Local News
May 04, 2024
226 views 0 secs 0

“උරුමය” යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම ඇරඹේ….

මහවැලි ජනපදිකයන් වෙත “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක උත්සවය අද (04) පෙරවරුවේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් පියවර විප්ලවීය පියවරක් බවත්, ලොව කිසිදු රටක මෙතෙක් එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වී නොමැති බවත් සඳහන් කර සිටියා.

Local News
May 01, 2024
228 views 0 secs 0

රජයේ විධායක නිලධාරීන් හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයක….

වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් , හෙට (02) සහ අනිද්දා (03) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබේ. මෙයට සමගාමීව හෙට දිනයේ කොළඹ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වෙන බව එම සංගමය පවසයි. රජයේ දීපව්‍යාප්ත සේවාවලට සහ සමාන්තර දෙපාර්තමේන්තු ගත […]

Local News
May 01, 2024
245 views 0 secs 0

ඉන්ධන මිල පහල ගියාට බස් ගාස්තු අඩු කරන්න බෑ – බස් හිමියන්…

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේන අතර ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තු අඩුවීමක් කළ නොහැකි බව බස් හිමියන් ප්‍රකාශ කර සිටියා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, එවැනි අඩු කිරීමක් කළ හැක්කේ ජූලි මාසයේදී […]

Local News
May 01, 2024
221 views 0 secs 0

වතු සේවකයින්ගේ දෛනික වැටුප ඉහලට…

වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 1700කට වැඩිකර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියා. කොටගල පැවති කම්කරු දින සැමරුම් උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර අතර ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්,

Local News
April 29, 2024
238 views 0 secs 0

කෘෂි නවීකරණ වැඩසටහන යටතේ කුරුඳු වගාව නැවත රට තුළ ව්‍යාප්ත කිරීමට සැලසුම්…

ප්‍රධාන අපනයන භෝගයක් වන කුරුඳු වගාව යළි නගා සිටුවීම කෙරෙහි අවධානය යොමු කරමින් කෘෂිකාර්මික ප්‍රගතිය තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය දක්වන කැපවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. “ඪිල්මහ් Cඉන්නමොන්” සන්නාමය එළිදැක්වීමේ උත්සවයට ඊයේ (28) කොළඹ ගාලු මුවදොර හෝටලයේදී එක්වෙමින් ඔහු කෘෂිකාර්මික නවීකරණයට සහ ආර්තික ප්‍රගතියට කැපවී සිටින බව යළිත් අවධාරණය කළේය.

Local News
April 29, 2024
239 views 0 secs 0

නිල සංචාරක කලාප ලෙස නව සංචාරක ගමනාන්ත 49ක්…

සංචාරක ව්‍යාපාරය නංවාලීමේ අරමුණින් නව සංචාරක ගමනාන්ත 49ක් නිල සංචාරක කලාප ලෙස නම් කිරීමට සැලසුම් කර ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය නිවේදනය කළාය. මෙම ස්ථාන මාසයක් ඇතුළත ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර මීට අමතරව, සංචාරක ක්ෂේත්‍රයේ වංචා සහ දූෂණ වැළැක්වීම සහ අධීක්ෂණය කිරීම සඳහා අවධානය යොමු කරන කමිටුවක් පිහිටුවීමට සැලසුම් […]

Local News
April 22, 2024
242 views 0 secs 0

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි…

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අද (22) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට චන්ද්‍රසිරි බණ්ඩාර මහතා 63 වන වියේ පසු වූ අතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ.

Local News
April 17, 2024
282 views 0 secs 0

දමිතා යළි තවදුරටත් බන්ධනාගාරගත කෙරේ…

දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අද (17) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, මේ මස 24 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත තිබුණා.

Local News
April 17, 2024
243 views 0 secs 0

අපොස සා පෙළ සිසුන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම එළඹෙන සතියේ සිට…

ලබන සතියේ සිට මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා. ඒ අනුව පාසල් අයැදුම්කරුවන්ට විදුහල්පතිවරුන් මාර්ගයෙන් විභාග ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි අතර පෞද්ගලික අයැදුම්කරුවන්ට තැපැල් මගින් විභාග ප්‍රවේශපත් යොමු කෙරෙනු ඇති. සාමාන්‍ය පෙළ විභාගය ලබන 6 වැනි […]

Local News
April 11, 2024
267 views 0 secs 0

අවුරුදු සමයේ අඛණ්ඩ ඉන්ධන සැපයුමක්…

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඉන්ධන ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග ආනයනය කර ප්‍රධාන පර්යන්ත හරහා ගබඩාවල ප්‍රමාණවත් සංචිත පවත්වාගෙන යාමට පියවර ගෙන ඇති අතර ඉන්ධන තොග පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සියලු ඉන්ධනහල් හිමියන් දැනුවත් […]