Local News
March 10, 2024
151 views 0 secs 0

රම්‍යා වනිගසේකර මහත්මියගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී හා ගුවන් විදුලි නිවේදිකා රම්‍යා වනිගසේකර මහත්මියගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වීය. එම මහත්මියගේ දේහය තැන්පත් කර ඇති බොරැල්ල පෞද්ගලික මල්ශාලාව වෙත අද (10) දහවල් පැමිණි ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් සහ සහෘද කලාකරුවන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

Local News
March 04, 2024
157 views 0 secs 0

ඉන්ධන මිල සංශෝධනයක්…

අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිළ ගනන් සංශෝධනය කර ඇත.සුපරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 458 කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලරුපියල් 9කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 447 ක් වේ. භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 05 කින් පහළ […]

Local News
March 04, 2024
182 views 0 secs 0

විදුලි ගාස්තු අඩුවෙන හැටි….

ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් සඳහා අයකරන ගාස්තුව 33.3% කින් එනම්, දැනට අය කරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8ක් දක්වා අඩුකරන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කර සිටියා. මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින්, අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම විදුලි බිල සංශෝධනය ක්‍රියාත්මක බව ප්‍රකාශ කර සිටියා. […]

Local News
March 04, 2024
155 views 1 sec 0

“What’s New” කතිකාවට එක් වූ ජනපති…

රට තුළ සිදු කළ යුතු නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් පසුගිය මාස 14ක කාලය තුළ නව නීති 42ක් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන තිබෙන බවත්, තවත් නීති 62 ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කඩිනමින් සම්මත කර ගැනීමට කටයුතු කළ යුතු බවත් තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ඊයේ (03) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “What’s New” කතිකාවට […]

Local News
March 01, 2024
157 views 0 secs 0

නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය සඳහා ජනාධිපති වර්ණ ප්‍රදානය කෙරේ..

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය සඳහා ජනාධිපති වර්ණ ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමල වරාය පරිශ්‍රයේ දී සිදු කෙරිණි. ඊට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාවේ බලඇණි සමාලෝචනය (PFRs) ද සිදු කෙරුණු අතර, එය ලොව පුරා නාවික හමුදාවන් සිය රාජ්‍යයේ ස්වෛරීත්වයට හෝ රාජ්‍ය නායකයාට ගෞරව පුද කිරීමේ ඓතිහාසික හා සම්ප්‍රදායික උත්සවයකි.

Local News
March 01, 2024
189 views 0 secs 0

“කඳුලක් පිස දමමු” ව්‍යාපෘතියට තායිලන්තයෙන් මූල්‍ය පරිත්‍යාගයක්…..

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේ සහ තායිලන්තයේ බෞද්ධ බැතිමතුන් පිරිසක් ඊයේ (29) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අතර එහිදි ඇමරිකානු ඩොලර් 50,000ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී. මෙම මූල්‍ය පරිත්‍යාගය ඉතා අසරණ තත්ත්වයේ පසුවන ජනතාව වෙත පිහිටවීම සඳහා ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත “කඳුලක් පිස දමමු” ව්‍යාපෘතියට යොදවන ලෙස ජනාධිපතිවරයා […]

Local News
February 28, 2024
176 views 0 secs 0

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය සංකේත වැඩවර්ජනයක…

වැටුප් විෂමතා ගැටලුව මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල අද (28) සහ හෙට (29) සංකේත වැඩවර්ජනයක නිරත වෙයි. පවතින ආර්ථික වාතාවරණය තුළ වැටුප් වැඩි කරන්නැයි ඉල්ලා, විශ්වවිද්‍යාල අධ්‍යන අනධ්‍යන සේවකයින් පසුගිය කාලයේ විවිධ වෘත්තිය ක්‍රියාමාර්ගයන්වල නිරත විය. කෙසේ වෙතත් පසුගියදා විශ්වවිද්‍යාල අධ්‍යන කාර්ය මණ්ඩලවලට පමණක් අධ්‍යන දීමනා වැඩි කිරීමට රජය පියවර ගත්තේ ය.

Local News
February 28, 2024
161 views 0 secs 0

ගාසා හි ළමා අරමුදලට කාගිල්ස් වෙතින් මුදල් පරිත්‍යාගයක්…

කාගිල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති රංජිත් පේජ් මහතා විසින් “ගාසා හි ළමා අරමුදල” සඳහා රුපියල් මිලියන 3ක මුදලක් පරිත්‍යාග කළ අතර ඊට අදාළ චෙක්පත මුදල් අමාත්‍යාංශයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම සිදුවිය.

Local News
February 28, 2024
165 views 0 secs 0

ආගම්වාදය සහ ජාතිවාදය බැහැර කළ යුතුයි – ජනපති

එකිනෙකට බැඳී පවතින ආගම්වාදය සහ ජාතිවාදය බැහැර කළ යුතු බවත්, ඓතිහාසික වශයෙන් ගැටුම්වලට තුඩු දුන් ජාතිවාදය මෙන්ම දේශපාලන හා ආගමික වාසි සඳහා යොදාගත් ආගම්වාදය පසෙකලා, සංහිඳියාව තුළින් සංවර්ධනයක් ඇති කිරීමට රජය කැපවී සිටින බවත් “සංහිඳියාව සඳහා ආගම්” යන තේමාව යටතේ ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ජාතික අන්තර් ආගමික සමුළුව අමතමින් ජනාධිපති […]

Local News
February 27, 2024
190 views 0 secs 0

රොනී ද මැල් අභාවප්‍රාප්ත වේ…

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රොනී ද මැල් අභාවප්‍රාප්ත වී තිබේ. මියයනවිට ඒ මහතා 99 හැවිරිදි වියේ පසු වූ ඔහු 1978 වර්ෂයේදී ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. මෙරට 11 වතාවක් අයවැය ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරයා ලෙසද රොනී ද මැල් මහතා ජනප්‍රියත්වය පත්වී සිටියා.