Local News
January 01, 2024
251 views 0 secs 0

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන වෙනස් වෙයි…

අද (01) දිනයේ සිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව මෙතෙක් මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ රුහුණු කුමාරි දුම්රිය අද පෙරවරු 5.25ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කල අතර මෙතෙක් සතියේ දිනවල පමණක් ධාවනය වු සාගරිකා ශීඝ්‍රගාමී දුම්රිය සෙනසුරාදා දිනයේ ද ධාවනය කිරීමට නියමිත වේ. එම්න්ම […]

Local News
January 01, 2024
201 views 0 secs 0

දුරකථන ගාස්තුත් ඉහලට…

ජනවාරි 1 වනදා සිට මෙරට සියළුම දුරකථන සමාගම් සිය දුරකථන ගාස්තු ඉහළ නංවන බව දැනුම් දී තිබේ. මෙතෙක් 15%ක්ව පැවැති වැට් බද්ද 18%ක් දක්වා ඉහල දැමීම හේතුවෙන් විදුලි සංදේශ සේවා බද්ධ 3%කින් ඒ අනුව ඉහල නැංවෙන අතර දුරකථන ඇමතුම් ගාස්තු, අන්තර්ජාල සේවා ගාස්තු, මුදල් ගෙවන රූපවාහිනි සේවා ගාස්තු ඇතුළු සියලු සේවාවන් සඳහා අය කරන ගාස්තු […]

Local News
January 01, 2024
214 views 0 secs 0

පළමුවනදා සිට ඉන්ධන මිලත් ඉහලට..

ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහල දමා තිබේ. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු.20කින් ඉහල දමා ඇති අතර එහි නව මිල රු.366ක් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු.38 කින් ඉහල යාම සමග එහි වන මිල 464ක් වේ. ලංකා සුදු ඩීසල් ලීටරයක් රු.29කින් ඉහල දමා ඇති අතර එහි නව මිල 475ක් […]

Local News
January 01, 2024
238 views 0 secs 0

නව වැට් බද්ද සමග ගෑස් මිල ඉහලට..

නව වැට් බදු සංශෝධනය සමග ජනවාරි පළමුවන දා සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ඉහලා දැමේ. කෙසේ වුවද ගෑස් සදහා මෙතෙක් අය කළ 2.5%ක වරාය හා ගුවන් සේවා බද්ද ඉවත් කර ඇති අතර, 15.5%කින් ගෑස් මිල ඉහළ නැංවෙන බව වාර්තා වේ.මෙම බද්ද සමග ලිට්‍රෝ ගෑස් සමාගමේ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු.500කින් පමණ ඉහල යාමට […]

Local News
December 29, 2023
217 views 0 secs 0

වැට් හේතුවෙන් මත්පැන් මිලත් ඉහලට…

ජනවාරි 1 වනදා සිට වැට් බද්ද ඉහළ යාමත් සමඟ මත්පැන් මිල ඉහළ දැමීමට එම සමාගම් තීරණය කර තිබෙනවා. ඒ අනුව ඪ්CSළ් මත්පැන් 750ම්ල් බෝතලයක මිල රුපියල් 90 කින් ඉහළ දමා ඇති අතර 375ම්ල් බෝතලයක මිල රුපියල් 50 කින් ඉහළ දමා තිබෙනවා. එසේම 180ම්ල් බෝතලයක මිල රුපියල් 20 කින් ජනවාරි පළමුවැනිදා සිට ඉහළ යන බවයි එම […]

Local News
December 29, 2023
234 views 0 secs 0

ජල බිල්පත් ගෙවීම 15%කින් පහලට…

ජල බිල්පත් ගෙවීම 15% කින් පමණ පහළ ගොස් ඇති අතර මේ වන විට බිල්පත්වලින් අයවිය යුතු හිඟ මුදල රුපියල් බිලියන 12 ක් පමණ වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත ගජධීරආරච්චි සඳහන් කර සිටියා. තම ජල බිල කඩිනමින් ගෙවීමෙන් අනවශ්‍ය විසන්ධි කිරීම් වළක්වා ගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Local News
December 29, 2023
219 views 0 secs 0

අද මධ්‍යම රාත්‍රියෙන් පසු උ.පෙළට අදාලව කෙරෙන සියලු ප්‍රචාරක කටයුතු තහනම්…

අද (29) මධ්‍යම රාත්‍රියෙන් පසු, මෙවර උසස් පෙළ විභාගයට මුහුණදෙන අපේක්ෂයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම ඇතුළු සියලු ප්‍රචාරක කටයුතු සිදුකළ නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව විභාගයට අදාළ සම්මන්ත්‍රණ, වැඩමුළු ඇතුළු සියලු ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රීයේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් වන අතර අදාළ නීති කඩකරන පිරිස්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන […]

Local News
December 29, 2023
227 views 0 secs 0

ඉන්ධන සහ ගෑස් සඳහා, වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවතට…

ලබන ජනවාරි 01 වනදා සිට ඉන්ධන සහ ගෑස් සඳහා Vඇඨ් බද්ද ක්‍රියාත්මක කිරීමේදී වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත්කරන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා ප්‍රකාශ කර සිටියා. ඒ අනුව ඉන්ධන සඳහා 18% ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී එම බද්දෙන් 7.5% කද, ගෑස් සඳහා 18% ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී එම බද්දෙන් 2.5% […]

Local News
December 26, 2023
223 views 0 secs 0

කොළඹ නගරයේ අවධානම් ගස් 700ක්…

කොළඹ නගරයේ අවදානම් සහිත ගස් 700ක ආසන්න සංඛ්‍යාවක් පවතින අතර බව කොළඹ මහ නගර සභාව ප්‍රකාශ කර සිටි අතර ඒ අතරින් ගස් 200ක් සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට හඳුනාගෙන ඇති බව නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය සඳහන් කර සිටියා. මේ අතර කොළඹ නගර සංවර්ධන සැලැස්ම යටතේ වසර 50 කට සරිලන ගස් වගා කිරීමට සැලසුම් කර ඇති බවද […]

Local News
December 26, 2023
229 views 0 secs 0

දරුවන් අතර පැතිරෙන ශ්වසන රෝග…

මේ දිනවල දරුවන් අතර ශ්වසන රෝග පැතිරයාමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මේ පිළිබද අදහස් දක්වමින් නි‍යෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී. විජේසුරිය මහතා සඳහන් කර සිටියේ, පුද්ගලයින් ඒකරාශී වන ස්ථානවලින් දරුවන් දුරස්ව තබා ගත යුතු බවත්, හැකි සෑම විටම මුව ආවරණයක් පැළදීමට කටයුතු කරන ලෙසත් ය.