Local News
December 07, 2023
245 views 0 secs 0

කිඹුලාවල පිහිටි ස්ට්‍රීට් ෆුඩ් අලෙවිසැල් ඉවත් කරගන්නැයි දැනුම්දීමක්…

තලවතුගොඩ කිඹුලාවල පිහිටි ස්ට්‍රීට් ෆුඩ් අලෙවිසැල් ලබන 8 වනදා වනවිට ඉවත්කරගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් වෙළෙඳසැල් හිමියන්ට දැනුම් දී ඇති බව එම වෙළඳසැල් හිමියන් ප්‍රකාශ කර සිටියා. මේ සම්බන්ධයෙන් ලිඛිත දැනුම්දීමක් වෙළෙඳසැල් හිමියන්ට සිදුකර ඇති නමුත්, වෙළඳසැල් ඉවත් කිරීමට හේතුව නිශ්චිතව දක්වා නොමැති බව වෙළෙඳසැල් හිමියන් ප්‍රකාශ කර සිටියා.

Local News
December 06, 2023
235 views 0 secs 0

ඉදිරි දෙසතිය තුළ දිවයිනට එන ඉන්දියානු සහල් තොගය..

ඉදිරි දෙසතිය ඇතුළත ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත සම්බා සහල් තොගයේ පළමු කොටස දිවයිනට ගෙන එන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා, සම්බා සහල් මෙට්‍රික්ටොන් 50000ක් ගෙන්වීමට පසුගිය දා ලැබුණු කැබිනට් අනුමැතියට අනුව එම සහල් ආනයනය කරන බවත් මීට අදාළ ටෙන්ඩර් කැඳවීම ඊයේ (11) අවසන් වූ බවත් ප්‍රකාශ කළේ ය. […]

Local News
December 06, 2023
680 views 0 secs 0

ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල මිල ශීඝ්‍ර ලෙස පහලට..

ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් ශීඝ්‍ර ලෙස පහළ යමින් පවතින බව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර සිටියා. මේ තත්ත්වය හේතුවෙන් ඉදිකිරීම් කේෂත්‍රයේ පිබිඳීමක් සිදුව ඇති බව එම සංගමයේ ලේකම් ශාමින්ද්‍ර ගුණසේකර මහතා සඳහන් කර සිටියා. එමෙන්ම ශාමින්ද්‍ර ගුණසේකර මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ, මෙම […]

Local News
December 06, 2023
229 views 0 secs 0

නෙදර්ලන්තයෙන් යළි මෙරටට ලබා දුන් කෞතුක භාණ්ඩ මහජ ප්‍රදර්ශනයට..

ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට ලබාදුන් කෞතුක භාණ්ඩ ඊයේ (5) සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරිණ. මෙම කටයුත්ත බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. රනින් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රිදියෙන් නිම […]

Local News
December 05, 2023
229 views 0 secs 0

ගුවන් යානයේ තිබී සොයා ගත් සැක කටයුතු පාර්සලය…

අද (05) කටුනායක ගුවන් තොටුපළේ සිට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත් වීමට නියමිතව තිබූ, ඇඓ-272 ගුවන් යානයේ වැසිකිළියේ තිබී රත්‍රං කිලෝග්‍රෑම් දෙකක් සහිත පාර්සලයක් සොයා ගැනීම හේතුවෙන් අද පස්වරුවේ එය අත්හිටුවීමට පියවර ගත් බව ගුවන් තොටුපළ රේගුව පවසයි. ගුවන් යානය පස්වරු 1.35 ට ගුවන්ගත කිරීම සඳහා ධාවන පථයේ තිබියදී කළු පැහැති පාර්සලය සොයාගත් බවත්, එම පාර්සලය […]

Local News
December 05, 2023
221 views 2 secs 0

දිවයිනට ගෙන්වූ නවතම ගුවන් යානා…

චීනයෙන් ඇණවුම් කළ නවීන ‍Y-12-IV යානා දෙකක් අද දිවයිනට ළඟා වී තිබේ.එම යානා දෙක අද නිල වශයෙන් තමන්ට භාරදීමට නියමිත බවත්, ‍Y-12-IV යානා මේ වන විට රත්මලාන ගුවන් හමුදා කඳවුරට ගෙඩබස්සවා ඇති බවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රකාශ කර සිටියා.

Local News
December 04, 2023
220 views 0 secs 0

කැළණි විශ්ව විද්‍යේ අධ්‍යන කටයුතු තාවකාලිකව අත්හිටුවයි

කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. වෛද්‍ය පීඨය හැර කැලණිය විශ්වවිද්‍යාලය අද (04) පස්වරු 2 සිට නැවත දැනුම්දෙනතුරු වසා දමන බවත්, ඒ අනුව අදාළ නිවේදනයෙන් සියලුම සිසුන් වෙත දැනුම්දෙනු ලබන්නේ හෙට (05) උදෑසන 8ට පෙර සියලුම නේවාසික සිසුන් සිය නේවාසිකාගාරවලින් ඉවත්විය යුතු බවත් කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් […]

Local News
December 01, 2023
235 views 4 secs 0

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ…

අද (01) අලුයම 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරුණි. www.donents.lk හා wwww.results.exams.gov.lk වෙබ් අඩවි වලට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටි අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත් ලබන 04 වැනිදා සිට 18 වැනිදා දක්වා සිදු කිරීමට පහසුකම් සලසා තිබේ. මෙවර විභාගයට පෙනී සිටි සිසුන් […]

Local News
November 30, 2023
240 views 0 secs 0

ඉන්ධන මිලෙහි වෙනසක්…

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇති බව වාර්තා වේ.සංශෝධිත මිල ගණන් පහතින්. එමෙන්ම ලංකා ඓOC සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව සිය ඉන්ධන මිල ගණන් ද සංශෝධනය කරන බව දැනුම් දෙන ලදී.

Local News
November 30, 2023
233 views 0 secs 0

ජනපති ඩුබායි බලා පිටත් වේ…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගියේ ය. ඒ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහායි. අද දිනයේ සිට දෙසැම්බර් 12 වන දින දක්වා ඩුබායි එක්ස්පෝ නගරයේ දීමෙම සමුළුව පැවැත්වෙන අතර, රාජ්‍ය නායකයින්, රාජ්‍ය පෞද්ගලික අංශ නියෝජිතයින්, පරිසරවේදීන් සහ විද්වතුන්ද සහභාගීත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව විසින් මෙම සමුළුවට, අවදානමට ලක්විය හැකි […]