Local News
February 02, 2024
179 views 0 secs 0

කෙහෙලිය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (02) ප්‍රකාශයක් ලබාගැනිමට නියමිතව තිබේ. ඒ අධිකරණය දුන් නියෝගයට අනුව, ව්‍යාජ හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ගනුදෙනුව සම්බන්ධයෙනි. මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අද පෙරවරු 9.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නැයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඊයේ නියෝග කළා ය.

Local News
February 01, 2024
166 views 0 secs 0

කෙහෙලියට විදෙස් ගමන් තහනමක්..

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. හෙට දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටද එහිදී අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබේ.

Local News
February 01, 2024
178 views 0 secs 0

බස් ගාස්තු ගැන දැනුම්දීමක්…

ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු වැඩිවීමක් සිදුනොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියා.ඊට අදාල නිවේදනය පහතින්.

Local News
January 31, 2024
169 views 0 secs 0

ඉන්ධන මිලෙහි වෙනසක්…..

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට සිපෙට්කෝ සමාගම තීරණයකර තිබේ.ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 371කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8 කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 456ක් වේ. මෙතෙක් රුපියල් 358 පැවති , ලංකා […]

Local News
January 31, 2024
254 views 0 secs 0

ගමන් බලපත්‍ර ගාස්තු ඉහළට….

හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර ගාස්තු ඉහළ දමා තිබේ.මීට පෙර රුපියල් 5,000 ක් ලෙස පැවති මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 10,000ක් දක්වා ඉහළ යනු ඇත ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ, එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ ගාස්තුවල කිසිදු වෙනසක් සිදු නොවන බවයි.

Local News
January 31, 2024
177 views 0 secs 0

උද්ධමනය ඉහලට……..

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව 2023 දෙසැම්බර් මස 4% ලෙස සටහන් වූ මෙරට උද්ධමනය, 2024 ජනවාරි මාසයේදී 6.4ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. මේ අතර, 2023 දෙසැම්බර් මාසයේදී 0.3%ක් ලෙස සඳහන් වූ ආහාර උද්ධමනය 2024 ජනවාරි මාසයේදී 3.3%ක් දක්වා ඉහළ ගොස් ඇත.

Local News
January 31, 2024
163 views 0 secs 0

හෙද සංගමය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ වර්ජනයට එක් නොවීමේ තීරණයක…

හෙට සංවිධානය කර ඇති සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ වර්ජනය සඳහා තම සංගමය එක් නොවන බව සමස්ත ලංකා හෙද සංගමය ප්‍රකාශ කර සිටියා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමි දැනුවත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සාමාජිකයින් මේ බව පැවසීය.ප්‍රකාශ කර සිටි අතර මෙම වැඩ වර්ජනය රජයේ කුමන්ත්‍රණයක් බැවින් ඉන් […]

Local News
January 31, 2024
189 views 0 secs 0

හෙට සෞඛ්‍ය අංශවල වැඩ වර්ජනයක්….

හෙට (01) දිනයේ සෞඛ්‍ය අංශයේ වැඩවර්ජනයක් දියත් කිරීමට නියමිතය. ඒ වෛද්‍යවරුන් සඳහා වැඩි කළ දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමිනි. වෛද්‍යවරුන් හැර සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති 72ක් හෙට පෙරවරු 6.30 සිට එලෙස වැඩවර්ජනයේ නිරතවීමට සැලසුම් කර තිබේන බවයි වාර්තා වන්නේ.

Local News
January 29, 2024
170 views 1 sec 0

තායිලන්ත අගමැති මෙරටට..

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරයුමකට අනුව තායිලන්ත අගමැති Srettha Thavisin මහතා දෙදින නිල සංචාරයක් සදහා එළඹෙන 3 වනදා මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ. 76වන නිදහස් දින සැමරුම් උත්සවයේ ආරාධිතයෙකු ලෙස ඔහු මෙරටට පැමිණෙන අතර මෙම සංචාරය අතරතුර ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සමග නිල සාකච්ඡවක් පැවැත්වීමට හා ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් […]

Local News
January 29, 2024
249 views 0 secs 0

නව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා දිවරුම් දෙයි..

ගරු ලොහාන් රත්වත්තේ මහතා වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන්නේය.