Local News
February 15, 2024
207 views 2 secs 0

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර අද සිට ජනතා අයිතියට…

ග්‍රාමීය ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම අරමුණු කර ගනිමින් ජයිකා (JඓCඈ ආයතනයේ මූල්‍ය සහාය ඇතිව ක්‍රියාත්මක කරන ලද අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර, අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ ආරාධනය පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජයිකා (JඓCඈ ආයතනයේ සභාපති ආචාර්ය ටනකා අකිහිතෝ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර විවෘත කෙරුණු බව පනාධිපති මාධ්‍ය අxෂය […]

Local News
February 13, 2024
239 views 3 secs 0

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඔන්ලිනෙ online අභියාචනා අයැදුම්පත් භාරගැනීම අද සිට..

අද(13) සිට 2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා අයැදුම්පත් Online ක්‍රමයට යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.එම අමාත්‍යංශය නිවේදනය කළේ, පසුගිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා අභියාචනා අද සිට පෙබරවාරි 29 වැනිදා දක්වා Oන්ලිනෙ ක්‍රමයට යොමු කළ හැකි බවයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස උපරිම […]

Local News
February 13, 2024
244 views 1 sec 0

අලි සබ්‍ගේ මෝටර් රථය අනතුරකට ලක්වෙයි….

අද (13) අලුයම 1.00ට පමණ පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා ගමන් කරමින් තිබූ මෝටර් රථය අනතුරට පත්වීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව සාලියවැව පොලීසිය සඳහන් කර සිටියා. අනතුරින් තුවාල ලබා ඇත්තේ ඉහළ පුලියන්කුලම – අලුත්ගම පදිංචිකරුවෙකු වන එච්.එම්.හර්ෂණ ප්‍රදීප් නම් අයෙක් වා අතර තුවාලකරු ප්‍රතිකාර සඳහා පුත්තලම […]

Local News
February 13, 2024
222 views 1 sec 0

ඉන්ධන සැපයුම ගැන රජයේ හදිසි තීරණයක්…

ෂෙල්-ආර් එම් පාක්ස් සමාගම සහ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම, ඛනිජතෙල් තොග ගබඩා හා බෙදාහැරීමේ ගිවිසුමට එළැඹීම ඊයේ (12) කොලොන්නාව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම් ප්‍රධාන කාර්යාලයේදී සිදුකර ඇත. මේ අනුව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට, ෂෙල්-ආර් එම් පාක්ස් සමාගමට අයත් ඉන්ධන තොග මෙරට තුළ ගබඩා කිරීම හා බෙදාහැරීම ආශ්‍රිත කටයුතු සඳහා […]

Local News
February 02, 2024
224 views 0 secs 0

කෙහෙලිය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (02) ප්‍රකාශයක් ලබාගැනිමට නියමිතව තිබේ. ඒ අධිකරණය දුන් නියෝගයට අනුව, ව්‍යාජ හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ගනුදෙනුව සම්බන්ධයෙනි. මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අද පෙරවරු 9.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නැයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඊයේ නියෝග කළා ය.

Local News
February 01, 2024
217 views 0 secs 0

කෙහෙලියට විදෙස් ගමන් තහනමක්..

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. හෙට දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටද එහිදී අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබේ.

Local News
February 01, 2024
235 views 0 secs 0

බස් ගාස්තු ගැන දැනුම්දීමක්…

ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු වැඩිවීමක් සිදුනොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියා.ඊට අදාල නිවේදනය පහතින්.

Local News
January 31, 2024
221 views 0 secs 0

ඉන්ධන මිලෙහි වෙනසක්…..

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට සිපෙට්කෝ සමාගම තීරණයකර තිබේ.ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 371කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8 කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 456ක් වේ. මෙතෙක් රුපියල් 358 පැවති , ලංකා […]

Local News
January 31, 2024
306 views 0 secs 0

ගමන් බලපත්‍ර ගාස්තු ඉහළට….

හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර ගාස්තු ඉහළ දමා තිබේ.මීට පෙර රුපියල් 5,000 ක් ලෙස පැවති මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 10,000ක් දක්වා ඉහළ යනු ඇත ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ, එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ ගාස්තුවල කිසිදු වෙනසක් සිදු නොවන බවයි.

Local News
January 31, 2024
225 views 0 secs 0

උද්ධමනය ඉහලට……..

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව 2023 දෙසැම්බර් මස 4% ලෙස සටහන් වූ මෙරට උද්ධමනය, 2024 ජනවාරි මාසයේදී 6.4ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. මේ අතර, 2023 දෙසැම්බර් මාසයේදී 0.3%ක් ලෙස සඳහන් වූ ආහාර උද්ධමනය 2024 ජනවාරි මාසයේදී 3.3%ක් දක්වා ඉහළ ගොස් ඇත.