විදුලි බිල අඩුකිරීමේ යෝජනාව ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට…..
සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියා කරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලංවිම කළමනාකාරිත්වයට උපදෙස් ලබාදී ඇති බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා. ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට […]
ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා ඇප මත මුදා හරී…
දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඇප මත මුදා හැරිමට නියෝග කර තිබෙනවා. ඒ අනුව රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වේ. ආගම්වලට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.
ලංකා විදුලි සේවක සංගමයේ විරෝධතා හෙට සිට…
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව හෙට (03) සිට තෙදිනක විරෝධතා ක්‍රියාමාර්ගයක් සැලසුම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසයි. අදාළ පනත් කෙටුම්පත වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස විදුලිබල අමාත්‍යවරයාට දැනුම් දෙන බවයි එහි ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කර සිටියේ.
කීරි සම්බා ආනයනයට පියවර…
ජනවාරි 21 වැනි දාට පෙර කීරි සම්බා මෙට්ට්‍රික් ටොන් 50,000 ක් ආනයනයට පියවර ගන්නා බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර සිටියා.. එම කාලය තුළ ඉන්දියාවෙන් සහල් ආනයනය අසීරු බවත්, එම කාලය තුළ යම් ප්‍රමාණයක් හෝ කීරි සම්බා සහල් මෙරටට ගෙන ඒමට උත්සාහ කරන බවත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් […]
නව අධ්‍යාපන ලේකම්වරිය වැඩ භාර ගනී…
නව අධ්‍යාපන ලේකම් ධුරයට පත්වූ වසන්තා පෙරේරා මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද (01) එම ධුරයේ වැඩ ආරම්භ කළේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන වසන්තා පෙරේරා මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික සංවර්ධන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ඇත. මීට […]
ලිට්‍රො ගෑස් මිල ඉහලට…
ලිට්‍රෝ ගෑස් මිල වැඩි කරන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කර සිටියා.. සංශොධිත මිල ගණන පහතින්. කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 685කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4,250ක් වේ. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 276කින් වැඩි කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,707ක් වේ. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් […]
පාසල් ප්‍රවාහන ගාස්තුත් ඉහලට…..
එළඹෙන පෙබරවාරි මාසයේ සිට පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය තීරණය කර තිබේ. පාසල් ආරම්භයේ දී එම ප්‍රතිශතය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමට කටයුතු කරන බව එම සංගමයේ සභාපති ලලිත් ප්‍රනාන්දු මහතා පවසා සිටියා. නව වැට් බදු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉන්ධන ඇතුළු වාහන කොටස් […]
සජබය සමඟ එක් වූ ශාන්…
දකුණු පළාතේ හිටපු මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා අද (01) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය සමග එක්වී තිබේ. අද සිට ශාන් විජයලාල් ද සිල්වා මහතාව, සජිත් ප්‍රේමදාස මහතා විසින් අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ද පත් කර තිබේ. ශාන් විජයලාල් ද සිල්වා මහතා ශ්‍රී ලංකා […]
