Local News
November 28, 2023
292 views 0 secs 0

ජල ගාස්තු සඳහා සූත්‍රයක්…..

ජල ගාස්තු සඳහා සූත්‍රයක් සැකසීම පිළිබඳ සාකච්ඡා කරමින් ඇතැයි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමි අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කර සිටි අතර යෝජිත ජල ගාස්තු සූත්‍රයේ අවසන් කෙටුම්පත දෙසැම්බර් මාසයේදී සකස් කර අවසන් කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී. ඔහු […]

Local News, Politics
November 27, 2023
467 views 0 secs 0

පුරප්පාඩු වූ අමාත්‍ය ධුර සදහා අමාත්‍යවරු පත් කෙරේ…

රොෂාන් රණසිංහ මහතාව ඉවත්කිරීමත් සමග පුරප්පාඩු වූ ක්‍රීඩා අමාත්‍යධුරය සඳහා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාව පත්කර තිබෙන අතර පුරප්පාඩු වූ වාරිමාර්ග අමාත්‍ය ධුරය සඳහා ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත්කර ඇති බව වාර්තා වේ. ඔවුන් මේ වනවිටත් දරණ අනෙක් අමාත්‍ය ධුරවලට අමතරව මීට සුළු වේලාවකට පෙර ජනපති ඉදිරියේ මෙම අමාත්‍ය ධුරවල දිවුරුම් දී තිබේ.

Local News
November 27, 2023
276 views 0 secs 0

අද සියලු රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා…..

අද (27) දිනයේ සියලු රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා සංවිධානය කර තිබුණා. ඒ රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි. රුපියල් 20,000 වැටුප් වැඩි කිරීම, වැඩි කරන දීමනා හා වැටුප් ජනවාරි මාසයේ සිට ලබාදීම, 2016 සිට අහිමි කර ඇති පූර්ණ විශ්‍රාම වැටුප් හිමිකම යළි ලබාගැනීම වෙනුවෙන් මෙම විරෝධතා සංවිධානය කර තිබූ අතර මෙම […]

Local News
November 27, 2023
233 views 0 secs 0

විදුලිබල මණ්ඩලය ලාභ ලබන්නේ නම් එය නැවත පාරිභොගිකයන්ට ලබා දෙනවා – ඇමති කංචන

දෙසැම්බර් මාසයේදී ලංකා විදුලිබල මණ්ඩලය යම් ලාභයක් ලබන්නේ නම්, අප්‍රේල් මාසයේදී එම ලාභය පාරිභෝගිකයින් වෙත ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. පවතින වැසි තත්ත්වය අනුව, ධනාත්මක තත්ත්වයක් ඇති විය හැකි බවට අපේක්ෂා කරන අතර, විදුලි ගාස්තුව නැවත තක්සේරු කිරීමට උපදෙස් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

Local News
November 27, 2023
232 views 0 secs 0

පාසැල් දරුවන් සඳහා සපත්තු වවුචර් ලබා දීම දෙසැම්බර් 4 වනදා සිට…

දෙසැම්බර් 04 වැනිදා පාසැල් දරුවන් සඳහා ලබාදෙන සපත්තු වව්චර් පත් ලබාදීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කර සිටියා. මෙම වවුචර් පත් ලබාදෙන්නේ දුෂ්කර, අති දුෂ්කර හා හුදකලා පාසැල් යන වර්ගීකරණයට අයත් පාසැල් වල දරුවන්ට බවත්, ඒ අනුව, පාසැල් දරුවන් 747,000 කට සපත්තු වවුචර් ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Local News
November 27, 2023
227 views 0 secs 0

රොෂාන් රණසිංහ සියලු අමාත්‍ය ධුරවලින් ඉවතට…

වහාම ක්‍රියාත්මක වන පරිදි රොෂාන් රණසිංහ ක්‍රීඩා හා⁣ යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් සහ අනෙකුත් තනතුරුවලින් ඉවත් කිරීමේ ලිපිය අමාත්‍යවරයා වෙත යවා ඇති බවයි සඳහන් වේ.

Local News
November 27, 2023
237 views 0 secs 0

වසරේ මේ වන තෙක් ලාදුරු රෝගීන් 1,300කට ආසන්න ප්‍රමාණයක්..

මෙම වසරේ ගත වූ මාස කිහිපය තුළ ලාදුරු රෝගීන් 1,300කට ආසන්න පිරිසක් හදුනාගෙන ඇති බව ලාදුරු මර්ධන ඒකකය වාර්තා කර සිටියා.ජනවාරි සිට ඔක්තෝබර් තෙක් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් රෝගීන් 1,256ක් හමු වී ඇති අතර ඉන් රෝගීන් 265ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 130ක් ද, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 92ක් ද හමු වී ඇති බව වාර්තා […]

Local News
November 27, 2023
232 views 0 secs 0

පොලිස් සේවයේ පුරප්පාඩු 20,000ක්…

පොලිස් සේවයේ පුරප්පාඩු 20,000ක් පමණ පවතින බව ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර සිටියා.ලබන වසරේ එම පුරප්පාඩු සදහා නව නිලධාරීන් 5,000ක් පමණ බදවා ගන්නා බවත්, වසරේ මුල් භාගයේදී ඊට අදාල කටයුතු ආරම්භ කරන බව අමාත්‍ය ටිරාන් අලස් මහතා සදහන් කර සිටියා. එමෙන්ම ජනාධිපතිවරයාගේ හා ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්, නව පොලිස්පතිවරයා පත් කර ගැනීමට අදාලව අද (27) විශේෂ සාකච්ඡාවක් […]

Local News
November 26, 2023
202 views 0 secs 0

උත්සව සමය වෙනුවෙන් සහල් ආනයනයට පියවර…

එළඹෙන උත්සව සමයේදී සහල් හිඟයක් ඇතිවීම මගහරවා ගැනීම සඳහා සහල් තොගයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. මහ පරිමාණ මෝල් හිමියන් විසින් වෙළෙඳපොළට කීරි සම්බා සහල් නිකුත් නොකර සඟවා තබාගැනීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ මේ වනවිට කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක් නිර්මාණය වී ඇති බව ද සඳහන් වේ.

Local News
November 26, 2023
213 views 0 secs 0

යුධ ගැටුම් ඇති ප්‍රදේශ වලට ශ්‍රමිකයන් යොමුකරන්නේ නෑ – අමාත්‍ය මනූෂ.

ගාසා තීරයේ යුධ ගැටුම් ඇති ප්‍රදේශවලට මෙරට ශ්‍රමිකයින් යොමු නොකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කර සිටියා. ඊයේ පාර්ලිමේන්තුවේදී ඍඅවුෆ් හකීම් මහතා යොමු කල වාචික ප්‍රශ්ණයකට පිළිතුරු ලෙසයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ.