම්රිය මූලස්ථානය දැනුම් දී සිටියා. ඒ අනුව කැලණිවැලි දුම්රිය මාර්ගයේ ස්ටැන්ලි තිලකරත්න පාර දුම්රිය හරස් මාර්ගය, ඩී. එම් කොළඹගේ මාවත දුම්රිය හරස් මාර්ගය […]

Local News
October 31, 2023
251 views 0 secs 0

ජනවාරියේ සිට ඉහල යන වැට් බද්ද…

ලබන වසරේ ජනවාරි 1 වැනි දා සිට එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද 18%ක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඊට අමතරව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, මෙතෙක් වැට් බදු පනවා නොමැති භාණ්ඩ සඳහා වැට් බදු පැනවීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ප්‍රකාශ කර […]

Local News
October 23, 2023
255 views 0 secs 0

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව එළඹෙන සතියේ කැබිනට් මණ්ඩලයට….

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර මෙම සතිය තුළ ඒ අවශ්‍ය නිශ්කාෂණය ලබාදීම සඳහා කටයුතු කරන බවට නීතිපතිවරයා දැනුම්දී ඇති බව, විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. සමනල වැව, වික්ටෝරියා, රන්දෙණිගල වැනි ප්‍රධාන ජලාශ තිබෙන සීමාවලට නිසි වර්ෂාපතනයක් නොලැඹෙන බවත් ජලාශවල තිබෙන ධාරිතාවෙන් මේ වනවිට භාවිතා […]

Local News
October 23, 2023
259 views 0 secs 0

ප්‍රදේශ කිහිපයකටම ගංවතුර අවදානමක්…

නිල්වලා ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට වැසි ලැබීම හේතුවෙන්, කොටපොල, පිටබැද්දර, පස්ගොඩ, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට සැළකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා සඳහන් කළේ, ජනතාව ඒ පිළිබඳ දැඩි විමසිල්ලෙන් […]

Local News
October 23, 2023
258 views 0 secs 0

කැබිනට් අමාත්‍ය ධුර 03ක් සඳහා අද පත් කෙරුනු අමාත්‍යවරුන්…

අද (23) පෙරවරුවේ කැබිනට් අමාත්‍ය ධුර 03ක් සඳහා පත් කෙරුණු අමාත්‍යවරු ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍යවරයා ලෙස ද, මහින්ද අමරවීර මහතා ඔහු හොඹවන කෘෂිකර්ම අමාත්‍ය ධුරයට අමතරව වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස ද, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ද පත් කර තිබේ. […]