“ගාසා හී ළමා අරමුදල” පිහිටුවීමට කැබිනට් අනුමැතිය…
ගාසා තීරයේ ගැටමුවලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා “ගාසා හී ළමා අරමුදල ((Children of Gaza Fund))” පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව තිබේ. මෙමඟින් සියලුම අමාත්‍යාංශ සහ රජයේ ආයතන එක්ව මෙවර ඉෆ්තාර් සැමරුම් පැවැත්වීම සඳහා වෙන් කර තිබූ ප්‍රතිපාදන මෙම අරමුදලට ලබා දෙන ලෙස උපදෙස් ලබාදී ඇති […]
ඉදිරි සති දෙක තුල නාඩු, කැකුළු සහල් මිල පහතට….
අස්වනු නෙලීම ආරම් කිරීම සමඟ, ඉදිරි සති දෙක ඇතුළත නාඩු හා කැකුළු සහල් මිල අඩුවනු ඇතැයි වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, වී මිලදී ගැනීම පාලන මිල යටතේ පැවතියහොත් සහල් මිල ගණන් අඩුවනු ඇති බවයි. පාලන මිල යටතේ කීරි සම්බා අලෙවි කළ යුතු බවට මහපරිමාණ සහල්මෝල් හිමියන් දැනුවත් කර ඇතැයි […]
“උරුමය” සමඟ සම්බන්ධ වීමට ක්ෂණික ඇමතුම් අංකයක්…
උරුමය: සින්නක්කර ඉඩම් අයිතිය ලබා ගැනීම සඳහා 1908 යන ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ජනාධිපති කාර්යාලයේ, “උරුමය” ජාතික මෙහෙයුම් කාර්යාලය සමඟ සම්බන්ධ වීමෙන් ලියාපදිංචි විය හැකි අතර www.tinyurl.com/urumaya (ඩිජිටල් ඉල්ලුම් පත්‍රය) පෝරමය පිරවීම මඟින් ද අදාළ අවශ්‍යතාව ඉටු කිරීමට පහසුකම් සපයා තිබෙන බව ජනාඪ්Fහිපති මාධ්ය ඒකකය වාර්තා කර සිටියා.
ජාතික සම්මාන හා ගෞරව නාම අවභාවිතය නැවැත්වීමට කඩිනම් පියවර..
නිසි අවසරයකින් තොරව ජාතික සම්මාන සහ ගෞරව නාම ලබාදීමට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. සුදුසුකම් සහිත ශ්‍රී ලාංකිකයන් වෙත ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කරනු ලබන සම්මානවලට සමාන නාම යොදාගනිමින් විවිධ පුද්ගලයන් සහ සංවිධාන මගින් වැරදි ලෙස සම්මාන හා ගෞරව නාම ප්‍රදානය කරන අවස්ථා නිරීක්ෂණය වී ඇති […]
කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන් හා ජනපති අතර හමුවක්…
කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය පැවැත්වීම සඳහා අද (19) ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ශිෂ්‍යාවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට අවස්ථාවක් සැලසිණි. එහිදි එම ශිෂ්‍යාවන්ට අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන ශාලාවට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආරාධනා කළ ජනාධිපතිවරයා, එම ශිෂ්‍යාවන්ට අමාත්‍ය මණ්ඩලයේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධයක් ලබාදීමට කටයුතු කළේය.
