Local News
November 27, 2023
166 views 0 secs 0

පාසැල් දරුවන් සඳහා සපත්තු වවුචර් ලබා දීම දෙසැම්බර් 4 වනදා සිට…

දෙසැම්බර් 04 වැනිදා පාසැල් දරුවන් සඳහා ලබාදෙන සපත්තු වව්චර් පත් ලබාදීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කර සිටියා. මෙම වවුචර් පත් ලබාදෙන්නේ දුෂ්කර, අති දුෂ්කර හා හුදකලා පාසැල් යන වර්ගීකරණයට අයත් පාසැල් වල දරුවන්ට බවත්, ඒ අනුව, පාසැල් දරුවන් 747,000 කට සපත්තු වවුචර් ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Local News
November 27, 2023
164 views 0 secs 0

රොෂාන් රණසිංහ සියලු අමාත්‍ය ධුරවලින් ඉවතට…

වහාම ක්‍රියාත්මක වන පරිදි රොෂාන් රණසිංහ ක්‍රීඩා හා⁣ යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් සහ අනෙකුත් තනතුරුවලින් ඉවත් කිරීමේ ලිපිය අමාත්‍යවරයා වෙත යවා ඇති බවයි සඳහන් වේ.

Local News
November 27, 2023
169 views 0 secs 0

වසරේ මේ වන තෙක් ලාදුරු රෝගීන් 1,300කට ආසන්න ප්‍රමාණයක්..

මෙම වසරේ ගත වූ මාස කිහිපය තුළ ලාදුරු රෝගීන් 1,300කට ආසන්න පිරිසක් හදුනාගෙන ඇති බව ලාදුරු මර්ධන ඒකකය වාර්තා කර සිටියා.ජනවාරි සිට ඔක්තෝබර් තෙක් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් රෝගීන් 1,256ක් හමු වී ඇති අතර ඉන් රෝගීන් 265ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 130ක් ද, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 92ක් ද හමු වී ඇති බව වාර්තා […]

Local News
November 27, 2023
166 views 0 secs 0

පොලිස් සේවයේ පුරප්පාඩු 20,000ක්…

පොලිස් සේවයේ පුරප්පාඩු 20,000ක් පමණ පවතින බව ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර සිටියා.ලබන වසරේ එම පුරප්පාඩු සදහා නව නිලධාරීන් 5,000ක් පමණ බදවා ගන්නා බවත්, වසරේ මුල් භාගයේදී ඊට අදාල කටයුතු ආරම්භ කරන බව අමාත්‍ය ටිරාන් අලස් මහතා සදහන් කර සිටියා. එමෙන්ම ජනාධිපතිවරයාගේ හා ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්, නව පොලිස්පතිවරයා පත් කර ගැනීමට අදාලව අද (27) විශේෂ සාකච්ඡාවක් […]

Local News
November 26, 2023
143 views 0 secs 0

උත්සව සමය වෙනුවෙන් සහල් ආනයනයට පියවර…

එළඹෙන උත්සව සමයේදී සහල් හිඟයක් ඇතිවීම මගහරවා ගැනීම සඳහා සහල් තොගයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. මහ පරිමාණ මෝල් හිමියන් විසින් වෙළෙඳපොළට කීරි සම්බා සහල් නිකුත් නොකර සඟවා තබාගැනීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ මේ වනවිට කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක් නිර්මාණය වී ඇති බව ද සඳහන් වේ.

Local News
November 26, 2023
148 views 0 secs 0

යුධ ගැටුම් ඇති ප්‍රදේශ වලට ශ්‍රමිකයන් යොමුකරන්නේ නෑ – අමාත්‍ය මනූෂ.

ගාසා තීරයේ යුධ ගැටුම් ඇති ප්‍රදේශවලට මෙරට ශ්‍රමිකයින් යොමු නොකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කර සිටියා. ඊයේ පාර්ලිමේන්තුවේදී ඍඅවුෆ් හකීම් මහතා යොමු කල වාචික ප්‍රශ්ණයකට පිළිතුරු ලෙසයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ.

Local News
November 26, 2023
162 views 0 secs 0

විදිලි බල මණඩලයේ සේවකයන් 5000ක් ඉවතට..

විදුලි බල මණ්ඩලයේ ස්ථිර සේවකයන් 5000ක් ඉවත් කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා. විදුලි බල මණ්ඩලයේ වියදම් කළමණාකරණය කිරීම සදහා මෙම තීරණය ගෙන ඇති අතර ඉදිරියේදී අත්‍යාවශ්‍ය පිරිස පමණක් සේවයේ යෙදවීමට පියවර ගන්නා බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩි දුරටත් සදහන් කර සිටියේ. එමෙන්ම එළඹෙන වසරේදී විදුලි බල මණඩලයේ හා […]

Local News
November 17, 2023
143 views 1 sec 0

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වේ….

2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙන අතර www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබ ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Local News
November 16, 2023
142 views 0 secs 0

ජනපති මාලදිවයින බලා පිටත් වෙයි..

ජනපති රනි වික්‍රමසිංහ මහත අද මාලදිවයින බලා පිටත්වගොස්තිබේ. පසුගියදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයගත් මොහොමඩ් මුඑසු මහතාගේ පදවි ප්‍රාප්ත උත්සවයට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස මාලදිවයින බලා පිටත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටියා.

Local News
November 13, 2023
146 views 0 secs 0

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිට ඇප…..

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ. ඔහු ඇතුළු තවත් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගිය 10 වැනිදා රුපියල් ලක්ෂ 100 ක අල්ලස් මුදලක් ලබා ගන්නා අවස්ථාවේදි අත්අඩංගුවට ගත්තේ ය. දැවිතෙල් පිරිපහදු කිරිමේ ව්‍යාපෘතියක් […]